විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කැපී පෙනෙන වෙනසක් ඇති කරමින් සුවිශේෂී නායකත්ව හැකියා පිළිබිඹු කළ විශිෂ්ට කාන්තාවන් අගයමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම යළිත් වතාවක් කාන්තා කළමනාකරණ ආයතනය, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහ ඕස්ට්‍රේලියානු රජය සමග අත්වැල් බැඳ ගනිමින් 'Top 50' Professional and Career Women Awards' සම්මාන ප්‍රදානොත්සවයේ ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කර ඇත.
මෙවර මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වුණේ 11 වැනි වරටයි.
විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කටයුතු කර සමාජයේ සෙසු කාන්තාවන්ට ද පූර්වාදර්ශ සපයමින් වෘත්තීය කාර්යයේ නිරත විශිෂ්ට කාන්තාවන් 470කට අධික පිරිසක් පසුගිය වසර කිහිපය පුරාවට මෙම සම්මාන උළෙල මගින් ඇගයීමට ලක්කර ඇත. ඒ අතර බැංකුකරණ සහ මූල්‍ය, ආගන්තුක සත්කාර, මාධ්‍ය, නීති, සැලසුම් හා කාර්ය සංවිධාන සහ සැපැයුම් ජාල ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍ර නියෝජනය කළ අය වෙති. 'Tpo 50' Professional and Career Women Awards' සම්මාන ප්‍රදානෝත්සවය තුළින් විවිධ වෘත්තීමය ක්ෂේත්‍රයන්හි සේවිකාවන්, ව්‍යවසායිකාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රවල නායිකාවන් ලෙස කාන්තාවන් ඉටුකරනු ලබන විශිෂ්ට කාර්යභාරය ඇගයීමට ලක් කෙරෙන අතර, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සමාජීය හා සදාචාරාත්මක වශයෙන් ඉතා වැදගත් දෙයක් බවත්, එය ව්‍යාපාරමය වශයෙන් ප්‍රතිඵලදායක බවත් සනාථ කරයි.
ඩයලොග් සමාගම තුළ කාන්තාවන්ට ඔවුන්ගේ වෘත්තීමය ඉලක්ක හා අපේක්ෂා ඉටුකිරීමට ඉවහල් වන සෑම පහසුකමක්ම සලසා දීමට කටයුතු කර තිබේ. මීට සමගාමීව ආයතනයේ ප්‍රජා ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන යෙහෙළි (Yeheli.lk/Thozhi.lk) හඳුන්වා දිය හැක. යෙහෙළි යනු භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන ඩිජිටල්, නිර්නාමික පණිවිඩ සේවාවකි. මෙමගින් සමාජයේ විවිධ සංවේදී මාතෘකා සාකච්ඡාවට ලක් කර, ඒ සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් අවශ්‍ය අයගේ රහස්‍යභාවය සුරැකෙන අයුරින් ඔවුන්ට වෛද්‍ය, මානසික සෞඛ්‍ය සහ උපදෙස් ලබාගැනීමේ කාර්යයන් නොමිලේ සලසනු ලබයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කාන්තා ව්‍යවසායකත්ව සම්මානවලට ඩයලොග් දිරි බලය