සංචාරක නොවන අංශවලින් පසුගිය වසරේ ලද රුපියල් මිලියන 513ට සාපෙක්ෂව, බදුවලට පෙර ලාබයෙහි (PBT) සියයට145ක වර්ධනයක් සමඟ, 2021 ජුනි මස 30 වැනි දිනෙන් අවසන් වූ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 1.2ක බදුවලට පෙර ලාබ අගයක් වාර්තා කරමින් සාර්ථක ආගමනයක් සනිටුහන් කිරීමට එයිට්කින් ස්පෙන්ස් පී.එල්.සී. සමාගම සමත් විය.
පසුගිය වසරේ රුපියල් මිලියන 990ක් වූ EBITDA අගය (ප්‍රාග්ධන ගිණුම්ගත ආයෝජිතයන් ද ඇතුළත්ව, පොලී ගෙවීම්, බදු ගෙවීම්, ක්ෂය වීම් සහ ක්‍රම ක්ෂය ආදියට පෙර ඉපැයීම් අගය) සියයට 96කින් වර්ධනය කරගනිමින් මෙවර රුපියල් බිලියන 1.9ක අගයක් වාර්තා කිරීමට සමූහයේ සංචාරක නොවන අංශවලට හැකියාව ලැබී තිබේ.
සංචාරක නොවන අංශවලට සමුද්‍ර සහ නැව් කුලී සැපැයුම් සේවා (Maritime and Freight Logistics), පුනර්ජනනීය බලශක්ති උත්පාදන, උත්තෝලක/ සෝපාන සැපැයීමේ ඒජන්සි (Elevator Agency), මුදල් හුවමාරු සේවා, මුද්‍රණ සහ ඇසුරුම්, වැවිලි, ඇඟලුම්, රක්ෂණ හා සමුද්‍රීය අධ්‍යාපන සහ කළමනාකරණ අංශයේ සමාගම් අයත් වේ.
පසුගිය වසරේ මෙම කාර්තුවේ රුපියල් බිලියන 5.5ක් වූ සමූහයේ ආදායම, මේ වසරේ රුපියල් බිලියන 8.5 දක්වා සියයට 54.5ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. බදුවලට පෙර අලාබය පසුගිය වසරේ මෙම කාර්තුව තුළ රුපියල් බිලියන 2.3ක් වුව ද එය මේ වසරේ රුපියල් මිලියන 467.3 දක්වා පහත වැටී ඇත. එකී අඩු වීමේ ප්‍රතිශතය සියයට 79.6කි. සමූහයේ ව්‍යාපාර මෙහෙයුම්වලින් ලද ලාබයන් සියයට 104ක විශිෂ්ට වර්ධනයක් ලබා ඇත්තේ පසුගිය වසරේ කාර්තුවේ ලද බිලියන 1.7ක අලාභ අගයේ සිට මිලියන 72ක් දක්වා ඉහළ නැංවුණ ලාබයක් වාර්තා කරමිනි.
නැව් කුලී කළමනාකරණ හා ලයිනර් නැව් (Freight Management and Liner Shipping) සේවා අංශ සහ විදේශයන්හි වරාය කළමනාකරණ මෙහෙයුම්වල වර්ධනය වූ කාර්ය සාධනය හේතුවෙන් සියයට 84කින් ඉහළ ගිය බදුවලට පෙර (PBT) අගය රුපියල් මිලියන 845ක් ලෙස වාර්තා කිරීමට සමුද්‍ර සහ නැව් කුලී සැපැයුම් සේවා අංශය සමත් විය.
උපායමාර්ගික ආයෝජන අංශය බදුවලට පෙර (PBT) අගය සියයට 798කින් ඉහළ ගොස් ඇති අතර එය රුපියල් මිලියන 296ක අගයක් දරන්නේ සුවිශේෂී වර්ධනයක් වාර්තා කරමිනි.
මුදල් හුවමාරු අංශයෙන් ලැබුණ ශක්තිමත් දායකත්වය සමඟ පසුගිය වසරට සාපේක්ෂව සියයට 21ක වර්ධනයක් පෙන්නුම් කරමින් බදුවලට පෙර (PBT) අගය රුපියල් මිලියන 117ක් ලෙස සටහන් කළ සේවා අංශයෙහි කාර්ය සාධනය ද ප්‍රශස්ත මට්ටමක පැවැතිණ. මෙහෙයුම් ක්‍රියාත්මක වූ රටවල අදාළ රජයන් විසින් පනවන ලද අඛණ්ඩ සංචරණ සීමා සහ හුදෙකලා කිරීම් මධ්‍යයේ වුව ද මෙම කාර්තුව තුළ සිය මෙහෙයුම් පවත්වාගෙන යාමටත්, විශිෂ්ට අන්දමින් කාර්ය සාධනය විදහා දැක්වීමටත් මෙම අංශ සමාගම්වලට හැකියාව ලැබිණ.
පළමු කාර්තුව තුළ ආදායමෙහි වැඩිවීමත් සහ අලාභවල අඩුවීමත් සමඟ සංචාරක අංශය බලාපොරොත්තු දල්වාගත හැකි අන්දමේ ප්‍රතිඵල පෙන්වීය. පළමු කාර්තුව තුළ ක්‍රියාත්මක වූ මාලදිවයින තුළ පිහිටුවා ඇති විදේශීය හෝටල් යනු මෙයට දායක වූ ප්‍රධාන සාධකවලින් එකකි. සමූහයේ සංචාරක අංශය පසුගිය වසරේ රුපියල් බිලියන 2.8ක අලාභයක් සටහන් කළ ද මේ වසරේ එය බිලියන 1.7ක් දක්වා සැලකිය යුතු අඩුවීමක් වාර්තා කර ඇත.
“ව්‍යාපාරයේ අභිවෘද්ධියට නොකඩවා බාධා පමුණුවන්නා වූ ගෝලීය වසංගතයෙන් දරුණු ලෙස බලපෑමට ලක්වන කර්මාන්තවල නියැළී සිටියත්, අතිවිශිෂ්ට ප්‍රතිඵල වෙත මඟපාදා ඇති අධිෂ්ඨානශීලී නායකත්වය හරහා සිය සැබෑ ‘ස්පෙන්සෝනියන්’ (Spensonian) ධෛර්යය සනාථ කර ඇති, සමූහය පුරා විසිරී සිටින යුහුසුළුව වැඩ කරන කණ්ඩායම් සම්බන්ධයෙන් අපි අතිශයින්ම ආඩම්බර වෙනවා. එය ඔවුන්ගේ නොපසුබට උත්සාහය සහ බොහෝ පසුබෑම් මධ්‍යයේ වුව ද ඒවාට හැඩගැසීමේ හැකියාව යළි යළිත් පෙන්වා දෙනවා. සමූහයේ වඩාත් ප්‍රබල ප්‍රතිසාධනයක් වෙනුවෙන් මෙන්ම, විශේෂයෙන්ම පළමු කාර්තුවේ සංචාරක අංශය ළඟා කරගත් ප්‍රගතියට වඩා ඉහළ ප්‍රගතියක් වෙනුවෙන් අපි පරීක්ෂාකාරීව කටයුතු කරමින් සුබවාදීව බලාපොරොත්තු දල්වාගෙන සිටිනවා” යනුවෙන් එයිට්කින් ස්පෙන්ස් පී.එල්.සී. සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පැවැසීය.
එයිට්කින් ස්පෙන්ස් යනු ශ්‍රී ලංකාව, මාලදිවයින, ෆීජි, ඉන්දියාව, ඕමානය, මියන්මාරය, මොසැම්බික් සහ බංග්ලාදේශය ලෙස රටවල් 8ක් තුළ කර්මාන්ත 16ක් පුරා විහිදුණ 12,000කට අධික සේවකයන් පිරිසක් මඟින් ක්‍රියාත්මක කෙරෙන වසර 150ක විශිෂ්ටත්වයේ උරුමයකට හිමිකම්පාන අග්‍රගණ්‍ය ව්‍යාපාර සමූහයකි.
එයිට්කින් ස්පෙන්ස් පී.එල්.සී. සමාගමේ සභාපති, දේශමාන්‍ය ඩී.එච්.එස්. ජයවර්ධන
එයිට්කින් ස්පෙන්ස් පී.එල්.සී. සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය පරාක්‍රම දිසානායක
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එයිට්කින් ස්පෙන්ස් සංචාරක නොවන අංශවල ඉහළ කාර්ය සාධනයක් වාර්තා කරයි
nimal Wednesday, 15 September 2021 11:46 AM
බලන්න මේ ආයතන දියුණු වෙන හැටි . මා දකින හේතුව , ,සැලසුම් ,ගුණාත්මක පරිපාලනය , දක්ෂ කළමනාකරණය .,හොරකම නැති වීම . බලන්න අපේ රටේ රාජ්‍ය ආයතන මොන තරම් පාඩු ලබනවද . සාමාන්‍ය ජනතාව නොකළ වරදට පවු ගෙවනවා .අපේ රටේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් , උපදෙස් ලබා දෙන්නන් , සැලසුම් සාදන්නන් ,පරිපාලකයන් වැඩි දෙනෙක් රටක් කරන්නට තරම් දක්ෂයෝ නොවීම , මෙය ඔවුන් විසින් පෙන්වා දී හමාරයි .ප්‍රශ්නය , me තත්වය නිමා වන බවක් නොපෙනීම .විකල්පය කුමක්ද ? සාමාන්‍ය පුරවැසියකු වශයෙන් කණගාටුවෙන් පසු වෙමි . අපට අපගේ දරුවන්ට සුභ anagathayak අනාගතයක් සිහීනයකි ......? කියවන ඔබගේ අදහස ගරු කරමි
රණතුංග Thursday, 16 September 2021 03:03 PM
මෙම මනා කළමණාකරණයකින් යුතු ආයතනවල අනුග්‍රහය ඇතිව රජය හා අනුබද්ධ පාසල් අඩු මුදලකින් දරුන්ට අධ්‍යාපනය ලබාගැනීම සඳහා ඇරඹිය යුතුය. දැනට බොහෝ රජයේ පාසල් වල ශ්‍රම කළමණාකරණය ඉතා පහල මට්ටමක පවතින අතර ඉතා විශාල මුදලි ප්‍රමාණයක්ද අපතේ යයි. වර්ජන ගුරු ක්ෂේත්‍රයට පැමිණ තිබීමෙන් ඉදිරියේ ලංකාවේ රජයේ අධ්‍යාපනය ඉතා පහත් මට්ටමකට ඇදවැටීමට නියමිත අතරම ගුණාත්මක භාවයද පිරිහීම වැලැක්විය නොහැකිය.