(සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා)
යූ ටියුබ් එකේ දර්ශණ නරඹමින් හමුදා ස්නයිපර් තුවක්කුකරුවන් භාවිතා කරන ගිනි අවියකට සමාන අඩි හතරකට ආසන්න දිගකින් යුත් ගිනි අවියක් නිපදවන ලද පුද්ගලයකු අද (30) අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව , තල්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු බව පොලිසිය කීය.
සැකකරු කලක් මත්කුඩු පානයට ඇබ්බැහිව සිට පුනරුත්ථාපනය වී පැමිණ සිටීන පුද්ගලයකු බවද සදහන් වේ.
ඉවතලන ප්ලාස්ටික් කොටස්, සුදුයකඩ කොටස්, ස්ප්‍රීන් , යකඩ සහ ඇලුමිනියම් බට ගිනි අවිය නිපදවීම සදහා උපයෝගී කරගෙන ඇති බවත් ප්ලාස්ටික් සහ වීදුරු කාච යොදා දුර දක්නයක්ද සවිකර තිබූ බවද පොලිසිය පවසයි .
ගිනි අවිය සදහා කුඩා යකඩ බෝල උපයෝගී කරගෙන බළලුන්,සුනකයින් සහ ඉගිලෙන කුරුල්ලන්ට වෙඩිතබා ඇති බවත්, වෙඩි ප්‍රහාර වලට ලක්වූ සතුන් එම ස්ථාන වලම ඇදවැටී මරණයට පත්ව ඇති බවට සැකකරු ප්‍රකාශ ලබාදී ඇති බවත් වැටලීමට එක්වූ නිලධාරීයෙක් කීය.
යකඩ බෝලවලට වඩා වැඩි බලයක් ලබාගැනීම සදහා වෙනත් අත්හදා බැලීමකට කොටස්වලට ගලවා තිබියදී ගිනි අවිය සොයාගෙන සැකකරු අත්අඩංගුවට ගත්බවද පොලිසිය කීය.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අන්තර් ජාලය බලා ගිනි අවියක් නිපදවලා
නිහාල් Wednesday, 30 November 2022 03:57 PM
පලායන වෑන් එක වෙනුවට බස් එකක් ඉලක්ක කරන පොලිසියේ අය එක්ක බලද්දී මේ නම් වැඩ කාරයෙක්...
fairoos Wednesday, 30 November 2022 04:07 PM
නියම වැඩ්ඩෙක්... මේ අය හරි විදිහට පාවිච්චි කළොත් රටම ගොඩ...!
suhathWednesday, 30 November 2022 05:48 PM
ඔය කිව්වේ ගොන් කතාවක්....
Dasa PWednesday, 30 November 2022 06:14 PM
ඔයාට කැටපෝලයක්වත් හදන්න පුළුවන්ද?
gundaWednesday, 30 November 2022 06:32 PM
ගොන් කතාවක් නෙවෙයි සුහත්. මිනිහා පුනුරුත්තාපනය වුණු කෙනෙක්. ඔහු දැන් යම් යම් නිර්මාණ අත්හදා බලනවා. මේ නිර්මාණයත් බොහෝ දුරට සාර්ථකයි. මෙයාගේ දක්ෂතාවය නිවැරදිව ආයෝජනය කළොත් රටට ඒයින් මොන තරම් වටිනාකම් ලබාගත හැකිද? කල්පනා කරන්න ඒවැනි නිර්මාණකරුවන්ට බොරුවට ගහන්න ඒපා.
sugathWednesday, 30 November 2022 06:44 PM
Dasa P දැන් ඔය තුවක්කුව මිනිහෙකුට වෙඩි තියන තරමට "දියණු" කරා නම්, මේ මිනිහා ඉහලම ගනයේ "වැඩ්ඩෙක්" නේද?
BamunuarachchiWednesday, 30 November 2022 08:15 PM
හරි විදිහට පාවිච්චි කලොත් 9.5% 2%ට බස්සගන්න අපිට පුළුවන් වේවි.
ලංකාපුත්‍ර Thursday, 01 December 2022 06:28 AM
එහෙම කලාම කොමිස් කුට්ටි ගන්නෙ පිටරටින් බඩුගෙනවිත් රේගු ආදායම් ලබන්නෙ කොහොමද යකෝ මෙතරම් දක්ෂයින් සිටින රටක් නැත්තටම නැතිවෙන්නෙ මේරටේ තියෙන මෙහෙම වැඩ නිසා තමයි මෝඩ පාලකයන්ට තේරුම් ගන්න බැහැ මෙහෙම දක්ෂයින් රජයේ හෝ හමුදා සේවයේ යොදවා රටට සේවයක් කරන්න ඉස්සර ලෝකයේ මුලින්ම අත් ට්‍රැක්ටරය නිපදවූ අපි එයට අනුමැතිය දුන්නෙ නැහැ දැන් ඒවා රටින්ම ගේනවා තවත් කොපමණ එහෙම දේවල් ඇද්ද. මෙහෙම තීරණ ගන්න කාළකණ්නි දේශපාලුවො සිටින තුරු ලංකාවට ගොඩඒමක් නම් නැහැ
SniperThursday, 01 December 2022 07:53 AM
උඹ වගේ ගොනෙක් ඔය කිවුවේ කතාවක් .යූ ටියුබ් බලලා කරපියකෝ රටට සෙතක් වෙන දෙයක් .කුරුල්ලෝ බල්ලෝ පූසෝ මරන්නේ වැඩ කාරයෝද හරකෝ
amith Wednesday, 30 November 2022 06:43 PM
වැඩ කාරයෙක්. දැන් ඉතින් මෝඩයෝ ටික ඒකතුවෙලා ඔහුව හිරේ දමයි.
samanWednesday, 30 November 2022 08:33 PM
අපරාධකාරයෙක්....!
අබිලින් Thursday, 01 December 2022 06:32 AM
අපරාධ කාරයෙක් නොවෙයි දක්ෂ ඉංජිනේරුවෙක් කියපං සමන්
chandima Wednesday, 30 November 2022 07:34 PM
කාලයක් මත්කුඩු ගත්තාට පුනරුත්ථාපනය කළානම් පෙර කළ වැරැදි කියලා වැඩක් නැහැනේ..? මෙයාට ණයක් දීලා වගේ දිගටම කරගෙන යන්න දුන්නා නම් පිටරට යවලා ආදායමක් හොයාගන්නත් තිබුණා.
kamalWednesday, 30 November 2022 09:11 PM
මේ වගේ මිනිහෙක් පිටරට ගියා නම් යන්ට වෙන්නේ හිරේ.
Bamunuarachchi Wednesday, 30 November 2022 08:13 PM
මොන වැරැද්දකට පොලිස්සියට ගෙනාවත් එක්කෝ ඒ මිනිහ ගාව කුඩු තිබුනා, නැතිනම් අත්බෝම්බයක් තිබුනා, නැතිනම් මිනිහා මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙච්ච කෙනෙක්. පොලිසියේ චෝදනා අධිකරණයත් බොහොම ඉහලින් පිලිගන්නවා. මෙහෙව් රටක මිනිස්සු රටහරයාම පුදුම නැහැ. අපි මෙරටට සතපහක් එවන්නේ නැත.
lankasri Thursday, 01 December 2022 03:32 AM
මොන වැඩ්ඩෙක් උනත් මුලු රටම බන්කොලොත් කරපු වැඩ්ඩන්ට නම් ගහන්න බැහැ.
Saman Thursday, 01 December 2022 07:32 AM
එයා රයිෆල් ගිනි අවි කියල අත්අඩංගුවට ගන්න පොලිස් මෝඩයොයි යු ටියුබ් බලල පොඩි එකෙට වුනත් හදන්න පුලුවන් එකක් හදපුවම මාර වැඩ්ඩෙක් කියල කමෙන්ට් දාන මෝඩයොයි බලද්දි මේ රට බංකොලොත් වුනේ ඇයි කියල හිතා ගන්න පුලුවන්.
උපන් රටේ හෙටක් නැති එකෙක් Thursday, 01 December 2022 09:34 AM
ඇත්තටම මේ පාලක හැතිකරේට මුත්‍රාපිටවෙන වැඩක් දෙන්නම ඕනෙ.. කැටපෝල හරි කමක් නෑ.. හදපල්ලා..
මංගල ranasinghe Thursday, 01 December 2022 11:02 AM
ලංකාව මොන තරම් බූරුවො ඉන්න රටක්ද කියල හිතාගන්න බෑ. මේ මනුස්සයා අන්තර්ජාලය බලලා අලූත් නිෂ්පාදනයක් කරලා තියෙන්නේ. මම ඉන්න කැනඩාවේ මිනිහෙක් ඔය වගේ වැඩක් කරොත් ඒ මිනිහට පදක්කං සම්මාන ලබා දීලා ඒ වගේ පර්යේෂණ කිරීම සඳහා යොමු කරනවා. ඔහුගේ හැකියාව මිලදී ගන්න හැම ආයතනයක්ම උනන්දු වෙනවා. අපේ රටේ කිසිම අලුත් දෙයක් හදන්න හැකියාවක් නැත්තේ වගේ හරක් වැඩ නිසා. අලුත් ගෙයක් හැදුවොත් ඒ යකාව හිරේ දාන්නෙ කොහොමද කියල තමා බලන්නේ.. ලංකාවට කවදා හරි යයිද ? මහේස්ත්‍රාත්තුමා ට මොළයක් තිබ්බොත් අඩුම ගණනේ පොලිස් කාරයාට දඩයක් වත් ගහයි.
WDL GUNATHILAKE. Thursday, 01 December 2022 12:45 PM
මේ තමයි අපෙ රටට බිහිවෙන සුපිරි මොල. වැඩ ගන්න එකා රටෙ පාලකයන්ට බරයි. අවාසනාවකට අපෙ ඇය ඝෙන ඩන්නවනෙ. =මෙ පලවෙනි වාව නෙවේ නෙ?