(කල්පීටිය පද්මා කුමාරී කංකානම්ගේ )
"ශ්‍රී ලංකාව මාල දිවයිනට නොදෙවෙනි සංචාරක පුරවරයක් කරන්නට බලා පොරොත්තුවෙනවා. මාල දිවයින හා තරගයක් ලබා දීමට නම්, සුන්දර දූපත්වලින් අනූන කල්පිටියේ සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනය කළ යුතුයි. මාල දිවයිනට නොදෙවෙනි චමත්කාරයක් කල්පිටිය දූපත් වල තිබෙනවා."
සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා එසේ අදහස් ප්‍රකාශ කළේ, අද (18 )දින, කල්පිටිය සංචාරක පුරවරයේ හෝටල් හිමියන් සහ ආයෝජකයින් හමුවෙමිනි.
තව දුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද පැවසුවේ ය.
"කල්පිටියේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සංචාරක ප්‍රවර්ධන අමාත්‍යාංශයෙන් කිසිම දෙයක් සිදු කරළා නැහැ. දැනට අන්තර්ජාලයේ තිබෙන්නේ කල්පිටියේ සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් විසින් නිර්මාණය කරණ ලද වීඩියෝපටි පමණයි."
"කල්පිටිය ඓතිහාසික වශයෙන් වටිනාකමක් ඇති පුරවරයක්. මිනිස් ජනපදවල ආරම්හය හෙවත් තම්බපණ්නී නිජ බිම පිහිටලා තිබෙන්නේ මේ ආසන්නයේ. දියඹේ දැකිය හැකි දැවැන්තම මත්සයා තල්මසාත්, ගොඩබිම දැකිය හැකි දැවැන්තයා අලියාත් සංචාරකයින්ට එකම චාරිකාවකින් දැකිය හැක්කේ මෙහේ පමණයි. ඊට අමතරව ඩොල්පින් මසුන්, කොරළ් පරය, දිය මත සරුංගල් ක්‍රීඩාව, ඇතුලු විවිධ ජල ක්‍රීඩා, විල් පත්තුව ගඟේ වාඩිය ප්‍රදේශයන්හී ගෝණා, මුවා සහ දිවියා දැකිය හැකියි."
" සංචාරක කර්මාන්තය ස්ථාපනය වී තිබෙන, සෑම ප්‍රාදේශීය ලේකම් කර්යාලයකටම සංචාරක සංවර්ධන නිලධාරියෙකු පත් කරණ ලෙස මම ගරු ජනාධිපතිතුමාට යෝජනා කළා " යැයි පැවසීය.
මෙහිදී,කල්පිටිය සංචාරක සංවර්ධන සංගමයේ ලේකම් එස්.එම්.මලික් මහතා ප්‍රකාශ කළේ සංචාරක නිකේතනයන්ට ප්‍රවේශ වීමේ මාර්ගයන් අබලංව පැවැතීම, පෙර දැනුම් දීමකින් තොරව සිදුවන, නිතර සිදුවන විදුලි කප්පාදුව, කැළි කසල බැහැර කිරීමේ අක්‍රමවත් බව, සංචාරක කර්මාන්තයට බාධාවක් බව පෙන්වා දුන්නේය.
දිය මත ලිස්සා යාමේ ක්‍රීඩා පාසැල් සංගමයේ ලේකම් දිල් සිරි වැළිකල මහතා පෙන්වා දුන්නේ, බලපත් නොමැතිව විදේශීය සරුංගල් පුහුණුකරුවන් කල්පිටියට පැමිණ, විදේශ ක්‍රීඩකයින් සදහා පුහුණු පාඨමාලා පවත්වමින්, මුදල් උපයන බවත් සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මැදිහත්ව මේවා නැවැත්වීමට පියවර ගන්නා ලෙසත් ය.
කල්පිටියේ සංචාරක නිකේත්න 117ක් ඇතත් ඉන් 20 ක් පමණක් ලියාපදිංචි බවත්, ජල ක්‍රීඩා පාසැල් 13ක් ඇතත් ඉන් 9 ක් පමණක් ලියාපදිංචි බවත් මෙහිදී අනාවරණය විය.
ලියා පදිංචි නොමැති සියලුම ක්‍රීඩා පාසැල් සහ සංචාරක නිකේතන වහාම ලියා පදිංචියට පියවර ගන්නා ලෙසට අමාත්‍යවරයා මෙහිදී අදාළ නිළධාරීන්ට දැනුම් දුන්නේ ය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කල්පිටිය සංචාරක පුරවරයක් කරන්න බලාපොරොත්තු වෙනවා
Amula Saturday, 18 January 2020 04:58 PM
මුන්නැහේටනම් හොඳයි. අරවා මුහුදෙන්ම ගෙනල්ලා මුහුදෙන්ම විකුණනන්න පුලුවන්.
saman Sunday, 19 January 2020 04:41 AM
ඉතාම හොඳ අදහසක්. මාලදිවයිනට ගිහින් බැලුවොත් පෙනේවි ඔවුන්ගේ සංචාරක ව්‍යාපාරයේ දියුණුව සදහා සබ්මැරින්, සි ප්ලේන් ඇතුළු නවීන විනොදාශ්වාදන ක්‍රම සංචාරක කර්මාන්තය සදහා ඔවුන් භාවිත කරනවා. හැබැයි බොරුවට කටින් බතල කොළ නොහිටවා උනන්දුවෙන් වැඩ කළොත් අපිටත් ඒ තත්වෙට යන්න පුළුවන් වේවි.
lanka Sunday, 19 January 2020 08:32 PM
ලංකාවේ හොඳ මාදිලියේ බෝට්ටුවක් නැති හින්ද පිට රටකින් හරි ගෙනල්ල සංචාරක අංශයට දාන්න හදද්දී ලෝකේ නැති දේවල් කියලා ඒක කඩාකප්පල් කරන රාජ්‍ය ආයතන , එක්ක ඔය කතා හමස් පෙට්ටියට තමයි .
radirs Monday, 20 January 2020 12:20 PM
ආයේ ඡන්දේ දෙන්න එපා. වෙන කෙනෙකුට ඡන්දෙ දෙමු.
wlgman Monday, 20 January 2020 09:00 PM
මෙයා හදන්නේ ආපහු පාර්ලිමේන්තු යන්න.
Raymand pranandu MADAMPE Tuesday, 21 January 2020 12:02 PM
මෙයා ආවොත් බඩුම තමයි......
ferna Wednesday, 22 January 2020 06:56 AM
රටම දන්න ලෝක හොරෙක්..............
Amila Chathuranga Friday, 24 January 2020 05:03 AM
මෙයා කරන්න හදන්නේ දැනට තයෙන ඒවාට බලපත් දීලා ඒවායෙන් ගානක් කඩාගන්න වැඩක් වගේ. ඒම නැතුව කරන්න හදන අලුත් දෙයක් කියලා නැහැ නෙ.
Kumara Sunday, 26 January 2020 08:57 AM
සංහාර කෙසේවෙතත් එතනෝල් පුරවරයක් නම් වෙයි..
athula Sunday, 26 January 2020 05:54 PM
රටකට ගිය කලක්... කොහොමද මේවගේ දෙයක් කරන්නේ? අනේ මන්දා අපේ ජනාධිපතිතුමා රට ගොඩගන්න හදන්නේ මේවගේ අය එක්කද? සිහිනයක් තමයි ඉතින් දෙයියන්ගේම පිහිටයි.