එංගලන්තයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන ‘බිස්නස් ටැබ්ලොයිඩ්’ සඟරාව වෙතින් කොමර්ෂල් බැංකුව පසුගියදා ‘2021 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික අංශයේ බැංකුව’, ‘බැංකුකරණ අංශයේ හොඳම ඩිජිටල් පරිවර්තනය’ සහ ‘හොඳම ජංගම දුරකතන බැංකු සේවාව’ යන සම්මාන ත්‍රිත්වය දිනාගන්නා ලදී.
මෙහිදී, බැංකු ක්ෂේත්රයෙන් සම්මාන තුනක් දිනාගත් එකම බැංකුව කොමර්ෂල් බැංකුව වූ අතර පිලිපීනයේ ඩොයිෂ් බැංකුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමිරේට්ස් ඉස්ලමික් බෑන්ක්, මැලේසියාවේ MBSB බෑන්ක් සහ කුවේටයේ ගල්ෆ් බෑන්ක් යන බැංකු කොමර්ෂල් බැංකුව සමග මෙහිදී සම්මානයට පාත්රවිය.
මෙය කොමර්ෂල් බැංකුව ‘බිස්නස් ටැබ්ලොයිඩ්’ සඟරාව වෙතින් සම්මාන දිනාගත් තුන්වැනි අවස්ථාව වේ. මේ අනුව, 2020 වසරේදී ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම නව්‍ය බැංකුකරණ සේවාව’ ලෙසින්ද 2019 වසරේදී ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම නව්‍ය වාණිජ බැංකුව’ ලෙසින්ද කොමර්ෂල් බැංකුව මෙම සඟරාව වෙතින් සම්මාන දිනාගන්නා ලදී.
කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව සහ ලංකාවේ තෙවැනියට විශාලතම බැංකුව වේ. කොමර්ෂල් බැංකු සමූහය 2020 වසර අවසානයේදී රුපියල් ටි්රලියන 1.762 ක සමස්ත වත්කමක්, රුපියල් බිලියන 151.966 ක දළ ආදායමක්, රුපියල් බිලියන 24.52 ක බදුවලට පෙර ලාභයක්, රුපියල් බිලියන 17.087 ක ශුද්ධ ලාභයක්, රුපියල් බිලියන 961.859 ක ණය පොතක් සහ රුපියල් ට්‍රිලියන 1.287 ක තැන්පතු වාර්තා කර ඇත.
‘බිස්නස් ටැබ්ලොයිඩ්’ සම්මාන ප්රදානය ස්ථානය, ප්‍රමාණය සහ හිමිකාරීත්වය යන කරුණු සලකා බැලීමකින් තොරව ලෝකය පුරා විසිරී සිටින සියලුම සමාගම් සඳහා විවෘත වේ. මෙහිදී, මෙම සමාගම් තමන්ගේ කර්මාන්තයේ තිබෙන දක්ෂතාව සහ විශේෂඥතාව පමණක් සැලකිල්ලට ගනිමින් සම්මානයට පාත්‍ර කරයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොමර්ෂල් බැංකුවට ගෞරවණීය සම්මාන තුනක්