හම්බන්තොට ජාත්‍යන්තර වරාය සිය වගකීම ඉටු කරමින්, කොරෝනා වසංගතයට එරෙහි අඛණ්ඩ සටනේ යෙදී සිටින හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය සංවිධාන කිහිපයක් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ පසුගියදා පරිත්‍යාග කළේය. හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සහ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල වෙත මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ප්රදානය කිරීම සිදු කෙරිණි.
පාසල් සිසුන්ගේ භාවිතය සඳහා විෂබීජ නාශක සහ පෞද්ගලික ආරක්ෂක උපකරණ වන දියර ඉසින යන්ත්‍ර, බූට් පාවහන්, රබර් අත්වැසුම්, මුහුණු ආවරණ, පැඩල් වර්ගයේ අත් සෝදන සින්ක් සහ පැඩල් වර්ගයේ කසළ බඳුන් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ප්රදානය කළේය. කොරෝනා ආසාදිතයන් සමඟ ඍජුව කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පෞද්ගලික ආරක්ෂක කට්ටල (PPE), KN95 මුහුණු ආවරණ, ශල්‍ය මුඛ ආවරණ සහ සනීපාරක්ෂක බෝතල් පරිත්‍යාග කෙරිණි. හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා ප්‍රතිකාර වාට්ටුවේ පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා අවශ්‍ය උපකරණ මෙන්ම පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ද සපයන ලදී.
අඟුණකොළපැලැස්සේ නව කොරෝනා රෝහල සඳහා අත්‍යවශ්‍ය උපකරණ හම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට භාර දෙන ලදී.
මෙම පරිත්‍යාග HIPG හි ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියු, ප්‍රධාන මූල්‍ය නිලධාරි රේමන්ඩ් මු, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තිස්ස වික්‍රමසිංහ සහ වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ යන මහත්වරුන් විසින් අදාළ රජයේ නිලධාරීන්ට භාර දෙන ලදී.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොරෝනාට එරෙහි සටනට හම්බන්තොට වරායේ සහාය