IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


ඉර එළිය නොඅඩුව ලැබුණත් විටමින් -D ඌණතාවෙන් පෙළෙන්නේ ඇයි?

අපේ රට, මුළු වසර පුරාවටම හොඳින් හිරු එළිය ලැබෙන සමකයට ආසන්නව පිහිටි රටකි. කුඩා කාලේ සිටම අපි ඉගෙන ගත් විද්‍යාත්මක කරුණුවලට අනුව උදෑසන කාලයේදී සූර්යාලෝකයට නිරාවරණය වීමේදී සමෙහි විටමින් D නිපදවෙන බව අපි දනිමු.

තත්ත්වය එයාකාර වුවද සමීක්ෂණ වාර්තාවකට  අනුව ලංකාවේ නාගරික ජනගහණයෙන් සෑම තුන් දෙනෙකුගෙන්ම එක් අයෙකු (31%) විටමින් D ඌණතාවයෙන් පෙළෙන අතර මුළු ජනගහනයෙන්  අඩකටත් වඩා පිරිසකගේ (59%)    ශරීරයේ විටමින් D මට්ටම ප්‍රමාණවත් නොවන බවද හෙළිවී ඇත.

හිරු එළිය නොඅඩුව ලැබිලත් රටේ ජනගහනයෙන් සෑම තුන්දෙනෙකුගෙන් අයෙක්ට විටමින්-D ඌනතාව යැයි පැවසීමම විමතියට කරුණක් වනු ඇත. දකුණු පළාතේ කාන්තාවන් කේන්ද්‍රය කර ගනිමින් සිදුකළ සමික්ෂණයකින්ද මීට සමානප්‍රතිඵල ලද අතර අඩකට වඩා වැඩි පිරිසකගේ (56%) විටමින් D මට්ටම ප්‍රමාණවත් ෙනාවන බවට තහවුරුව ඇත.     

විටමින් D වැදගත් ඇයි?

ආසාදනවලින් ආරක්ෂා කොට ප්‍රතිශක්තිය උපරිම මට්ටමෙන් පවත්වාගැනීමට උපකාරීෙව්.

ශ්වසන රෝග වළක්වාලයි.

අස්ථිවල ශක්තිමත්භාවය සඳහා අත්‍යාවශ්‍ය වේ.

 මාංශ පේශිවල මෙන්ම මොළයේ ක්‍රියාකාරීත්වයට වැදගත් ය.මෙයාකාරයෙන් සෞඛ්‍ය  සම්පන්න ක්‍රියාශීලී ජිවිතයක් පවත්වා ගැනුමට ඉතා වැදගත්වන පෝෂකයක් මෙලෙස ඌණ වීම අපට සුළු කොට තැකිය නොහැකිය.

  හිරු එළිය වැටෙන එළිමහනේ වැඩිපුර කාලයක් ගත කරන සක්‍රීය  ජීවිතයකට හුරු වී සිටි අපේ මුතුන්මිත්තන් ගතකළ ජීවන රටාව වෙනස් වෙමින් වැඩි වැඩියෙන් සංවෘත භූමිවල රැඳී සිටින්නට අප හුරු වී සිටීම මෙයට එක් හේතුවකි.

විටමින් D ඇතුළත් ආහාර

සාලයා, සූඩයා, හුරුල්ලන්, බෝල්ලු වැනි තෙල් සහිත මත්ස්‍යයන්, බිත්තර කහමදය, රතු මස්, සත්ව අක්මාව (පීකුදු ) මෙන්ම සහ පිටතින් විටමින් එක් කරන ලද ආහාර වර්ගවල විටමින් D අඩංගු වේ.

එහෙත් අවශ්‍යතට සරිලන තරම් ප්‍රමාණයක් අප අතරින් බොහෝ දෙනකුට එදිනෙදා ආහාර රටාව තුළින් නොලැබී යයි. එම නිසා ඉහත කී ආහාර හැකි තාක් කෑම වේලට එකතු කරගත යුතුයි. එසේම අප මුලින් සඳහන් කළ පරිදි හිරු එළියට නිරාවරණය වීමෙන් දිනපතා අවශ්‍ය විටමින් D ප්‍රමාණය සිරුර තුළම නිපදවා ගැනීම කළ හැකි ආකාරය ගැන දැනුම්වත් වීම සහ ඒ අනුව ක්‍රියාත්මක වීමද ඉතා  වැදගත්ය.

විටමින් ‘ඩී‘ නොමිලේම

මේ දිනවල රටේ  පවතින ගැටලුකාරී වාතාවරණය සමග ආහාර මගින් විටමින් ‘ඩී‘ සපුරා ගැනීම සැමටම පහසු නොවේ. එබැවින්  කාලීන වැදගත්කමකින් යුතු විකල්පයක් කෙරෙහි අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවකි.

උදෑසන 10 ත් සවස 3ත් අතර විනාඩි 15ත් - 30ත් අතර කාලයක් හිරු එළියට නිරාවරණය වීමෙන් අපට විටමින් D ලබා ගත හැකියි. ශරීරයට අවශ්‍ය සම්පූර්ණ විටමින් D ප්‍රමාණය නිපදවා ගැනීමට නම් මෙය  දිනපතා අඛණ්ඩව සිදු කළ යුතු යි.

හිරු එළියට නිරාවරණය වන කාලය ඇතුළත ව්‍යායාම, ගෙවතු වගාව හෝ වෙනත් ඕනෑම ඔබ කැමැති කාර්යයක නියැළීමට පුළුවන.

මේ ගැනත් අවධානය යොමු කරන්න

ඔබට යම් සමේ රෝග තත්ත්වයක් හේතුවෙන් හිරු එළියට නිරාවරණය

නොවන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති නම් මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් වලකින්න. එමෙන්ම  ඔබ යම් රෝගයක් සඳහා දිගු කාලීනව ඖෂධ ලබාගන්නා කෙනෙක් නම්, හිරු එළියට නිරාවරණය වීමේ ගැටලුවක් තිබේ දැයි ඔබේ වෛද්‍යවරයාගෙන් කල් ඇතිව විමසා දැනගැනීමත් වැදගත්ය. යම් හෙයකින්, හිරු එළියට නිරාවරණය වීමේ දී සමෙහි අපහසුතාවත් ඇති වේ නම් එය වහාම නවතා වෛද්‍ය උපදෙස් වෙත යොමු වන්න.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබා දුන් විස්තර ඇසුරින් සැකසිණි)

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

ඉර එළිය නොඅඩුව ලැබුණත් විටමින් -D ඌණතාවෙන් පෙළෙන්නේ ඇයි?

santhu Monday, 12 September 2022 11:38 AM

හරියට හරි... යුරෝපීයයන් ග්‍රීස්ම සෘතුවේදී පමණක් නොව ශිත කාලයේදී පවා ස්වභාවික නොමිලේ හිරු එළිය ලබාගන්නවා. විශේෂයෙන් වැඩිහිටි, මහළු පිරිස... නැතිනම් විශාල මුදලක් වැයකර එය ලබාගන්න වෙනවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී
2023 ජනවාරි මස 25 20 0

ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී


අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site