X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ඇමෙරිකාවේ ආයෝජකයින්ට ලංකාවේ ආයෝජනයට ඉඩක්

 (නිමල කොඩිතුවක්කු)
ඇමෙරිකානු ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට අවස්ථාව පුළුල්ව ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.
 
ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගය ඉදිරියටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
 
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසුවේ ඇමරිකානු ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සංවිධානය කළ උත්සවයකට එක්වෙමිනි.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය රාජාත සේනාරත්න මහතා මෙසේද කීය.
 

 
     ”ඇමරිකා එක්සත් ජනපදයේ 243 වන ජාතික දිනය සැමරිම සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගිවීමට මා ලැබූ අවස්ථාව ගෞරවයක් ලෙස සළකනවා. මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඇතුළු රජය ඇමරිකා එක්සත් ජනපදයේ රජයට සහ ජනතාවට සුබ පතනවා.
 
අපේ‍්‍රල්් 21 දින එල්ල වු ප‍්‍රහාර මාලාවේ දී ඇමරිකා එක්සත් ජනපදය ඒකමතිකව සහ කඩිනම්ව ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට කටයුතු කළා. ප‍්‍රහාර මාලාව එල්ල වූ අවස්ථාවේ සිට අභියෝග නොතකා ලක් රජය ආගමික නිදහස, ජාතීන් අතර නිදහස සාමය ගොඩනැංවීම, ප‍්‍රතිසංස්කරණ ප‍්‍රජාතාන්ත‍්‍රිකව සිදු කරනවා.
 
1948 වසරේ සිට ශ්‍රී  ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබදතා ආරම්භ වූණා.  දෙරටම ජනවර්ග වලට ගරු කරමින් ප‍්‍රජාතන්ත්රවාදී ප‍්‍රතිපත්ති හා හරයන් අකුරට ඉටු කරනවා.
මෙම තත්ත්වය දෙරට අතර ජනතාව තුල සබදතා තර කිරිමට තවත් හේතුවක් වෙනවා. එම සබදතා ශක්තිමත් කරමින් ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී  ලංකාවේ තවදුරටත් මිත‍්‍ර රාජ්‍යයක් ලෙස කටයුතු කරනවා.
 
2015 වසරේ දී නව රජයට බලයට පත්වීමෙන් පසු ද්විපාර්ශ්වීය සබදතා ඉහළ අගයක් ගනු ලැබුවා. පසුගිය මැයි මාසයේ දී වෝෂින්ටන් නුවර පැවැති ඇමරිකා- ශ්‍රී  ලංකා සහයෝගිතා සම්මන්ත්රණයේ දී ද්විපාර්වීය සබදතා තවත් වැඩිදියුණු වුණා.

දේශපාලන, ආර්ථික හා ආරක්ෂක විෂයන් සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගය පවතින අතර, ශ්‍රී  ලංකාවේ ආර්ථිකය පුළුල් වපසරියකට ගෙනයාම සදහා ඇමරිකාවෙන් ලැබෙන ආධාර ද අගය කරනවා.
 
පසුගිය අපේ‍්‍රල් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ආධාර මුදලක් ලබාදීම ගැනත් අපි අගය කරනවා. දෙරට අතර වෙළෙද සහ ආයෝජන අවස්ථා ඉහළ දැමිම තුලින් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කර ගත හැකි බව මාගේ විශ්වාසයයි.
 
ඇමරිකානු ආයෝජකයින්ට ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා තිබෙනවා. එවැනි ආයෝජන අවසථා මගින් රැකියා අවස්ථා තවදුරටත් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනවා.  අපට  හමුදා ආධාර ලබාදෙන ප‍්‍රධාන රටක් මෙන්ම ශ්‍රී  ලංකාවේ නිෂ්පාදන අපනයනය කරන ප‍්‍රධාන රටක් ලෙසත් ඇමරිකාව හදුනාගෙන තිබෙනවා” යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.
 
මෙම අවස්ථාවට ශ්‍රී  ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයීනා බිටෙප්ලිට්ස් මහත්මිය ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.
 



අදහස් (19)

ඇමෙරිකාවේ ආයෝජකයින්ට ලංකාවේ ආයෝජනයට ඉඩක්

upali Sunday, 07 July 2019 11:50 AM

අැමෙරිකානු සමාගම් වලට ලංකාවේ වෙළඳපල අබ ඇටයකි.

:       18       128

විජිත් Sunday, 07 July 2019 02:25 PM

විකිලික්ස් ෆැක්ස් කියවන්නට තරම් ඉංග්‍රීසි දැනුමක් නුඹට තිබුණා නම් මේ කතාව කියන්නේ නැහැ. ශ්‍රී ලංකා රජයට විරුද්ධ ෆැක්ස් කිහිපයක්ම ඒවා අතර තිබුණා. නුඹ වැනි බයගුල්ලන් නිසා තමයි අපේ රට විනාශ වන්නේ. ප්‍රශ්නයක් නැහැ නැවතත් ශ්‍රී ලංකාවේ බලය ලබාගන්නේ නිලුත් නැති, කොලත් නැති, රතුත් නැති.. දැනට තියෙන මජර දේශපාලන පක්ෂ එකකටවත් නෑ කමක්වත් නැති, උගත්, බුද්ධිමත්, අවංක, රටට ආදරේ ඇති කෙනෙක්. නියම වෙලාවට, නියම ක්‍රමයට, නියම තැනේදී ඔහු ඉදිරිපත් වේවි...!!

:       0       175

RaveendraSunday, 07 July 2019 05:35 PM

රටට හෙන වැදුනට ඕනේ වැජබෙන්න දේශත්ද්‍රෝහීන්.

:       2       7

SenanayakeMonday, 08 July 2019 02:23 AM

ඔහු එනතුරු බලාගෙන ඉන්නේ. ජයවේවා

:       0       104

BamunuarachchiThursday, 11 July 2019 02:18 AM

වැලිගමින්ද? පිළිගන්න මගෙනුත් මල් වඩමක්

:       0       1

sirisenaMonday, 08 July 2019 04:32 AM

අනේ හරි මෝඩ කතා නේ.

:       11       1

කමනි පිරිස් Monday, 08 July 2019 05:35 AM

දවසක් කීවා තජුදීන් මරපු අයගේ වීඩියෝ එක එයා බැලුවා. කට්ටියම ඉන්නවා කියලා. දැන් අව්රුද්දකටත් වැඩියි තාම කාවවත් ඒ වීඩියෝ වලින් හඳුනාගෙන නැහැල්ලු. බොරු මවන්න විශේඥයා. අපිනම් මේගොල්ලන්ට ඡන්දෙ දෙන්නේ නැහැ. ඔක්කොම එකයි.

:       0       77

lalithm Monday, 08 July 2019 07:22 AM

මොනවා කිව්වත් ලංකාවේ අපනයන වලින් 35%-40% මිලට ගන්නේ ඇමෙරිකාව. ඔය කවුරු උඩ පැන්නත් ජීවත් වෙන්න ඕනේ සල්ලිටික එන්නේ මැද පෙරදිග ඉන්න ගෘහ සේවිකාවන්ගෙන් සහ බටහිර රටවලට අපනයනය කර ලැබෙන මුදලින්. චීනයෙන් වත් වෙන අහවලාවත් අපිට නිකම් මොකුත් දෙන්නේ නැහැ. ජාත්‍යාලය තියෙන්න ඕනේ. මොළෙත් ඕනේ. කටින් විතරක් ලොක්කෝ වෙලා බැහැ.

:       99       48

samanMonday, 08 July 2019 08:44 AM

නිකම් පච කියන්නේ නැතිව ඉන්න. ඇමෙරිකාව ගන්නේ අපේ නිෂ්පාදනවලින් 18% කි. ඒ අය අපෙන් බඩු ගත්තේ නැත්නම් අපිට පුළුවනි වෙනත් වෙළඳ පලක් හොයාගන්න. නමුත් මිල ටිකක් අඩුයි. එපමණයි. ඔබ වැනි අයගේ මොලේ නැවත නැවත පරීක්ෂා කළ යුතුයි.

:       18       23

piyalMonday, 08 July 2019 12:22 PM

ඔබගේ මොලේ පරික්ෂා කළයුතුයි. මන්ද විශාල වෙළඳ පරතරයක් ඇති රටක 18% යනු විශාල ප්‍රමාණයක්. 18% වැරදිය. එය 18% වුවත්. ලෝක වෙළඳපල අල්ලා ගැනීම පහසු දෙයක් නොවන බවවත් නොතේරේ...

:       15       65

handy perera Monday, 08 July 2019 09:52 AM

ඔව් සර්, අන්න පෝලිමේ එනවා, යෝජනේ කරන්න

:       0       0

saman Monday, 08 July 2019 05:15 PM

පියල් මහත්තයෝ, කව්ද ඔය තියරිය කියලා දුන්නේ..? අවශ්‍යනම් මහා බැංකු වාර්තාව, අපනයන 2018 කියවන්න. එතකොට ඔබට වැටහේවි 18% කියන්නේ කුමක්ද කියා. කෙසේවෙතත් බැංකු වාර්තාව කියවන්නත් ඉස්කෝලේ ගිහිල්ලා අකුරු සාස්තරේ ඉගෙනගෙන තියෙන්න ඕනෑ.

:       52       35

piyalTuesday, 09 July 2019 04:39 AM

මම ඔබතුමා වගේ තියරි වල එල්ලිලා නැහැ. කෙසේ නමුත් මම 18% ගැන තර්ක කරන්න යන්නේ නැහැ. මගේ මතකයට අනුව එය 30% හා 35% අතර. ඒ නිසා තමයි මම 18% යයි සිතුවත් කියා සදහන් කලේ. කෙසේ නමුත් මෙය ලියන අය පොතපතේ දැනුම පමණක් ඇති අයෙක් නොවේ. ලෝකයේ පිළිගත් දේශීය හා විදේශීය උසස් උපාධි හා දේශීය හා විදේශ ආයතන වල වැඩ කොට විශාල අත්දැකීම් සහිත අයෙක් බව අමතා කරන එපා. ප්‍රයෝගික දැනුමක් ඇති අයෙක්.

:       47       15

kamaniTuesday, 09 July 2019 07:31 AM

ඉල්ලන් කෑවා නේද..?

:       15       27

piyalTuesday, 09 July 2019 11:44 AM

නවතම 20.4%. මෙම අදායම අහිමි වුනොත් ලංකාවට මොනවගේ බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයිද?

:       22       11

rasika Tuesday, 09 July 2019 05:19 PM

මෙතන ගැටලුව තියෙන්නේ අපි ඇමෙරිකාවට කරන අපනයන ගැන නෙමේ අපි රටේ වෙළඳාමත්, ආරක්ෂාවත් පටලවාගෙන ඉන්නේ ඒ වගේම රටේ ආර්ථිකය නංවන්න හරි වැඩ පිළිවෙලක් නැහැ. ඇමෙරිකාව චීනෙත් එක්ක කොච්චර තරහ වුණත් චීනෙන් ඇමෙරිකාවට එන බඩු නැති කරන්න ඔවුන්ට බැහැ. ඒ වගේම චීනය විකල්ප වෙළදපළ හොයාගෙන ඉන්නවා. ඕස්ට්‍රේලියා 40 % වෙළඳාම කරන්නේ චීනෙත් එක්ක... හැබැයි ඔවුන් සියලු ආරක්ෂක ගිවිසුම් ගහලා තියෙන්නේ චීනෙට විරුද්ධව ඇමෙරිකාව එක්ක විශේෂයෙන් දකුණු චීන මුහුදේ නාවික කටයුතු සම්බන්ධව.... මේ රට කරන මෝඩ පාලකයින් වගේම මෝඩ ඡන්ද දායකයන් නිසා රට තවත් පහළට යනවා. ඇමෙරිකාවට ලංකාව ඕනේ දැන් ලංකාවට ඇමෙරිකාව ඕනෑවට වඩා. මොකද ඉන්දීය සාගරයේ නාවුක බලය ලංකාව කේන්ද්‍රකරගෙන ඇතිවීමේ ප්‍රවණතාවක් තියෙන්නේ. මෙයින් අපි නිසි ප්‍රයෝජන ගන්න ඕනේ. ඇමෙරිකාව සමග හෝ ඕනෙම රටක් සමග ගහන ගිවිසුම් ලංකාවට වැසි සහගත වෙන්න ඕනේ. ලංකාවේ ඉන්න දූෂිත දේශපාලකයෝ ලවා ඇමෙරිකාව ඔවුන්ට වාසිවෙන ගිවිසුම් අත්සන් කර ගන්නවා.

:       44       93

Priyan Wednesday, 10 July 2019 04:33 AM

කිසියම් රටක ආර්ථික දේශපාලන උපායමාර්ග හා ප්‍රතිපත්ති තීරණය කරන්නේ ඒ රටේ පවත්නා ශක්තීන් දුර්වලතා හා පවත්නා තත්ත්ව ය සැලකිලට ගනිමින්. චීනය යනු වර්තමාන ආරථික හා දේශපාලන බලවතෙක්. ලංකාවට චීනය මෙන් වෙනත් රටවල් සමග ගිවිසුම් වලට එලබීමේ හැකියාවක් නැහැ. ලංකාව කියන්නේ ණය අගාදයක ගිලුණු රටක්. කටින් කියන්න පහසුය. කරන්න තමයි අමාරුව. කෙසේ වෙතත් නව ලෝක අර්ටික හා දේශපාන ප්‍රයෝගික දැනුමක් නොමැතිව විග්‍රහ එදිරිපත් කිරීම තේරුමක් නොමැති බවයි මගේ හැගීම.

:       0       0

Bamunuarachchi Thursday, 11 July 2019 02:20 AM

ඒ ගොල්ලෝ කැමති වුණාද කොමිස් දෙන්න...? නැතිනම් බිස්නස් එකේ කොටසක් දෙන්න..

:       0       0

de silva berlin Tuesday, 16 July 2019 07:10 AM

ලංකාවේ පහුණු ශ්‍රමිකයන් නැත , ප්‍රවාහන වියදම් ඉහළය , ඉදිකිරීම් සැලසුම් අනුමත කිරීම වැනි දේවල්ද ඉතා සංකීර්ණය , හොර මැරකම් වැඩිය ? ඉතින් ඇමරිකන් කාරයන් මෙච්චර දුරක් ඇවිත් මේ ආයෝජනය කරාවිද ? කල්පේ රටවල වන ,තායිලන්තේ , චිනේ , කම්බෝජියාවේ , ලාඕස් වල ආයෝජකයන්ට හොඳ අවස්ථා තිබෙනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site