X Advertisement
IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


සද්ගුණවත් පරිත්‍යාගශීලියා පොලිසිය අන්දා හිඟන්නනුත් විකුණලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
මහා කාරුණිකයකු යැයි පොලීසිය ද නොමග යවා නගරයේ යාචකයන්ගේ නාමයෙන් බඩ වඩා ගැනීමට ගොස් මාට්ටුවී මඩ කප්පරක් නාගත් අයෙකු පිළිබදව ගාලු‍ දිසාවේ ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.


හේ නගරයේ ආපනශාලාවක් පවත්වාගෙන ගියේය. පසු ගිය සමයේ නගරවාසීන්ට නරක කාලයක්  උදාවූයේ නගරයේ යාචකයන් ද දැඩි අසීරුතාවට පත්වෙමිනි.


මේ සමගම ආපනශාලා හිමියෙක් යාචකයන්ට කෑම තමාගේ වියදමින් දීමට ඉදිරිපත්විය. ඒ ආගමට දහමට ලැදි පොලිස් නිලධාරීන් ද එකතු කොට ගෙනය. හුදෙක්ම කාගෙන්වත් සතපහක්වත් සම්මාදම් කර නොගෙන තමා මේ සත් කාරය සඳහා එකතු වූ බව පවසමින් ඔහු නගරයේ යාචකයන්ට කෑම පාර්සල් දුන්නේය.


තමා යාචකයන්ට කෑම දෙන අයුරු ඔහු ඡායාරූප ගත්තේය. පොලිස් නිලධාරීන් සිතූවේ ඔහු එම ඡායාරූප ගනුයේ  සිහිවටන ලෙස තබා ගැනීමට යන්නය. ඒ නිසා ඊට කාගෙන්වත් බාධාවක් එල්ල නොවීය. කෑම පාර්සල් ලැබූ යාචකයන් ද මේ සද්ගුණවත් මිනිසා අතින් කෑම පාර්සලයක් ගන්නා අයුරු ඡායාරූප ගැනීම සඳහා ඊට එක් වූයේ දැඩි ආශාවකිනි. දැඩි කැමැත්තෙනි.


යාචකයන්ට කෑම දෙන අයුරු සෑම දිනම ඡායාරූප ගැනීම ගැන ටිකෙන් ටික පොලීසියට ප්‍රශ්නයක් විය. ඒ නිසාම සොයා බැලීමේ දී හෙළිවී ඇත්තේ මේ මහා කාරුණිකයා මේ ඡායාරූප විදෙස් රටවල සිටින හිතවතුන්ට යවා මුදල් ආකරයක් මවා ගනිමින් සිටින බවය.


වැඩේ පොලීසියට මාට්ටුවිය. යාචකයන්ගේ නම විකුණා කරන ක්‍රියාව වහාම නතර කරන ලෙස ඔහුට දැන්වීය. දැන් ඔහුට හුළංය. දැන් ඔහු සිටිනුයේ අනෙක් අයට මඩ ගසමින්ලු‍.



අදහස් (1)

සද්ගුණවත් පරිත්‍යාගශීලියා පොලිසිය අන්දා හිඟන්නනුත් විකුණලා

vernon Tuesday, 27 September 2022 12:05 PM

කඩහිමියා කෑම නොමිලේ දුන්නේ තමන්ගේ වියදමින් නම් ඒක ප්‍රචාරය කරලා විදෙස් පරිත්‍යාග ශීලීන්ගෙන් ආධාර ඉල්ලීමේ වරද මොකක්ද? දැන් වුනේ ආධාරත් නෑ, දානෙත් නැවතුණා.

:       0       3

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site