X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


කටුනායක සහ මත්තල අතර ගුවන් ගමන්


කටුනායක සහ මත්තල අතර අභ්‍යන්තර ගුවන්සේවයක් ඇරඹීමට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම  තීරණය කර ඇත.
මෙමගින් ශ‍්‍රී ලාංකික ජනතාවට ගුවන් ගමනක ආශ්වාදය සමගින්  අත්දැකීම විඳගන්නට අවස්ථාව ලැබෙන බව එම ගුවන්සේවය කියයි.  
ගුවනේ සිට දර්ශනීය ස්ථාන නරඹමින් ගුවන්යානය ගමන් කරන බවද කියයි. 
කටුනායක සිට මත්තලට යාමට සහ ඒමට පිරිමැසුම් පන්තිය සඳහා ගුුවන්ගමන් ගාස්තුව රුපියල් හාරදාස් නමසිය අනූනමයක් වන අතර එක් මාර්ගයක් සඳහා රුපියල් දෙදාස් නවසිය අනූනමයකි.
 ව්‍යාපාරික පන්තිය සඳහා යාමට සහ ඒමට ගුවන් ගමන් ගාස්තුව රුපියල් දහසය දාස් දෙසීයක් වන  අතර එක් මාර්ගයකට පමණක්  රුපියල් නමදාස් පන්සීයකි.
මෙම පහසුකම මැයි 31 වෙනිදා තෙක් පමණක් බවද එම ගුවන් සමාගම කියයි.

 

 



අදහස් (0)

කටුනායක සහ මත්තල අතර ගුවන් ගමන්

සුජීවා Saturday, 16 March 2013 10:09 PM

පාස්පෝට් ඕනද (අ)

:       0       0

ශාන් Saturday, 16 March 2013 10:58 PM

පාස් පොට් එකක් ඕනෙද (දී)

:       0       0

කලවාන සුනිල් Saturday, 16 March 2013 11:26 PM

මමනම් සතුටුයි අත්තටම ඒ වැඩේට (දී)

:       0       0

අනුර Saturday, 16 March 2013 11:47 PM

යුද්ධය අවසන් නිසා මෙහෙම යන්න පුළුවන් වුණා. (නි)

:       0       0

සුජීව Sunday, 17 March 2013 12:02 AM

ටිකට් එක තිබුණහම ඇති. (නි)

:       0       0

රෝහිත Sunday, 17 March 2013 12:29 AM

මත්තලට වීසා නැතුව යන්න පුලුවන්ද? (නි)

:       0       0

හිල්ම් Sunday, 17 March 2013 01:20 AM

ජාත්‍යන්තර ගුවන් තොටක් කියන්නේ රටකට වාසනාවක් (දී)

:       0       0

සමන්ත Sunday, 17 March 2013 01:29 AM

මේකත් ආශ්චර්යයක් තමයි. (නි)

:       0       0

තුෂාර Sunday, 17 March 2013 02:05 AM

මෝඩ ප්‍රශ්න අහන්න එපා. පාස්පෝට් ඕනෑ එක රටක සිට තවත් රටකට යන්න. (නි)

:       0       0

නිශාන්ත Sunday, 17 March 2013 02:13 AM

අපිට අඩුවෙලා තිබුණේ මෙච්චරයි. දැන් ඒකත්හරි. ජය වේවා! (නි)

:       0       0

ලලිත් Sunday, 17 March 2013 02:39 AM

ශාන්, සුජීව, රට ඇතුළේ කරන ගුවන් ගමන් වලදී ජාතික හැදුනුම්පත පමණක් තිබීම ප්‍රමාණවත්. (නි)

:       0       0

ආනන්ද Sunday, 17 March 2013 03:06 AM

ඇහුවා නේද ශාන් මෝඩ ප්‍රශ්නයක්? (නි)

:       0       0

පිටිගල Sunday, 17 March 2013 03:12 AM

කටුනායකට ගිහින් යානය මත්තලට යන්නෙ ඇයි? (නි)

:       0       0

ශෙහාන් Sunday, 17 March 2013 04:37 AM

මම හිතන විදියට හැදුනුම්පත ප්‍රමාණවත්. (නි)

:       0       0

ජෝයි Sunday, 17 March 2013 05:09 AM

බොහොම හොද අදහසක්. ඒ වගේම සංචාරක මණ්ඩලයෙන් හෝටල් සංකීර්ණයක් ඉදිකරන්න දේශීය සංචාරකයන්ට හා නිවාඩුවට ලංකාවට එන විදේශගත ශ්‍රමිකයන්ට තමන්ගෙ දරුවන් සමග යාල වනෝද්‍යානය බැලීම සදහා. මේ සදහා විදේශසේවා නියුක්ති කාර්‍යන්ශයටද යම් කර්තව්‍යයක් කළ හැක. (නි)

:       0       0

ජයනාත් Sunday, 17 March 2013 05:53 AM

පාස්පෝට් ඕනෑද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ. (නි)

:       0       0

නවීන් Sunday, 17 March 2013 06:19 AM

අපේ අයියලා ඒකෙත් ටිකට් නැතුව හොරට යන්න පටන් ගනීවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

යොහාන් Sunday, 17 March 2013 07:22 AM

යාල, කතරගම, තිස්ස එහෙමත් ගිහින් එන්න පුළුවන්. (නි)

:       0       0

කිර්ති Sunday, 17 March 2013 07:49 AM

අනිවාර්යයෙන්ම තිබිය යුතුයි නැතිනම් ලංකාවේ ඉදන් ඉන්දියාවට යන්න යන වෙලාවට වඩා වැඩි වෙලාවක් යයි මත්තල ඉදන් කටුනායයකට යන්න (දී)

:       0       0

නිමන්ත Sunday, 17 March 2013 08:08 AM

යනව නම් 31න් ඉස්සෙල්ලා යන්න. නැත්නම් අනිවාර්යයෙන්ම 31න් පස්සෙ ගාන ගොඩක් වැඩි කරාවි. (නි)

:       0       0

කෙවින් Sunday, 17 March 2013 08:33 AM

අපිටම තමයි යන්න වෙන්නේ. වෙන රටවල ගුවන් යානා කුරුල්ලෝ නිසා එන්න පසුබහිනවා කියලා ආරංචියක් තියෙනවා. (නි)

:       0       0

චින්තාමණි Sunday, 17 March 2013 09:31 AM

අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක් (දී)

:       0       0

හේරත් Sunday, 17 March 2013 11:51 AM

ශාන් , සුජීව අනුවන කතා අහන්න එපා (දී)

:       0       0

චුලන්ත Sunday, 17 March 2013 12:32 PM

සුභපැතුම්.....සුභපැතුම්.....සුභපැතුම්.....සුභපැතුම්..... (දී)

:       0       0

බොතේජු Sunday, 17 March 2013 01:53 PM

සමන්ත ඔයාගේ කතාව හරියට හරි. ජයශ්‍රී ලංකා.(නදී)

:       0       0

උපුල් Sunday, 17 March 2013 02:16 PM

5000 ට අඩු හන්දා පිරිමැසුම් පන්තියේ යන්ට පුළුවන්. භාග ටිකට් නැද්ද.(නදී)

:       0       0

නිශාන්ත Sunday, 17 March 2013 02:18 PM

අපිට හරි සතුටුයි ජනාධිපතිතුමා අපේ රට වෙනුවෙන් කරන මෙහෙවරට.(නදී)

:       0       0

විරාජ් Sunday, 17 March 2013 03:23 PM

ලංකාවට සුභ අනාගතයක් (දී)

:       0       0

අජිත් Sunday, 17 March 2013 03:44 PM

මගේ ලංකා මාතාවට සුභපැතුම් (දී)

:       0       0

චානුක Sunday, 17 March 2013 04:06 PM

මෙක හොද වැඩක්... මොකද කටුනායක ඉදන් මත්තලට හිස් ගුවන් යානයක් යවන ඒකේ... කියක් හරි දිලා යන එක පහසුයිනේ... එත් වැඩේ කියන්නේ.... අපේ මිනිස්සු යයිද?? (දී)

:       0       0

සමන් Sunday, 17 March 2013 05:04 PM

පෑලියගොඩින් බහින්න බැරිද අපිට? (නි)

:       0       0

තිලක් Sunday, 17 March 2013 09:59 PM

ඒව‍ට වෙනම ගුවන් යානා ගෙනවාද (දී)

:       0       0

බණ්ඩා Sunday, 17 March 2013 10:01 PM

නිශාන්ත, මොකද ඔයාට ඔච්චර සතුටු? (නි)

:       0       0

විමුක්ති Sunday, 17 March 2013 10:02 PM

නිශාන්ත, ඔහේලා වගේ අය සතුටු වෙන්නේ 2%යි. 98%ක්ම දුක් වෙනවා. (නි)

:       0       0

නන්දන Sunday, 17 March 2013 10:25 PM

දියුණු රටවල තියෙන ප්‍රාදේශීය ගුවන් සේවා දියුණු වෙමින් පවතින රටක් වන අපෙත් තියෙනවා කියන්නේ ඉතා හොද දෙයක් (දී)

:       0       0

රුවන් Sunday, 17 March 2013 11:21 PM

නියමයි .... නියමයි ... ( දී)

:       0       0

සමීර Sunday, 17 March 2013 11:21 PM

ඉතා හොද අගය කල යුතු වැඩක් (දී)

:       0       0

සංජීව Monday, 18 March 2013 03:41 AM

මට මාතරින් බහින්න පුළුවන්ද?(නදී)

:       0       0

දිසානායක Monday, 18 March 2013 04:20 AM

අනිවාර්යයෙන් වීසා ගන්න වෙනවා. හම්බන්තොට දැඩි ආරක්ෂිත කලාපයක් නිසා.(නදී)

:       0       0

හිරාන් Monday, 18 March 2013 07:02 AM

ජනාධිපතිතුමනි, ඔබ නම් සැබෑ රජ කෙනෙකි. ලංකාව ඔබට බාරයි.(නදී)

:       0       0

මිතිල Monday, 18 March 2013 07:21 AM

ප්‍රවාහන සේවය ඉතා දියුණු තත්වයක තියෙනවා ලංකාවේ (දී)

:       0       0

තිලක් Monday, 18 March 2013 07:52 AM

ප්‍රාදේශීය මට්ටමෙන් ගුවන් සේවා තියෙන එක ඉතා වැදගත් (දී)

:       0       0

කමල් Monday, 18 March 2013 08:28 AM

හිරාන් කියන දේම තමයි මටත් කියන්න වෙන්නේ. සැබෑම රජෙක් තමයි.(නදී)

:       0       0

නිහාල් Monday, 18 March 2013 09:53 AM

අපේ ජනපතිතුමාගේ නම ඉතිහාස පොතේ රනින් ලියැවේවි. (නි)

:       0       0

සජීව Monday, 18 March 2013 11:33 AM

අපි ලෝකෙම දින්නා (දී)

:       0       0

එරංග Monday, 18 March 2013 01:13 PM

මට සමහර අදහස් දැක්කහම දුකයි. රුපියල් 5000ක් ඉතුරු කරගත්තොත් බිල් ටික ගෙවාගන්න පුලුවන්. (නි)

:       0       0

ජයනාත Monday, 18 March 2013 01:13 PM

ජනාධිපතිතුමාට අපේ සුභපැතුම්! (නි)

:       0       0

ලාල් Monday, 18 March 2013 02:03 PM

ප්‍රාදේශීය ගුවන් සේවා රට පුරා ව්‍යාප්ත කරන්න (දී)

:       0       0

සනත් Monday, 18 March 2013 04:53 PM

ගුවන් සේවා මගින් උපරිම සේවය ලබා ගන්න (දී)

:       0       0

සුසන්ත Monday, 18 March 2013 04:51 PM

ඒ වැඩෙත් හොදයි (දී)

:       0       0

ඉවාන් බටවල Monday, 18 March 2013 06:25 PM

ජයවේවා, මත්තල ගුවන්තොටට, සුභ අනාගතයක් වේවා (දී)

:       0       0

ජානක Monday, 18 March 2013 08:14 PM

ණය අරගන්නේ නැතිව මෙවන් විශාල ව්‍යාපෘති කරන්න බැහැ (දී)

:       0       0

විතානගේ Tuesday, 19 March 2013 01:16 AM

ලංකාවේ අයට ගුවන් ගමනක් යන්න ලැබෙන එකට සමහර අය අකමැතියි.(නදී)

:       0       0

සුරාජ් Tuesday, 19 March 2013 03:37 AM

රටක දියුණු වේ රහස්

:       0       0

දීපිකා කුරුණෑගල Tuesday, 19 March 2013 07:20 AM

අවුරුදු පහෙන් පාර ළමයින්ට ටිකට් ගන්නවාද (අ)

:       0       0

අමිල Tuesday, 19 March 2013 08:23 AM

සුභපැතුම් ශ්‍රී ලංකා (දී)

:       0       0

සමන්ත Tuesday, 19 March 2013 12:20 PM

මිනිසා දේශපාලන සත්ත්වයෙක් කියලා ඇරිස්ටෝටල් කිවුවා හරි. (නි)

:       0       0

උදේශ් Tuesday, 19 March 2013 02:10 PM

මේ වැඩේ රටට ආඩම්බරයක් (දී)

:       0       0

බන්දුල Tuesday, 19 March 2013 03:35 PM

ජයවේවා.... දකුණට යන්න පැයයි යන්නේ එතකොට (දී)

:       0       0

ජයා Tuesday, 19 March 2013 05:33 PM

කොළඔ සිට පිටවන යානා බලෙන් බස්සවලා නග්ගනකොට එම අනවශ‍්‍ය වියදම අවසානයේදි ගුවන් මගියාගේ ටිකට් පතටම එකතු වේවිද? (නි)

:       0       0

රණතුංග Tuesday, 19 March 2013 08:59 PM

ඕක විතරයිනේ අඩුවට තිබුණෙත්..!(නු)

:       0       0

පනාගොඩ Tuesday, 19 March 2013 10:27 PM

ලංකාවේ බඩු මිළයි , ණය බරයි අහලා ඔළුවත් කැරකෙනවා. (නි)

:       0       0

රමේශ් Tuesday, 19 March 2013 10:32 PM

නදී වගේ මෝඩියෙකුටම තමයි මේවා හොද. (නි)

:       0       0

ලංකා Wednesday, 20 March 2013 12:31 AM

රට ඇතුළේ ගමන් යන්න පාස්පෝට් වුවමනා නැහැ. (නි)

:       0       0

විකී Wednesday, 20 March 2013 03:05 AM

ජයා, අසුබවාදීව හිතලා නිකන් බොරුවට මෝඩ අදහස් නොදී වෙන්නෙ මොකක්ද කියලා බලාගෙන ඉන්න. (නි)

:       0       0

සමන් Wednesday, 20 March 2013 09:51 AM

කතරගම යන්නත් පහසුයි දැන් (දී)

:       0       0

හේමාල් Wednesday, 20 March 2013 09:50 AM

කොච්චර ගන්නවාද (දී)

:       0       0

රුවන් Wednesday, 20 March 2013 10:36 AM

ඒ වැඩේ අනිවාර්යයෙන්ම තිබිය යුතුයි (දී)

:       0       0

බර්නාඩ් Wednesday, 20 March 2013 02:28 PM

ආසියාවේ ආශ්චර්ය ඇත ලගයි (දී)

:       0       0

බර්නාඩ් Wednesday, 20 March 2013 02:33 PM

අපේ හීනය ටිකෙන් ටික සැබෑ වන ලකුණු (දී)

:       0       0

නිරෝෂන් Wednesday, 20 March 2013 02:49 PM

ඒකත් මැයි 31 වෙනිදා වෙනකම් විකරයි.(නදී)

:       0       0

ගලබඩ Wednesday, 20 March 2013 08:31 PM

ගුවන් නියමුවන්ට අලි එළවන කවි ගැන විශේෂ පුහුණුවක් දෙන්න වේවි නේද? (නි)

:       0       0

ඩයස් Thursday, 21 March 2013 02:42 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේක පැය කීයක ගමනක්ද? (නි)

:       0       0

නාලක Thursday, 21 March 2013 08:12 AM

මම සුභපතනවා (දී)

:       0       0

ලාල් Thursday, 21 March 2013 08:12 AM

ප්‍රාදේශීය මට්ටමෙන් තිබිය යුතුයි (දී)

:       0       0

අජිත් Thursday, 21 March 2013 09:47 AM

මමත් යනවා (දී)

:       0       0

චුලාන් Thursday, 21 March 2013 10:57 AM

ඉතා වැදගත් වැඩක් (දී)

:       0       0

ඉන්දික Thursday, 21 March 2013 11:39 AM

රටක් තුල තවත් ජාත්‍යාන්තර ගුවන් තොටුපලක් ඉදිවීම ජාතියක් ලෙස අප ලැබූ මහා ජයකි. ඒ වෙනුවෙන් අප සතුටු වන්නේ හදවතින්මය. නමුත් කොන්ද පන නැති නපුංසක අදහස් දකින කොට නම් දුකකුත් ඇති නොවෙනවාම නොවේ. ආදරණිය අම්මේ ලංකා, නුඹ පළදින කිරුළක් කිරුළක් පාසා ශ්‍රී ලාංකික වූ අප හදවත් අභිමානයෙන් පිරි යන්නේය. (නි)

:       0       0

චින්කා Thursday, 21 March 2013 12:03 PM

ඩයස්, විනාඩි තිස් පහයි. (නි)

:       0       0

තාරක Thursday, 21 March 2013 01:25 PM

අන්න හොදයි (දී)

:       0       0

නිමාලි Thursday, 21 March 2013 02:54 PM

මේ සඳහා පොඩි ගුවන්යානා පාවිච්චි කරන්න නැතිනම් අධික ඉන්දන වියදමක් දරන්න වෙනවා (දී)

:       0       0

චින්තක Thursday, 21 March 2013 04:19 PM

පිටරටවල සේවය කරන උතුරු මැද පළාත් වාසීන්ට නිවාඩු ඇවිල්ලා ගෙදර යන්න දැන් කොච්චර ලේසිද? අනේ වාසනාවන්. දකුනට කිරි, අපිට කැකිරි.(නදී)

:       0       0

ජනත Thursday, 21 March 2013 05:58 PM

බදු නැතිව බඩු ගන්න පුලුවන්ද?(නදී)

:       0       0

සුනිල් Thursday, 21 March 2013 07:43 PM

ළගදීම අපි හැමෝම අහසින් පොලවට. (නි)

:       0       0

ප්‍රේමකුමාර Thursday, 21 March 2013 08:54 PM

ගොඩක් සෙනග පිරුණොත් හිටගෙන තමයි යන්න වෙන්නේ. (නි)

:       0       0

ජගත් Thursday, 21 March 2013 09:32 PM

රටක මෙවැනි දේවල් කරන්නේ බොහොම කලාතුරකින්. ලෝකයේ අලුත් ගුවන්තොටුපෙලෙවල් බිහිවන්නෙත් කලාතුරකින්. ලංකාවට දුන්න දායාදයක් මේක. මෙහි ප්‍රතිපල හෙට ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් අද ගුවන් සමාගම් දෙන ඩිස්කවුන්ට් එකවත් ගන්නේ නැති අය ලංකාවේ ඉන්නවා කිවිවොත් දුකයි. (නදී)

:       0       0

මො හමඩ් Thursday, 21 March 2013 11:39 PM

බොහෝම හොදයි.(නදී)i

:       0       0

ශානිකා Friday, 22 March 2013 12:28 AM

ලස්සනට තියෙයි ඇත්තටම (දී)

:       0       0

කසුන් Friday, 22 March 2013 06:04 AM

අපිට ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් දෙකක් අවශ්‍ය නැහැ.(නදී)

:       0       0

කසුන් Friday, 22 March 2013 09:11 AM

කටුනායක ගුවන්තොටුපොළ හීතෘ වගේ කාර්යබහුල වුනානමි දෙවැනි ගුවන්තොටුපොළක් හැදුවට කමක් නැහැ. නමුත් කටුනායකට එන්නේ ගුවන්යානා 50 කටත් අඩු ප්‍රමාණයක්. රජයට සහ ලංකාවේ ගුවන්සේවා සමාගම්වලට මෙය ලොකු පාඩුවක් වෙනවා ඉදිරියෙදි.(නදී)

:       0       0

ජැක්සන් Friday, 22 March 2013 09:19 AM

බිස්නස් ක්ලාස් එකකුත් තියෙනවද? (නි)

:       0       0

උදිත් Friday, 22 March 2013 10:03 AM

මෙලෝ රහක් නෑ (ස)

:       0       0

චමින්ද ජයනාත් Friday, 22 March 2013 10:40 AM

මම හිත්නනෙ මත්තල ගුවන් තොටුපලේ තව කරන්න වැඩ ගොඩක් තියෙනව කියල.පහසුකම් තවම ප්‍රමාණවත් මදි කියල හිතෙනව සංචාරකයින්ට.කොහොම නමුත් හොද පරිපාලනයක් සහිතව කරගෙන ගියොත් ඉදිරියෙදි දියුණු ගුවන් තොටුපොලක් බවට පත් වේවි මත්තල. (ස)

:       0       0

මස්සිනා Friday, 22 March 2013 11:04 AM

ප්‍රාදේශීය ගුවන් ගමන් ඉතා වැදගත් රටකට (දී)

:       0       0

ඉරංග Friday, 22 March 2013 11:15 AM

හොඳ වැඩක්, හැබැයි ඔය මුදල වැඩි කරන්නනම් එපා (ස)

:       0       0

අලහප්පෙරුම Friday, 22 March 2013 01:01 PM

මත්තලා ඉඳලා එන්නේ මොහොකින්ද ?....(ස)

:       0       0

ශානිකා Friday, 22 March 2013 01:14 PM

මමත් යනවා ඒකනම් (දී)

:       0       0

ශානිකා Friday, 22 March 2013 01:17 PM

ගලබඩ, ඔයා අලි එලවන්න කවි කියලා.(නදී)

:       0       0

ශානිකා Friday, 22 March 2013 01:11 PM

ගලබඩ , ඔයා අලි එලවන්නෙත් කවි කියලද ? (ස)

:       0       0

කුමාරි Friday, 22 March 2013 04:04 PM

විනාඩි 35 කට රුපියල් 5000 දෙන වෙලාවේ පවුලේ හැමෝම එක්ක විනෝද චාරිකාවක් හැටියට ඒ මුදලෙන් හයර් එකකට වැන් එකක් ගන්නවා ඒ ගමන යන්න. ගෙදර ආර්ථික ප්‍රශ්න මදිවට තවත් මේනියාවක් එක්කලා තරුණ සිතුවිලි වලට.(ස)

:       0       0

හේමන්ත Friday, 22 March 2013 04:24 PM

අවශ්‍ය අය යාවි . මොකද්ද මේ සමහරුන්ට වෙලා තියෙන්නේ ? (ස)

:       0       0

සේරම් Friday, 22 March 2013 04:34 PM

අපේ රට තිස් වසරක කුරිරු යුද්දයෙන් බේරලා දුන්නට. බොහො අය එය අගය කරන්නේ නැහැ. විදේශ මුදල් වලට අපේම රට පාවලා දෙන්න යන්නේ. රටට ජාතියට රට බේරාදුන් ආන්ඩුවට අපහාස කරලා.(නදී)

:       0       0

ලංකා Friday, 22 March 2013 07:34 PM

මේකටත් ඇමතිවරයෙක් පත්වේවිද? (නි)

:       0       0

සුනිල් Friday, 22 March 2013 08:57 PM

නියමයි.(නදී)

:       0       0

කවිඳු Friday, 22 March 2013 09:58 PM

කවදාවත් ගුවන් ගමනක ගිය නෙති ය කොච්චර ඉන්නවද.ඉතින් මේක හොද අවස්ථාවක්.හෙමදෙයක් ගෙනම අසුබවාදී විදියට හිතන්නෙපා.

:       0       0

ජයා Friday, 22 March 2013 10:31 PM

අනේ ඉතින් ඕක අහපු ගමන් අපේ අයියල කොටසකට නින්ද යනේකත් නැහැ.නිදි වරාගෙන ගහන්න මඩ හදනවා ඇති.හම්බන්තොට දිස්ත්‍රික්කෙට සිදුවී ඇති සන්වර්දනය දිහා බලන කොට එම දිස්ත්‍රික්කේ එකුදු පුද්ගයෙකුටවත් මේ රජයට වරදක් කීම සදාචාර නැහැ. එහෙම කරනවානම් එවුන් මහම මහා කුහකයෝ පිරිසක්.

:       0       0

මාධව Friday, 22 March 2013 11:07 PM

ලංකාව ලෝකේ ඉහලින්ම බැබලේවා (දී)

:       0       0

හේවාවිතාරණ Saturday, 23 March 2013 04:26 AM

වාසනාවන් හරි වාසනාවන් ... (ස)

:       0       0

රශ්මි Saturday, 23 March 2013 06:56 AM

කාටද ආඩම්බර (දී)

:       0       0

පිටිගල-මිලානෝ Saturday, 23 March 2013 03:37 PM

ගලබඩ, මත්තලට එන්න ගුවන් නියමුවන්ට අලි මන්තර උගන්වනවළු. මුලින්ම පාලන මැදිරියටත් එක්ක සම්බන්ද වෙන්නේ දහ අලිය දහ කියලලු.(නදී)

:       0       0

නිසාර් Saturday, 23 March 2013 10:03 PM

පුට් බෝඩි එකේ යන්න පුලුවන්ද? කෑම බීමත් දෙනවද? (නදී)

:       0       0

කළණ Saturday, 23 March 2013 10:15 PM

ඇත්තටම හොදයි. ඒවගේම ලාභයි. (නි)

:       0       0

නිහාල් Sunday, 24 March 2013 08:21 AM

කොච්චර කාලයක් ගතවෙනවද (නි)

:       0       0

ඉන්දිරා Sunday, 24 March 2013 11:43 AM

මේ රටේ මෝඩ අය කොයිතරම් ඉන්නවද කියලා දුකත් හිතෙනවා.(නදී)

:       0       0

නලින්ද Sunday, 24 March 2013 12:50 PM

ජනාධිපතිතුමා කරන කාර්යයන් වලට ජය‍වේවා! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 24 March 2013 02:27 PM

මත්තල, විරවිල, කොග්ගල, කටුකුරුන්ද, රත්මලාන හරහා කෙටි ගුවන් සේවයක් ආරම්භ කරන්න. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 24 March 2013 02:29 PM

ජයා, සංවර්ධනය කියන්නේ රටම ලෝකයට ණය වෙන එකද? (නි)

:       0       0

නිරෝෂන් Sunday, 24 March 2013 04:04 PM

කවුරු මොනවා කිවුවත් ඒක නම් හොද දෙයක් :) (නි)

:       0       0

අසාම් Sunday, 24 March 2013 04:07 PM

දැන් කන්න බොන්න සල්ලි නැතුව ඉන්න අපි පලයන්කො හෙලිකොප්ටරේ! (නි)

:       0       0

අජිත් Sunday, 24 March 2013 05:39 PM

පිස්සු.

:       0       0

පනාගොඩ Sunday, 24 March 2013 08:19 PM

තව එයාර්පෝට් එකක් දඹාන පැත්තෙනුත් අරින්න පුළුවන් නම් වන්නියලා ඇත්තොන්ටත් පිටරට පොජ්ජට මන්ද කොරලා ෂොපින් පොජ්ජක් කරලා එන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

ජනක සම්පත් Sunday, 24 March 2013 11:01 PM

ඕක කියා කියා කොහොමද විදුලි බිල 01 වෙනිදට වැඩි වෙනකොට?? ඔය සල්ලි තියාගනිමු විදුලි බිල ගෙවන්න, අවුරුදු මාසේ ඉදන්. (නි)

:       0       0

නිමල් Monday, 25 March 2013 02:13 AM

මේ ගොල්ලෝ දුප්පත් මිනිසුන්ගේ සල්ලිවලින් ගත්ත ගුවන් යානා ටික පාවිචිචි කරන්නේ පොඩි එවුන් කාර් සෙල්ලමි කරනව වගේ පිස්සු වැටිලා.(නදී)

:       0       0

ඉරංග Monday, 25 March 2013 09:01 AM

දැන් ඉතින් අපි සේරම මත්තල ගැන කතා කර කර ඉන්නකොට බ‍ඩුමිල වැඩි වෙන එක ගැන කවුද කතා කරන්නේ. (ස)

:       0       0

පෙරේරා Monday, 25 March 2013 02:33 PM

මෙහෙම සෙල්ලම් කරනකොට බඩු මිල ඉහල යනවා නොදැනුවත්වම (ස)

:       0       0

නුවන් Monday, 25 March 2013 04:52 PM

සුභපැතුම් ශ්‍රී ලංකා (දී)

:       0       0

කැලුම් Monday, 25 March 2013 05:02 PM

ඒ යානාවලට රෝද තියෙනවද? (නි)

:       0       0

අජිත් Tuesday, 26 March 2013 12:00 PM

ලෝකේ දිනන්න අපෙන් සුභපැතුම් (දී)

:       0       0

පිටිගල Tuesday, 26 March 2013 06:16 PM

මීහරක් බලා ගන්න එක කොල්ලෙක්වත් නෑ ඔක්කොම පිටරට යන්න ලෑස්ති වෙනවා (ස)

:       0       0

සම්පත් Tuesday, 26 March 2013 08:57 PM

කටුනායක, කොළඹ, අවිස්සාවේල්ල, වැල්ලවත්ත, කතරගම, මත්තල, මත්තල, මත්තලඅඅඅඅඅඅ.... (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 27 March 2013 12:49 AM

ජයවේවා අපිට දකුණට යන්න දැන් පහසුයි (දී)

:       0       0

මුතුකුඩ Wednesday, 27 March 2013 01:06 AM

‍මේ ගමන පුස්පාටි එකෙන් යන නිසා පාස්පෝට් අවශ්‍යය නැත.(නදී)

:       0       0

රකිත් Wednesday, 27 March 2013 10:36 AM

හැබෑටම, අඩි කීයක් උඩින්ද යන්නේ? (නි)

:       0       0

ජගත් Wednesday, 27 March 2013 05:01 PM

රටක දියුණුවට මේවා තියෙන්න ඕනේ

:       0       0

නාලක Wednesday, 27 March 2013 06:53 PM

රුපියල් 50කට කොච්චර දුර ගෙනියනවද? (නි)

:       0       0

මුතුකුඩ Thursday, 28 March 2013 04:35 AM

කෙනෙක් ඇහැවාලු කටුණායක ඉදලා මත්තලට කොච්චර දුරද මචං කියලා. එවිට මිතුරා පිළිතුරු දුන්නාලු මත්තල ඉදලා කටුණායකට තියෙන දුරම තමයි මචං කියලා. මේකත් ඒ වාගේ වැඩක්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

පිටිගල Thursday, 28 March 2013 05:06 AM

කුරුල්ලෝ හැපෙද්දී ඉන්ෂුවරන්ස් ප්‍රශ්න ඇතිවෙනවා නේද? (නි)

:       0       0

ලංකාවෙ කොල්ලෙක් Thursday, 28 March 2013 05:12 AM

ශ්‍රී ලංකන් එකේ කස්ටමර් සර්විස් එක ගැන නම් මීටවැඩිය අවධානය යොමු කරන්න වෙයි. (නි)

:       0       0

ගුණතිලක Thursday, 28 March 2013 12:22 PM

නියම ව්‍යාපෘතියක් (දී)

:       0       0

චමිල් Thursday, 28 March 2013 05:01 PM

මම ආදරෙයි.

:       0       0

තබ්රූ Thursday, 28 March 2013 09:37 PM

හොද පුවතක්. සුභ පැතුම්! (නි)

:       0       0

නිලම්බරි Thursday, 28 March 2013 09:43 PM

රටක දියුණුවට මෙම ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීම ගැන අතිශය කෘතවේදි භාවය ඵල කර සිටිමි. පාසල් දරුවන්ගේ නිවාඩු කාලය ඉතාමත් අර්ථවත් ආකාරයට ගත කිරීමත් අධ්‍යාපනික කටයුතු සාර්ථක කර ගැනිමත් සදහා මෙම ගුවන් ගමන මහෝපකාරි වන බව නොරහසකි. එබැවින් මෙම ගුවන් ගමන් කාලය අගෝස්තු 31 දක්වා දීර්ඝ කිරීමට කාරුණික වන ලෙස මතක් කර සිටිමි. (නි)

:       0       0

අකලංක Friday, 29 March 2013 11:00 AM

මේ ගුවන් තොටුපළ සදහා තෝරාගත් ‍භූමිය පිහිටි ප්‍රදේශයට මගේ නම් කැමැත්තක් නැහැ. (නි)

:       0       0

නන්දසිරි Friday, 29 March 2013 11:57 AM

මෙම ගුවන් සේවය රත්මලාන ගුවන් තොටුපළිනුත් ආරම්භ කරන්න. (නි)

:       0       0

උදය Saturday, 30 March 2013 04:56 AM

කන්න බොන්න අපහසුකම් තියෙන හම්බන්තොට මිනිස්සුන්ට මේ සල්ලි යොදවලා ප්‍රයෝජනවත් යමක් කළා නම් කොච්චර හොදද? (නි)

:       0       0

අභේරත්න Saturday, 30 March 2013 07:16 AM

මිළ ගණන් නම් ටිකක් වැඩියි නේද? (නි)

:       0       0

විපුල Saturday, 30 March 2013 07:55 AM

ධනාත්මක අදහස් එවූවන් සමග මමද එකග වෙමි. (නි)

:       0       0

කන්දෙ නිහාල් Saturday, 30 March 2013 08:06 AM

මෙතන සමහර අදහස් දැක්කම අප්පිරියා හිතෙනවා. මේ වගෙ ඍනාත්මකව හිත්න අය හින්දා තමා මේ රටට දි‍යුණු වෙන්න දෙන්නෙ නැත්තෙ (නි)

:       0       0

තිලක් ඩුබායි Saturday, 30 March 2013 02:29 PM

මෙම ගුවන් ගමන් කාලය අගෝස්තු 31 දක්වා දීර්ඝ කිරීමට කාරුණික වන ලෙස මතක් කර සිටිමි. (අ)

:       0       0

ලාල් ගලබඩ ඉතාලියේ ලෙක්කෝ සිට Saturday, 30 March 2013 06:08 PM

අලි මදිවට කුරුල්ලෝ කිවුවලු (නි)

:       0       0

තිලක් ඩුබායි. Sunday, 31 March 2013 04:33 PM

දුම්රිය ගාස්තු වැඩි කළාට මත්තටන එන ගුවන් ගමන් ගාස්තුවනම් එකසිය ගානට අඩු කරනවා. එයා අරාබි එක මත්තලට එන්න ගන්නේ රුපියල් 13,9654 යි. කටුනායකට එන ගාස්තුව රුපියල් 20475 යි. එහෙම දීලවත් එයා බස් එකකට සීට් ගානට සෙනග හොයා ගන්න බැරිව දගලනවා. කාට කියන්නද ? (ස)

:       0       0

කිලක්-ඩුබියි Sunday, 31 March 2013 07:04 PM

ලංකාවේ ඇතුලේ සිටින කෙනෙක් ගියොත් මිසක් පනට ආදරේ ඇති කෙනෙක් නම් මත්තලින් නමි යන්න එන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site