(සමන්ත යහම්පත් සහ ඩයනා උදයංගනී)
මෙරට සංගීත ක්‍ෂේත්‍රයට සුවිසල් දායකත්වයක් ලබාදුන් ප්‍රවීන ගායන ශිල්පී, සංගීතඥ, සංගීත් නිපුන්, මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද (28) පෙරවරුවේ සිය දිවිසැරිය නිමා කළේය.
ඔහු ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස ද කටයුතු කළේය.
සනත් නන්දසිරි මහතා මිය යන විට 81 වැනි වියේ පසුවිය.
සංගීතඥයෙක්, ගායන ශිල්පියෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් හා ගී පද රචකයෙක් වූ ඔහු දශක ගණනාවක් පුරා රසික හදවත් ජයගෙන සිටියේය.
1942 වසරේ පෙබරවාරි මස 15 වැනිදා ගොතටුවේදී උපත ලැබූ සනත් නන්දසිරි මහතා 1955 දී එනම් ඔහුට වයස අවුරුදු 13 දී ජාතික ගුවන්විදුලියට සම්බන්ධ විය.
අනතුරුව ඔහු වයස අවුරුදු 17 දී ඩී. ආර්. පීරිස් මහතා යටතේ තබ්ලා වාදනය වැඩිදුර හැදෑරීය.
ඉන්දියාවේ භාත්ඛාණ්ඩේ විශ්ව විද්‍යාලයට 1960 වසරේ දී එනම් 19 හැවිරිදි වියේ දී සම්බන්ධ වූ සනත් නන්දසිරි මහතා උස්තාද් අහමඩ් ජාන්ල ජී.එන් නාටු, උස්තාද් මොක්ෂට් අලි, පණ්ඩිත් හරි ශන්කර් යන ප්‍රවීණයන් යටතේ අධ්‍යාපනය ලබා එහි පරීක්ෂණවලින් ඉහළින් සමත්ව තබ්ලා හා ගායන විශාරද උපාධි හිමිකරගත්තේය.
ඉන් අනතුරුව මෙරටට පැමිණ සංගීත ගුරුවරයකු ලෙස අම්පාර, උහන මහා විද්‍යාලයට 1965 වසරේදී පත්වීම ලබාගත් ඔහු 1988 සිට 1992 දක්වා කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළේය.
ප්‍රවීණ ගායන ශිල්පිනියක වන මල්කාන්ති නන්දසිරි මහත්මිය සමඟ 1971 වසරේ දී විවාහ වූ ඔහුගේ එකම දියණිය වන අනුරාධා නන්දසිරි මහත්මිය ද ගායන ශිල්පිනියකි.
සනත් නන්දසිරි මහතා 1992 වසරේ දී සංගිත් නිපුන් උපාධිය ලබාගත් අතර, එම උපාධිය ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද සනත් නන්දසිරි මහතාය.
“මම නම් ආසයි අහන්න නයනා”, “වරදක් කළත් සිතකින් නොවෙයි”, “දඟකාර ඔය දෑස දුටුවා එදා”, “විකසිත වත කමලේ”, “එදා මෙදා තුර”, “ඇවිලුනු ගිනිදැල්”, “මුලු ලොව මගෙන් අසාවි”, “යශෝදරා”, “එක යායට මල් පීදුණු බිම් තීරේ”, “සොවින් පිරි මගේ හදවත.”, “දූ අනුරාධා”, “ලස්සන නම් නෑ පෙනෙන්නේ”, “ඈත එපිට ගම්මානෙන්”, “බෝ මලුවේ මල් සුවඳක පැටලී”, “ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ”, “ආදර සැමරුම් කැටිවූ”, “පෙමාතුර හැඟුම්”, “වාසනා වේවා”, “මම නම් ආසයි අහන්න නයනා”, “නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්”, මේ ප්‍රථම වසන්තයයි” ආදී අතිශය ජනප්‍රිය ගීත රැසක් ඔහු සිය රසිකයන් වෙත තිළිණ කළේය.
ඔහු ගායනා කළ බොහෝ ගීතයන් හි තනු නිර්මාණය කරනු ලැබුවේ ද ඔහු විසිනි.
ඔහු තම බිරිඳ වන මල්කාන්ති නන්දසිරි මහත්මිය සමඟ ද ‘හිච්චි නගේ’ සහ ‘සීත රෑ වසන්තේ’ ආදී ගීත ගණනාවක් ගායනා කළේය.
ඔහු පළමු ගී ප්‍රසංගය ‘ස්වර්ණ කුණ්ඩල’ නමින් 1974 වසරේ දී පැවැත්වුණු අතර, ඔහුගේ පළමු ගී තැටිය ද එම නමින්ම ජෙම්ටෝන් ලේබලය යටතේ 1979 වසරේ දී නිකුත් විය. ඉන්පසු ඔහු සින්ග් ලංකා ලේබලය යටතේ ද ගී තැටි ගණනාවක් නිකුත් කළේය.
‘සැඩොල් කඳුළු’, ‘හරි මග’, ‘හන්තානේ කතාව’, ‘සමනල කුමරියෝ’, ‘හතරවටේ’, ‘අහස් ගව්ව’, ‘දුලීකා’, ‘වසන්තේ දවසක්’, ‘සැනසුම’, ‘මංගල තෑග්ග’, ‘සළඹක් හඬයි’, ‘විරාගය’, ‘හංස විලාපය’, ‘ඉන්ද්‍රඛීලය’ වැනි චිත්‍රපට රැසක් සඳහා ද ඔහු ගීත ගායනා කළේය.
ඔහු එම ගායනාවන් වෙනුවෙන් ජනාධිපති, සරසවි ආදී සම්මාන රැසකින් ද පිදුම් ලැබීය.
‘ගාන්ධාරී’ නමින් සංගීත ආශ්‍රමයක් ද 1982 වසරේ දී ආරම්භ කළ ඔහු එහි දී භාත්කණ්ඩේ විශ්ව විද්‍යාලය සඳහා අවශ්‍ය පාසල් විෂය නිර්දේශය ඉගැන්වීය.
පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේවයන්ගේ අභාවයෙන් පසු 2016 වසරේ දී සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා ඔහු පත්විය.
ගොතටුව මහා විද්‍යාලය, දෙමටගොඩ ශාන්ත මැතිව් විදුහල, මහබෝධි මහා විද්‍යාලය යන පාසල්වලින් අධ්‍යාපනය ලබාගත් සනත් නන්දසිරි මහතා ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබුවේ ස්ටැෆර්ඩ් විද්‍යාලයෙනි.
ඔහු පාසල් සමයේ දක්‍ෂ මලල ක්‍රීඩකයෙක් හා එල්ලේ ක්‍රීඩකයෙක් ද විය.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.
ප්‍රවීන ගායන ශිල්පී, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
මෙරට බොහෝ දෙනාගේ ජනාදරයට පාත්‍ර වූ පසුගියදා අප අතරින් සමුගත් ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් කලාකරුවාගේ ගමන්මග යමින් ඔහුගේ එකම පුත් තරංග නෙල්සන්
මංජුල කෝනාර රචනා කොට නිෂ්පාදනය හා අධ්‍යක්‍ෂණය කළ ‘‘ආරච්චි දීගේ’’ නාට්‍යය ඓතිහාසික වෙලේවත්ත සිරි නන්දාරාම ලෙන් විහාරයේ සංඝාරාමයට ආධාර පිණිස මෙම 25 වැන
මැක්සිම් ගෝර්කි වරක් පැවසූවේ ලොව සියලු දේ බිහිවන්නේ හිරුගේ රැස්වලින් සහ මවගේ කිරි වලින් බවයි. එවන් වූ දහසකුත් අම්මාවරුන්ගේ සහ මෙරට ශ්‍රම බලකායේ වැඩිම
ජනප්‍රිය සංගීතඥ මහේෂ් දෙනිපිටිය පසුගියදා උදයකාන්ත වර්ණසූරියගේ ‘රිදී සීනු’ චිත්‍රපටය සඳහා අලුතින්ම ගීත දෙකක් නිර්මාණය කළේය. ඉන් එක් ගිතයක් ගායනා කළේ
සිසිර දිසානායකයන්ගේ ගේය පද රචනයෙන් ද ප්‍රවීණ ජන සංගීතවෙිදී ලයනල් රන්වලයන්ගේ ස්වර සංරචනයෙන් ද වසන්තා මධුරාංගනීගේ සුගායනයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ ක
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සනත් නන්දසිරි දිවියට සමුදෙයි