(රේඛා තරංගනී ෆොන්සේකා)
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කොට ඇගළුම් ආශ්රිත අධ්‍යාපන ආයතනවලින් පාඨමාලා හදාරන සිසුන්ට දේශීය උපාධි ආයතන සමඟ එක්ව පිළිගැනීමක් ඇති උපාධියක් ලබාදීමට කටයුතු කරන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (15) පැවති සාකච්ජාවකදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
ශ්‍රී ලංකා ඇගළුම් පර්යේෂණ ආයතනය , පේෂකර්ම දෙපාර්තමේන්තුව සහ ලංකා සළුසල යන ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ජාවකදී ඇමතිවරයා මෙසේ සඳහන් කළේය.
ශ්‍රී ලංකා ඇගළුම් පර්යේෂණ ආයතනය මේ වනවිට පාඨමාලා වර්ග 90 ක් ක්‍රියාත්මක කරන අතර වසරකට ශිෂ්‍යයෝ 6,000 කට අධික ප්‍රමාණයක් එයින් වෘත්තීය පුහුණුව ලබා ගනිමින් සිටිති.
විශේෂයෙන්ම පාසල් හැර යන ශිෂ්‍යයන් මෙවැනි පාඨමාලා සඳහා වැඩියෙන් නැඹුරු කර ගනිමින් ඔවුන්ට වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීමේ වැදගත්කම මෙහිදී ඇමතිවරයා විසින් පැහැදිලි කරනු ලැබු අතර. ඒ සඳහා පාසල් මට්ටමින් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.
ඉදිරියේදී බංග්ලාදේශය , නේපාලය සහ ඉතියෝපියාව වැනි රටවල ශිෂ්‍යයන් ද ලංකාවට පැමිණ මෙම පුහුණු පාඨමාලා හැදෑරීමට සුදානමින් සිටින අතර දෙස් විදෙස් ශිෂ්‍යයන් හදාරන එම පාඨමාලාවල ගුණාත්මකභාවය වැඩිකොට උපාධි මට්ටම දක්වා වැඩි දියුණු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම සියලු ආයතන එක්ව විධිමත් සැලසුමකට සහ ප්රතිපත්තියකට අනුව ඉදිරියේදී කටයුතු කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා විසින් පැහැදිලි කරන ලදී.
පේෂකර්ම දෙපාර්තමේන්තුව යටතේ නව අත් යන්ත්‍ර පුහුණු පාසල් ඇතිකිරීමට සහ පේෂකර්ම ගම්මාන සංකල්පය නැවත නගා සිටුවීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස ද අමාත්‍යවරයා පේෂකර්ම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට බතික් අත්යන්ත්‍ර රෙදිපිළි රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන , සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන , පේෂකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් දිමුතු කුලතිලක , කර්මාන්ත අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගී වුහ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇගළුම් නිර්මාණ ආයතනවලින් උපාධියක්
MO77 Wednesday, 16 September 2020 05:51 AM
බාලාංශයෙනුත් උපාධියක් දුන්නා නම් වඩාත් හොඳයි
Kamal Koyrala Wednesday, 16 September 2020 10:19 AM
වැදගත් අදහසක්, උපාධියකට ප්‍රථම නැවත පාසල් තාක්ෂණික විෂයන් බල ගන්වා විෂය නිර්දේශ වලට අ තුලට කිරීමෙන් උපාධියක් දක්වා යා හැකි පාරක් තනන්න ඕන.