ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ව්‍යාපාර අතරේ පෙරමුණ ගත් සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම 2021-22 වසරේ තුන් වැනි කාර්තුවේදී පෙර බදු ලාභය වශයෙන් රුපියල් මිලියන 3,000ක් වාර්තා කර තිබේ. පෙර වසරේ තුන් වැනි කාර්තුව හා සංසන්දනය කිරීමේ දී එය ඉතාමත් ඉහළ කාර්ය සාධනයක් වන අතරම ආයතනික ඉතිහාසයේ කාර්තුවක් වෙනුවෙන් ලද ඉහළම ලාභය ද එයයි.
එයිට්කන් ව්‍යාපාර සමූහයේ, සංචාරක අංශය ද ඇතුළුව, මෑත කාලීන වාර්තා ප්‍රගතිශීලී වර්ධනයක් පෙන්නුම් කරයි.
පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ මූලික වියදම් අවප්‍රමාණවීමට පෙර, සමූහයේ ඉපැයීම් ඇතුළු සියලුම අංශ හරහා ආයතන සමූහයේ මූලික ආදායම රුපියල් බිලියන 5.2 කි. එය පෙර වසරේ මෙම කාර්තුවට සාපේක්‍ෂව කැපී පෙනෙන වර්ධනයකි. පසුගිය වසරේ මෙම කාර්තුව තුළ ලත් ආදායම වූයේ බිලියන 1.2 කි.
2021 වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මාස 9 ඇතුළත දී පොලී ගෙවීමට පෙර ලබන ආදායම, බදු, ක්ෂයවීම් සහ මූලික වියදම් ක්‍රමයෙන් කපාහැරීම ඇතුළුව ව්‍යාපාර සමූහයේ සමස්ත මූල්‍ය ගණනය කිරීම්වල එකතුව රුපියල් බිලියන 9.8 කි.
සැලකිය යුතු ආර්ථික ප්‍රශ්න තිබියදී පවා, එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ කඩිනම් උපායයන් හි සාර්ථකත්වය එහි විදේශීය ව්‍යාපාරවලින් පිළිබිඹු වූයේය. එහි පෙර-බදු-ලාභය සමස්ත ආදායමෙන් සියයට78ක් ක්වූ අතර ගෙවී ගිය මාස 9 ක කාලයේදී ලබාගත් සමස්ත ආදායමෙන් පෙර-බදු-ලාභය 64% ක් විය. තුන් වන කාර්තුව තුළ එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සංචාරක අංශය සුවිශේෂී පෙරළියක් පෙන්වමින් රුපියල් බිලියන 1.6 ක පෙර-බදු-ලාභයක් වාර්තා කළේය. පසුගිය වසරේදී මෙම කාර්තුව ඇතුළත එහි අලාභය රුපියල් බිලියන 1.8 කි.
එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සංචාරක හෝටල් සියල්ලම පාහේ ඉතාමත් හොඳින් ක්‍රියාත්මක විය. එහි දී විදේශයන්හි තිබෙන සංචාරක හෝටල වලින් ලද ආදායම වඩාත් කැපී පෙනෙන මට්ටමක තිබිණ. දේශීය හෝටල් සමූහය ද වඩාත් සිත්ගන්නාසුළු නැඟී සිටීමක් පෙන්නුම් කළේය. ව්‍යාපාර සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශය මගින් පහසුකම් සපයන ලදින්, නැගෙනහිර යුරෝපීය වෙළෙඳපොළෙන් සාර්ථක ප්‍රතිලාභ ලැබිණ.
මෑතකදී ශ්‍රී ලංකාව සඳහා තවත් ධන උල්පතක් සොයාගත් එයිට්කන් ස්පෙන්ස් සංචාරක අංශය උස්බෙකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට වෙන්කරවාගත් ගමන් පහසුකම් නිර්මාණය කර දුන්නේය.
තුන් වැනි කාර්තුවේ දී අප ව්‍යාපාර සමූහයේ සමුද්‍රීය සහ භාණ්ඩ ප්‍රවාහන අංශය තවදුරටත් ශක්තිමත් වෙමින්, රුපියල් බිලියන 1.1 ක පෙර-බදු-ලාභයක් පෙන්වීය.
එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ උපායමාර්ගික ආයෝජන අංශයේ රුපියල් මිලියන 181 ක පෙර-බදු-ලාභයක් පෙන්නුම් කරන අතර ව්‍යාපාර සමූහයේ සේවා අංශය රු. මිලියන 91 ක පෙර-බදු-ලාභයක් පෙන්වීය. පසුගිය වසරේදී අත්පත් කර ගන්නා ලද අපද්‍රව්‍ය බලශක්ති බලාගාරය සහ ජලවිදුලි බලාගාර තුන මෙන්ම මුද්‍රණ සහ ඇඟලුම් අංශවල දක්නට ලැබුණු වැඩි දියුණු කළ කාර්ය සාධනය ද මෙම අංශයේ ලාභයට සැලකිය යුතු ලෙස දායක විය.
එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස නවය සඳහා රුපියල් බිලියන 3.3 ක පෙර-බදු-ලාභයක් පෙන්වීය. එය පසුගිය වසරේ දී ලද අලාභය හා සංසන්දනය කිරීමේ දී කැපීපෙනෙන වෙනසකි.
කොරෝනා වසංගතයට පෙර, එනම් වසර 2019-2020 කාලසීමාවේදී, පෙන්නුම් කරන ලද රුපියල් බිලියන 2.4 පෙර-බදු-ලාභය හා සංසන්දනය කිරීමේ දී වත්මන් ප්‍රතිඵල ඉතාමත් ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමකි.
“මෙම කාර්තුවේ අපගේ සාර්ථකත්වය, ඉතාමත් සිත්ගන්නාසුළුයි. සමාගමක් වශයෙන් අප මෙතෙක් මුහුණ දී නැති, පෙර නොවූවිරූ අභියෝග හමුවේ අප ඉදිරියට ගියේ අපගේ ආයතන සමූහයේ ඔරොත්තු දීමේ හැකියාව සහ නොපසුබට උත්සාහය නිසායි. වත්මන් සාර්ථකත්වය එහි මනා පිළිබිඹුවක්”
“සමූහයේ සෑම අංශයකින්ම, විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය සඳහා කැපීපෙනෙන පෙරළියක් පෙන්නුම් කරමින් ඉහළ සාර්ථකත්වයක් දැකීම සතුටට කරුණක්. එය පැවැති තත්ත්වය උඩුයටිකුරු කිරීමකට සමානයි. මේ සම්බන්ධයෙන්, මා, අපගේ සෑම ස්පෙන් සෝනියානුවකුටම සහ අපගේ කළමනාකාරීත්ව කණ්ඩායම්වලට ප්‍රශංසා කළ යුතුයි. එනිසා අපගේ උත්සාහයට සහායවීම වෙනුවෙන් ව්‍යාපාරයේ සියලුම හවුල්කරුවන්ට මා ස්තූතිවන්ත වෙනවා” යයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එයිට්කන් ස්පෙන්ස්’ සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පැවසීය.
සමාලෝචනය කරන ලද කාර්තුවේ දී එයිට්කන් ස්පෙන්ස් සමාගම සම්මාන කිහිපයකින්ම පිළිගැනීමට ලක් වූයේය. වසර 2021 දී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද තිරසාර පැවැත්ම සම්බන්ධයෙන් වූ හොඳම ආයතන අතරේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගැනීමට එයිට්කන් ස්පෙන්ස් සමාගම සමත් විය.
1983 වසරේ සිට කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තු ගත කර ඇති ‘එයිට්කන් ස්පෙන්ස්’ සමාගම, වසර 150 ඉක්මවූ, ප්‍රෞඪ උරුමයකට හිමිකම් කියයි. එය ශ්‍රී ලංකාව, මාලදිවයින, ෆීජි, ඉන්දියාව, ඕමානය, මියන්මාරය, මොසැම්බික් සහ බංග්ලාදේශය යන රටවල් 8 ක පිහිටි ආයතන 16 ක සේවක සේවිකාවන් 12,000 කට අධික පිරිසකගේ ජීවනාලියයි.
-සටහන- චමින්ද මුණසිංහ
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් මිලියන 3,000 ක පෙර බදු ලාභයක්