X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා

එයාර්ටෙල් ඉන්ටර්නෙට් කප් ගහයි

sinhala.jpgsssssss

ශී‍්‍ර ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ හුවේයි ටෙක්නොලජීස් ලංකා කම්පැනි පෞද්ගලික සමාගම විසින් සිදුකරන ලද  ස්වාධීන සමීක්ෂණයකින් ශී‍්‍ර ලංකාවේ වේගවත්ම 3ජී අන්තර් ජාල සේවා සැපයුම්කරු එයාර්ටෙල් බව කියයි.

විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අන්තජාල බාගත වේගය මැනීම පමණක් තම අධ්‍යයනය සඳහා පාදක කරගත් එම සාමාගම ගොනු උඩුගත වේගය (අප්ලෝඩ් ස්පීඩ්) (සැරිසරන වේගයන්,) සහ විවිධ මිනුම් භාවිතා කර ඇත.

සමීක්ෂණය දිවයිනේ සියලූ ප‍්‍රදේශ ආවරණය වන ආකාරයට සිදු කරන ලද අතර එහිදී එයාර්ටෙල්  එහි තරඟකාරී සමාගම් අතරින් මුල් තැනට පත්වී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන එයාර්ටෙල් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජිනේෂ් හෙග්දේ මහතා ‘අපි අපේ පාරිභෝගිකයන්ගේ අන්තර් ජාල අත්දැකීම වැඩිදියුණු කිරීමට පසුගිය වසරේ විශාල වැඩ කොටසක් සිදුකළා. මෙරට ජනතාවගේ ආදායම් මට්ටම හා ඔවුන් භාවිතාකරන ජංගම උපාංගයේ ස්වභාවය කවර තත්වයේ තිබුනත් එය නොසලකා සියලූ ශී‍්‍ර ලාංකිකයන්ට අන්තර්ජාලය පිවිසුම යා හැකි  තාක්ෂණයක් හදුන්වාදීමට අපගේ අවධානය යොමු වී තියෙනවා.

ස්මාර්ට් පූර්වාපේක්ෂිත තාක්ෂණය  40% ක වර්ධන වේගයක් ලබා තිබීම හේතුවෙන්  අපේ අන්තර්ජාල පහසුකම්  ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකියි. එයාර්ටෙල් අංක එකේ අන්තර්ජාල සේවා සැපයුම්කරු ලෙස පිළිගැනීම අපගේ  කණ්ඩායම  කැපවීමෙන් වී වැඩ කරන බවට ලැබුනු හොඳම සාක්ෂියයි.  සැබවින්ම මෙමගින් ඔවුන්ගේ වෙහෙස මහන්සියට සාධාරණයක් ඉටු වී තියෙනවා. එයාර්ටෙල් පාරිභෝගිකයන්ගේ  අන්තර්ජාල අත්දැකීම් වැඩි දියුණු කරමින් අපගේ ආයතනික මෙහෙවර වන ශී‍්‍ර ලාංකිකයන්ගේ ජීවිත සමෘද්ධිමත් කිරීමේ කියාවලිය ඉදිරියටත් සිදුකිරීම අපගේ බලාපොරොත්තුවයි.

හුවේයි සමාගමේ කළමණාකරන සේවා අධ්‍යක්ෂ අමිට් එන් ශී‍්‍රවාස්තව්  මෙසේ කියයි ‘දැනට පවතින කළමනාකරණය සේවා ගිවිසුම යටතේ, අපි විසින් එයාර්ටෙල් ලංකා සමාගම සතු  මෙරට ජංගම දුරකථන ජාලය පිළිබඳව 2016 වසර අග භාගයේදී මිණුම් සලකුණු පරීක්ෂණයක් සිදුකලා. මෙම සළකුණු පරික්ෂණය ශී‍්‍ර ලංකාව පුරා පිහිටි පෙර තීරණය කර තෝරාගත් ප‍්‍රදේශ ආවරණය වන පරිදි  සිදුකල අතර එහිදී එයාර්ටෙල්  ජංගම දුරකතන ජාලය මෙරට තිබෙන අනෙකුත් ජංගම දුරකථන සමාගම් ජාලයන් සමඟින් සංසන්දනය කිරීම සිදුවුණා.’

විදුලි සංදේශ නියාමන කොමිසමේ පරීක්ෂණ කටයුතු මාසිකව  එක්  ස්ථානයක දී සිදු කරන අතර ඔවුන්ගේ වෙබ් අඩවිය වන www.trc.gov.lk මගින් ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කරනු ලැබේ. 

නොවැම්බර් මාසයේ ඔවුන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව එයාර්ටෙල්  3ජී ජාලය 14.75 එම්පීබීඑස් උපරිම වේගයක් සහ 6.17 එම්පීබීඑස්  සාමාන්‍ය වේගයක් ලබා දී ඇත. එහිදී  ආසන්නතම අභියෝගකරුවා වූ ඩයලොග් සමාගම ඔවුනගේ  3ජී ජාලය පවත්වාගෙන තිබුනේ 6.16 එම්පීබීඑස් සාමාන්‍ය වේගයකින් සහ 11,70 එම්පීබීඑස් උපරිම වේගයකිනි.

හුවේයි සමාගම විසින් සිදුකළ සමීක්ෂණයේ දී කොළඹ ඇතුලූ ගම්පහ, මහනුවර, කළුතර, රත්නපුර හා උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ වැනි ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන නගර බොහෝමයක් ආවරණය වන පරිදි සමීක්ෂණය සිදුකළ අතර රට තුළ පිහිටි මාර්ග පද්ධතියෙන් කිලෝමීටර් 7000 කට වඩා වැඩි ප‍්‍රමාණයක් ද ආවරණය කරන ලදී.

දකුණු  කටුනායක අධිවේගී මාර්ගය,  කොළඹ 1  මාර්ගය- නුවර පාර,  කොළඹ 2  මාර්ගය- කතරගම පාර, 9 මහනුවර - යාපනය මාර්ගය, නැගෙනහිර පළාත තුළ පිහිටි 4 මාර්ගයේ සමහර කොටස් සහ වෙනත් බොහෝ ප‍්‍රධාන මාර්ග මේ සඳහා ඇතුළත් විය.

භාරතී එයාටෙල් ලංකා  සමාගම 2009 වර්ෂයේ  ජනවාරි 12 වන දින ශී‍්‍ර ලංකාවේ  සිය සේවා මෙහෙයුම් කටයුතු ආරම්භ කළ අතර, මේ කාළය ඇතුලත මෙරට මිලියනයක් පමණ වූ සිය පාරිභෝගිකයන්ට සේවාවන් සපයමින් වේගවත්ම සේවා සපයන්නා බවට පත් වී සිටියි. තවද දිවයිනේ විවිධ ප‍්‍රදේශවල මෙහෙයුම්  කටයුතු  සිදුකරමින එයාර්ටෙල් වසර තුනකට වඩා අඩු කාලයක් තුළ ශී‍්‍ර ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන සේවා ජාලය බවට ද පත් වී තිබේ. ශී‍්‍ර ලංකා  ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි එයාටෙල් ලංකා මෙරටට අවශ්‍ය හඬ, දත්ත හා ව්‍යවසාය විසඳුම් ඇතුළත් වන ඩිජිටල් ජංගම සේවා සපයන ලැබේ.

හුවේයි සමාගම විසින් සිදුකළ මිනුම් සළකුණු පරීක්ෂණය

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ සමීක්ෂණ සාරාංශය

ක්‍රියාකරු

වේගය (එම් බී පී එස්)

ස්ථානය

සාමාන්‍ය

උපරිම

එයාර්ටෙල් 3ජී ජංගම දුරකථන ජාලය

6.17

14.75

1

ඩයලොග්  3ජී ජංගම දුරකථන ජාලය

6.16

11.70

2

එටිසලාට්  3ජී  ජංගම දුරකථන ජාලය

5.85

14.57

3

මොබිටෙල් 3ජි  ජංගම දුරකථන ජාලය

4.59

14.23

4

හච්  3ජි  ජංගම දුරකථන ජාලය

3.39

3.39

5

හුවේයි සමාගම විසින් සිදුකළ මිනුම් සළකුණු පරීක්ෂණය

Untitled-1

අදහස් (0)

එයාර්ටෙල් ඉන්ටර්නෙට් කප් ගහයි

සෙනරත් Sunday, 11 December 2016 02:01 PM

එයාර්ටෙල් යනු ඉන්දියානු සමාගමක් නේද. ඔවුන් ලංකාව තුළ වෙළඳාම රැකගැනීමට උපරිම තාක්‍ෂණය භාවිත කරති. (නි)

:       0       0

කසුන් Monday, 12 December 2016 01:09 PM

හොඳයි ඉතින්. (ර)

:       0       0

චානක Monday, 12 December 2016 01:15 PM

මේ වගේම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සියළුම සමාගම් වල සේවා ගුණාත්මකභාවයත් හොයල බැලුවනම් හොඳයි. කියන වේගයම දෙනවද සන්නිවේදන කුළුණුවල විකිරණශීලීතාවයන් මහජන සෞඛ්‍යට හානිකර නොවන වගේ .(ර)

:       0       0

කිම් Wednesday, 14 December 2016 04:34 AM

හුවාවෙයි කියන්නේ දුරකථන ජාල සමාගම් වලට විද්‍යුත් සන්නිවේදන උපකරණ සපයන ආයතනයක්. ඒ නිසා මේක ස්වාධින කියන්න බෑ. (බ)

:       0       0

තුසිත Wednesday, 14 December 2016 07:20 AM

4ජි තියෙද්දී මොකටද 3ජී? (නි)

:       0       0

මොරවක Thursday, 15 December 2016 02:46 AM

ස්තූතියි ආරංචියට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ

විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක

ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස

ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි

LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව

කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි

වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site