හිඟුරානේ නවරත්න සමරතුංග
ආගන්තුක මඟුල් කපුවකු කතුන් දෙදෙනකුට වැඳගෙන ගීත ගායනා කළ සිද්ධියක් දිගාමඩුල්ලේ ගමකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
එම නිවෙසට පිවිසෙන කඩුල්ලෙන් ඇතුළු වූ ඔහු ඒ අසල රෙදි වැලේ වනා තිබුණ කාන්තා ඇඳුම් සියල්ල නිරීක්ෂණය කරමින් නිවෙස වෙත පැමිණ ඇත.
ඒ වන විට නිවැසි කාන්තාව සහ අසල්වැසි කාන්තාවක් ගෙමිදුලේ අඹ ගසක් යට පුටු දෙකක වාඩිවී ඔහු කෙරෙහි අවධානයෙන් යුතුව බලා සිටියහ.
අත් දිග බැනියමක් සහ සරමක් හැඳ සිටි ඔහු අත් ඔරලෝසුවක් ද පැළඳ සිටියේය. පැමිණි ආගන්තුකයා කතුන් දෙදෙනා ළඟට විත් එක් වරම මේ ගෙදර කෙල්ලො ඉන්නවාදැයි තරමක් සැරෙන් ප්‍රශ්න කරන්නට විය.
එවිට වැඩිහිටි කාන්තාවෝ දෙදෙනා මුහුණෙන් මුහුණ බලා ඇයි මොකටදැයි ප්‍රශ්න කළහ.
එහිදී නාඳුනන පුද්ගලයා තමා මඟුල් කපු මහතකු බව හඳුන්වා දෙමින් ඒ අසල තිබුණ පුටුවක ආරාධනයකින් තොරවම වාඩි විය. මට බොන්න වතුර එකක් දෙන්නැයි ඉල්ලා සිටි බැවින් එය රැගෙන ඒමට ගෙහිමි කත ගෙතුළට ගියාය.
මෙහිදී එතැන සිටි අනෙක් කාන්තාව ඇමතූ මඟුල් කපුවා ඔහේගේ වයස කීයදැයි ඇසුවේය.
එවිට එම කාන්තාව ඇයි මටත් කටයුත්තක් කරලා දෙන්නදැයි නුරුස්නා සරින් පැවසුවාය.
‘ඔව් ඉතින් ඔහෙත් තවම ගිනි කිකිළි වගේ මේ ඉන්නේ’ යැයි ඔහු කීවේ ඇසක් ද ඉඟි මරමිනි.
මේ අතර ගෙහිමි කාන්තාව වතුර වීදුරුවක් ගෙනැවිත් ඔහුට පිළි ගැන්නුවාය.
එම වතුර වීදුරුව අතට ගත් සැණින් ඔහු එක් වරම බොන්නට වූයෙන් ‘ඕග් ගා’ ඔක්කාර කරමින් ‘මොනවද මේ වතුර වීදුරුවට දැම්මේ’ යැයි කේන්ති ගොස් උස් හඬින් පවසා එතැනම කෙළ ගසන්නට විය.
‘අපෝයි මේ වගේ නාඩගමක් වැඩි හොඳේට ඕකට අයිස් කැටයක් දැම්මා’ යැයි එවිට කාන්තාව පැවසුවාය.
‘මට ඕක කලින් කියන්න තිබුණා. හා.. ඒකට කමක් නෑ.. දීග දෙන්න බැරිව ගෙදරට නාකිවෙන කෙල්ලො වුණත් කමක් නෑ. මොකකුට හරි ජෝඩු කරන්න පුළුවන්’ කී ඔහු වයස අවුරුදු පනහක පමණ පුද්ගලයෙකුගේ ඡායාරූපයක් පෙන්වමින් පංපෝරි ගසන්නට විය.
එවිට ගෙහිමි කතගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියේය.
‘මම මෙච්චරවෙලා ඉවසුවා. කපුකම් කරන්න කලින් වැදගත් විදියට මිනිසුන්ට කතා කරන්න ඉගෙන ගන්නවා. තමුසේ බීලා නේද ඉන්නේ මෙහේ කෙල්ලො නෑ දැන් ඉතින් යනවා.’ යැයි ගෙහිමි කත කීවාය.
එවිට ‘හරි මං බලා ගන්නම්’ කී මඟුල් කපුවා එලවා දැමීමට කාන්තාව ඉදලක් අතට ගත් සැණින් ඔහු දුවගොස් කඩුල්ල පනින විට බිම ඇද වැටුණේය.
කතුන් දෙදෙනා වහා එතැනට ගොස් ඔහු නැගිට වීමට තැත්කර ඇති අතර බිම වාඩි වූ කපුවා දෑත් එකතු කරමින් වැඳ ‘වරදක් වුණා නම් සිතකින් නොවේ’ යනුවෙන් ජනප්‍රිය ගීතයක පද පෙළක් ගායනා කරන්නට වූයෙන් කතුන් දෙදෙනා සිනා නතර කරගෙන ආපසු හැරී ආහ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මගුල් කපුවා කතුන් දෙදෙනකුට වැඳගෙන සිංදු කියලා
ganegoda Monday, 26 September 2022 11:42 AM
මේ කතාවෙන් හොඳ විනෝද සමයක් පටිගත කරන්නකෝ...!