( තිළිණි ද සිල්වා )
කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටී ඇති සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා වු යෝජනා ලබන සතිය වන විට ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා කඩිනම් පියවර ගන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා එම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.
මීට අදාල කැබිනට් පත්‍රිකාව සැකසීමට පෙර මුදල් අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාරය සමගද සාකච්ඡා කරන ලෙසද ඇමැතිවරයා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
සංචාරක ක්ෂේත්‍රයේ නියුතු හෝටල් හිමියන්ට සංචාරක මග පෙන්වන්නන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගම් සමග ද අද (13) පැවති සාකච්ඡාවකදි ඇමැතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
සංචාරක ව්‍යාපාරයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයින්ගේ සංගමය (ASMET) ශ්‍රී ලංකා හේටල් හිමියන්ගේ සංගමය (THASL) මාර්ගෝපදේශකයින්ගේ සංගමය, සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමය, සංචාරක රියදුරන්ගේ සංගමය වැනි සංගම් නියෝජිතයින් සමග ක්ශේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබද මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙම සංගම්වල නියෝජිතයින්ගේ ඉල්ලීම වුයේ සංචාරක කර්මාන්තය යලි යථා තත්වයට පත් වන තුරු ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසිය යුතු බවත් , ක්‍රීය ණය යෝජනා ක්‍රමයක් ලීසිං සහන සංචාරක සංවර්ධන බද්ධ ගෙවීම සදහා සහන ලබා දීම සම්බන්ධයෙන් ඔවුහු අදහස් පල කලහ.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේ සියළු ඉල්ලීම සම්බන්ධයෙන් දැනටමත් රජය සිය අවධානය යොමුව ඇති බවයි.
සංචාරක ව්‍යාපාර නංවාලීම සදහා දිගු කාලීන හා කෙටි කාලීන විසදුම් යෝජනාවලිය සැකසීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවත් ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට සහන ලබා දීම සදහා මෙන්ම සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සදහා වු යෝජනා ඇතුලත් ඇමති මණ්ඩල පත්‍රකාවක් කඩිනමින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපෙක්ෂා කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදි පෙන්වා දුන්නේ ජූලි මාසය වන විට මෙරට සංචාරක හෝටල් දේශීය හා විදේශිය සංචාරකයන්ට විවෘත කිරීමට හැකිවනු ඇති බවයි.
එහිදි අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිරිදේශ දැනටමත් හෝටල් හිමියන් වෙත ලබා දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් සමගද සාකච්ඡා කිරීමට අපෙක්ෂා කරන බවත් සභාපතිවරිය මෙහිදි පෙන්වා දුන්නාය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොරෝනාවෙන් පසුබැස්ස සංචාරක කර්මාන්තය නංවාලීමේ යෝජනා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට