X Advertisement
IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


’එකට කොට’ බෙහෙත හොයා රටක් පීරලා

මොරගොල්ලාගම සිසිර කැලේගම
බෙහෙත් ඖෂධයක නම නොදැන තුවාලය ඔඩු දුවන තුරා රෝගියාට වෙදකම් කිරීමට නොහැකි වූ පුවතක් මොරගොල්ලාගම ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.


නිවසේ පසු වූ තරුණ පුතා හදිසි අනතුරකට ලක්ව රෝහල් ගත කෙරුණි.


කැඩුම් බිඳුම් වාට්ටුවට ඇතුළත් කර සිටි රෝගියා එහි ප්‍රතිකාර ලබමින් සිටියේය.


එහෙත් පවුලේ අයට දේශීය වෙදකමකට අනුව වෙදකම් කිරීමට අවැසිව තිබුණි.


මේ නිසා බටහිර වෙදකමට විරුද්ධ බව පවසා සිය කැමැත්තෙන්ම රෝගියා රෝහලෙන් නිවසට රැගෙන ගියේ කැඩුම් බිඳුම් වෙද මහතෙකුගේ උපදෙස් මතය.


එලෙස ගෙන ගිය රෝගියා වහාම වෙද මහතා වෙතට රැගෙන ගියේය.


රෝගියා පරික්ෂා කළ වෙද මහතා අවැසි බෙහෙත් වට්ටෝරුව දුන්නේය.


ගෙදර ගොස් බෙහෙත් ඖෂධ සොයා වේල් කිහිපයක් පත්තු බඳින ලෙසටත් උපදෙස් දුන්නේය.


ඖෂධ ගැන මනා දැනුමක් ඇති අවට ගමක සගයකු සොයා පියා ගියේය.


නව හන්දි, අං කෙන්ද, හාතාවාරිය, බැළ තණ, බෝ පොතු, කොට කිඹුලා, එකට කොටා වංඩුවේ බැඳ පත්තු බඳින ලෙසට දී තිබුණු බෙහෙත් වට්ටෝරුවේ ලියා තිබුණි. ඒ බෙහෙත් සොයා ගිය දෙදෙනා සියල්ල සොයා ගත් නමුත් එක බෙහෙතක් සොයා ගැනීමට  නොහැකි විය.


ඒ බෙහෙත තමා අඳුනන බව සඟයා ද කීය. ‘ඒක මේ පැත්තේ නෑ. මාතලේ ඉසව්වේ තමයි තිබෙන්නේ.’ ඒ අනුව එම බෙහෙත සොයන්නට දෙදෙනා කුලී ත්‍රී රෝද රථයක් ගෙන  මාතලේ සීමාවට යාමට නික්මුණාහ.


මේ අතර වෙද මහතා නිවසට පැමිණියේය.


රෝගියා ඇඳ මත දැඩි අපහසුවෙන් පසුවන නමුත් කිසිදු වෙදකමක් ඒ දක්වා කර තිබුණේ නැත.


ඒ ඇයි දැයි වෙදමහතා ඇසීය.


නිවසේ රෝගි දරුවාගේ මව, වෙද මහතා අමතන්නට වූවාය.


“අනේ වෙද මහත්තයෝ, ඔක්කොම බෙහෙත් ටික හෙව්වා.


“ඒත් එකට කොටා” හොයා ගන්න බැරිව අපේ මනුස්සයා අල්ලපු ගමේ සඟයත් එක්ක මාතලේ ඉසව්වට ගියා.”


කොක් හඬලා සිනාසුණු වෙද මහතා, ‘යකෝ “එකට කොටා” කියන්නේ බෙහෙත් වර්ගයක් නෙමෙයි. සියල්ල එකට දමා කොටනවාට’ යැයි කීවේය.


සිද්ධිය තේරුම් ගත් හාමිනේ මාතලේ ඉසව්වට ගිය සැමියා අමතා ඒ බව කීවාය.


දැනමුතුකම් දෙන්න ගිය සගයාට බැන බැන දෙදෙනා කුලී රථයට මුදල ගෙවා ආපසු පැමිණියහ.


ඒ වනවිටත් රෝගියාගේ කැඩුණු තුවාලයේ තත්ත්වය ඔඩු දුවා ඇති බව වටහා ගත් වෙද මහතා රෝගියාට වෙනත් බෙහෙත් වර්ගයක් නම් කොට එම බෙහෙත ඔහුම  එකට කොටා බැඳීමට පියවර ගත් අතර ඖෂධය දන්නා බවට රැගෙන ගිය සගයාට දැන් දැන් ගමේ “එකට කොටා” කියමින් නමකුත් පට බැඳිලා ලු.

 



අදහස් (0)

’එකට කොට’ බෙහෙත හොයා රටක් පීරලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site