අභියෝගාත්මක නමුත් ඵලදායී වසරක් වූ 2021 සාර්ථකව අවසන් කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ලැබූ ප්‍රමුඛ කාර්ය සාධනය නිමිත්තෙන් වර්ල්ඩ් ෆයිනෑන්ස් සඟරාව විසින් ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා’ ලෙස අඛණ්ඩව අටවැනි වරටත් එම සමාගම සම්මානයට පාත්‍ර කරනු ලැබ ඇත.
ඔප්පු හිමියන්ට වඩා හොඳින් සේවය කිරීම සඳහා සිය සමස්ත ක්‍රියාවලි, කාර්යක්ෂමතාව සහ සබඳතා අඛණ්ඩව වැඩි දියුණු කිරීමට කැපවී සිටින සංවිධානයක් ලෙස සෙලින්කෝ ලයිෆ්, ‘වර්ල්ඩ් ෆයිනෑන්ස් ග්ලෝබල් ඉන්ෂුවරන්ස්’ සම්මානය පිරිනැමීම මගින් පිළිගැනීමට ලක්ව ඇත. මෙම සම්මානයට පදනම් වී ඇත්තේ මූල්‍ය කර්මාන්තය, ජාත්‍යන්තර ව්‍යාපාර සහ ගෝලීය ආර්ථිකය විශ්ලේෂණය කරන එක්සත් රාජධානිය පදනම් කරගත් වර්ල්ඩ් ෆයිනෑන්ස් ජාත්‍යන්තර සඟරාව මගින් සමාගමේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වයේ බහුවිධ අංශ තක්සේරු කිරීම ය.
“සමාගම මුහුණ දෙන සෑම අභියෝගයක් තුළින්ම නව අවස්ථාවක් සොයන සංස්කෘතියක් මගින් සෙලින්කෝ ලයිෆ් මෙහෙයවනවා” යැයි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුෂාර රණසිංහ මහතා අදහස් දක්වමින් පැවසීය. ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය. “වසංගතය නිසා අපට, අඛණ්ඩ පැවැත්ම පමණක් නොව, පාරිභෝගික සහ සේවක ආරක්ෂාව සමතුලිතව පවත්වා ගනිමින් නිෂ්පාදන හා සේවා සඳහා බාධාවකින් තොරව ප්‍රවේශ වීම පිළිබඳවත්, හිමිකම් කඩිනමින් පියවීම, නව නිෂ්පාදන සංවර්ධනය, රක්ෂණ ඔප්පු හිමියන්ගේ ප්‍රතිලාභ සහ ප්‍රජා සබඳතා වර්ධනය සඳහා විශේෂයෙන් සැලකිලිමත් වීමට සිදු වුණා. 2020 සහ 2021 වසරවල දී අපි මෙම සියලු අංශ තුළ සුවිශේෂී අනුකූලතාවක් ලබා ගැනීම අපගේ සියලු පාර්ශ්වකරුවන් තුළ විශ්වාසයක් ඇති කරවන්නට සමත් වුණා.”
සෙලින්කෝ ලයිෆ් පසුගිය වසර අට තුළ මෙම සම්මානය දිනාගත් ශ්‍රී ලංකාවේ එකම ජීවිත රක්ෂණ සමාගම වන අතර, එය මූල්‍යමය සෞභාග්‍යය පමණක් නොව, කාර්යක්ෂමතාවය, සමස්ත ක්‍රියාවලි කළමනාකරණය සහ පාරිභෝගික සම්බන්ධතා යන අංශවල නව්‍යකරණය සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අටවැනි වසරටත් ‘හොඳම ජීවිත රක්ෂණ සමාගම’ සෙලින්කෝ ලයිෆ්