මැටි ආශ්රිත නිෂ්පාදකයෙක් පැය කිහිපයක් පුරා දෙනෝ දාහක් බලා සිටිය දී උපන් ඇඳුමෙන් මැටි පදම් කිරීමේ පුවතක් වයඹ ප්‍රසිද්ධ මැටි ආශ්‍රීත කර්මාන්ත ගම්මානයකින් වාර්තා විය.
වයඹ ප්‍රසිද්ධ මැටි කර්මාන්ත ගම්මානයක පදිංචි මැදි වියේ මැටි භාණ්ඩ නිෂ්පාදකවරයෙකි. කම්මැලිකම නොහඳුනන්නකු වන මොහු දවස පුරා වෙහෙසෙමින් මැටි කැපීම, පදම් කිරීම, නිෂ්පාදන ආදිය තමන් විසින්ම සිදු කරයි.
දවස පුරා මැටි සමඟ ගත කරන නිසා වැඩපල කරන අතරතුර තමන් විසින්ම සකසා ගත් මධුපැන් පොදකින් විටින් විට සන්තර්පණය වීම ඔහුගේ සිරිතය. ඉන්පසු ඔහු අහල පහල හැමෝම සමඟ විහිළු තහළු කරමින් තම කර්මාන්තයේ නියැලෙයි.
එදත් උදේම සුපුරුදු පරිදි අමුඩයෙන් සැරසුණු ඔහු හිසට පමණක් ලේන්සුවකින් සුම්බරයක් බැඳ නිවස ඉදිරිපිටට වී කලින් දිනයේ කැපූ මැටි තොගයක් පදම් කිරීම ඇරැඹීය.
වතුර භාජනයක් ළඟ තබාගත් ඔහු එයින් දෑත් තෙමාගෙන ගොඩ ගසා ඇති මැටි ගොඩෙන් ලොකු ගුලියක් කඩා එය පද්දා අසල ක්‍රියාත්මක වන මැටි පදම් කිරීමේ යන්ත්‍රයට විසි කරයි.
ටික වේලාවක් මෙසේ කරන විට ඔහුගේ මුලු ගතම මඩ වලින් නැහැවිණි. ඒ අතරතුර නිවස පිටුපසට යන ඔහු මල්පැනි වඩියක් ද පානය කරයි. ටිකෙන් ටික මධු මත වැඩි විය. එයට සමගාමීව වැඩද ඉක්මන් විය.
ඒ අතර ඔහු අසලින් ගමන් කරන කාන්තාවන් සිනහසෙමින් ලැජ්ජාවෙන් අහක බලාගන යන්නට පටන් ගත් නමුත් ඒ ගැන ඔහුට කිසිදු නිනව්වක් නොවීය. ඔහු තමා අසලින් යන සියලු දෙනාට කුමක් හෝ විහිළුවක් ද කරන්නේ වෙනදා පුරුද්දටය.
පැය කිහිපයක් එක හුස්මට වැඩ කළ ඔහු කෙටි විවේකයක් ගත්තේ බීඩියක් බීමටය. පෙරදී මිල දී ගත් බීඩි මිටිය අවසන් බව දුටු ඔහු නිවස ඉදිරිපිට ප්‍රධාන මාර්ගය පැන එහා පැත්තේ කඩයට ගියේය.
කඩයේ සිටි කාන්තාව ද වෙනදා නැති නෝක්කඩුවකින් ඔහු දෙස බැලුවාය. කිසිත් නොදන්නා ඔහු “මොකෑ බං ඔරවන්නේ” යැයි ඇගෙන් ඇසුවේය. පිළිතුරු නොදුන් ඇය වාඩි වී සිටි කැෂියර් පුටුව දඩාස් ගා පිටුපසට විසිකොට නිවස තුළට ගියාය.
කිසිවක් සිතාගත නොහැකිව බලා සිටිද්දී ඔහු ඉදිරියට ආවේ කඩේ කාන්තාවගේ ස්වාමිපුරුෂයාය. “මෙහාට වරෙං බං” කියා ඔහුගේ අතකින් ඇදගෙන කඩය පිටුපසට ගිය කඩ හිමියා අසල රෙදි වැළක තිබූ තුවායක් ගෙන ඔහුට ඇන්දවීය.
එවිට ඔහුට කාරණය වැටහිනි. ඔහු සිටින්නේ උපන් ඇඳුමෙනි. මඩ පෙරාගෙන එක දිගට වැඩ කරන අතරතුර ඔහුගේ අමුඩය ගැලවී ඇත. සමහර විට එය මැටි ගුලියක් සමඟ අත ඔසවද්දී අතෙහි පැටලී ගැලවෙන්නට ඇත. ගැලවුණ අමුඩ ලේන්සුව මැටි ගුලියත් සමඟ පද්දා මැටි පදම් කරන යන්ත්‍රයට දමන්නට ඇත. මැටි වතුරෙන් නැහැවී සිටීම හා මත් වතුරෙන් සප්පායම් වී සිටීම යන කාරණා දෙකම නිසා ඔහුට අමුඩය නැති අඩුව නොදැනිණි.
කෙසේ නමුත් පැය කිහිපයක් තිස්සේ ඔහු මැටි පදම් කර ඇත්තේ හිසට සුම්බරයක් බැඳ අමු නිර්වස්ත්රයෙනි. මෙම සිද්ධිය අසුරු සැණින් ගම පුරා පැතිරිණි. එදායින් පසුව වසර ගණනක් තිස්සේ නිවස ඉදිරිපිට සිදුකළ මැටි පදම් කිරීම නිවස පිටුපස කිසිවෙකුට නොපෙනෙන ස්ථානයට ගෙන යාමට ඔහු පියවර ගත්තේය. ඒ ඔහු දකින හැමෝම “මැටි ඇනුවෙ නැද්ද” කියා අසන්නට වූ බැවිනි.
ඉබ්බාගමුව - සම්පත් සෙනවිරත්න
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පදම වැඩිවී මැටි අනන්නා උපන් ඇඳුමෙන්