කොළඹ නගරය සඳහා පනවා තිබූ Covid - 19 සීමා රැසක් මේ වනවිට ලිහිල් කර ඇති තත්ත්වය යටතේ යළිත් උත්සව සංවිධානය කිරීමේ දී අනුගමනය කළ යුතු ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් පරිපූර්ණ මාර්ගෝපදේශ මාලාවක් ඇතුළත් අත්පොතක් ප්‍රකාශයට පත් කිරීමට උත්සව කළමනාකරණ සංගමය පසුගියදා කටයුතු කළේ ය. උත්සව සංවිධාන කටයුතු සඳහා සම්බන්ධ වන සියලුම දෙනා මෙම මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළ යුතු බව එම සංගමය අවධාරණය කරයි.
මාස 14 කට අධික කාලයක් තිස්සේ වරින්වර පනවන ලද සංචරණ සීමා නිසා මෙරට උත්සව කළමනාකරණ ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ පා ඇත. එම නිසා ඉදිරියේ දී යළිත් එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා දැඩි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව උත්සව කළමනාකරණ සංගමය පෙන්වා දෙන අතර, ඒ සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය හා සනීපාරක්ෂක විධිවිධාන නව අත්පොතෙහි සවිස්තර ලෙස දක්වා ඇතැයි ද සඳහන් කරයි.
උත්සව කළමනාකරණ සංගමය යනු උත්සව කළමනාකරණ සමාගම් මෙන්ම මංගල උත්සව සැලසුම්කරුවන්, උපකරණ කුලියට දෙන සමාගම් (නාද පද්ධති, ආලෝකකරණ පද්ධති, LED ආදිය), වේදිකා සහ පසුතල නිර්මාණකරුවන්, ගෘහභාණ්ඩ සහ යටිතල පහසුකම් කුලියට දෙන සමාගම්, ඩිජිටල් නිර්මාණ සමාගම්, උත්සව ශාලා, මල් සැපයුම්කරුවන්, සංගීතඥයන්, වඩු කාර්මිකයන්, උත්සව සහය සේවා සපයන්නන්, විනෝදාස්වාද සේවා සපයන්නන්, නර්තන කණ්ඩායම්, චිත්‍ර ශිල්පීන්, සැලසුම් නිර්මාණ ශිල්පීන්, පිරිසැකසුම්කරුවන්, කාර්මිකයන් සහ තවත් බොහෝ අංශ නියෝජනය කරන සංවිධානයකි. මෙම ක්ෂේත්‍රය සමස්තයක් වශයෙන් ජාතික ආර්ථිකයට රු. බිලියන 30 ක පමණ දායකත්වයක් ලබාදෙයි.
“අපගේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යහපත් තීරණයක් ගැනීම පිළිබඳව රජයට අපගේ ස්තූතිය හිමිවනවා. ඉතාමත් දුෂ්කර මාස කිහිපයකට පසුව දැන් අපගේ සාමාජිකයන්ට යළිත් තම ජීවනෝපායන්හි නියැළීමට අවස්ථාව ලැබේවි. කෙසේ නමුත් Covid - 19 සම්බන්ධ ආරක්ෂක විධිවිධාන අප දැඩිව අනුගමනය කළ යුතුයි. මීට පෙර උත්සව පැවැත්වීමට අවසර ලබාදී තිබුණු විට, ඇතැම් අය මෙම ආරක්ෂක විධිවිධාන මුළුමනින්ම නොතකා හරිමින් කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක් වුණා. යළිත් එවැනි තත්ත්වක් උදාවී Covid - 19 රෝගීන් වාර්තා වීම ඉහළ ගියහොත්, නැවතත් උත්සව තහනම් වී මුළු කර්මාන්තයම කඩා වැටීමට ඉඩ තිබෙනවා. ඒ නිසා, ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් අප ඉල්ලා සිටින්නේ යළිත් එවැනි තත්ත්වක් ඇතිවීමට ඉඩ නොතබන ලෙසයි. ඒ වෙනුවෙන් මෙම විධිවිධාන සියල්ල වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා මෙන් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම දෙනාගෙන් අප දැඩිව ඉල්ලා සිටිනවා.” උත්සව කළමනාකරණ සංගමයේ සභාපති රොෂාන් විජයරත්න මහතා පැවසී ය.
“බොහෝ උත්සව කළමනාකරණ සමාගම් තම යටිතල පහසුකම්, උපකරණ හා පුහුණු කටයුතු ආදිය සඳහා රු. මිලියන 10 පමණ සිට රු. මිලියන 800 ක් පමණ දක්වා සුවිශාල ආයෝජනයක් සිදුකර තිබෙනවා. ඔවුන් දැන් සිටින්නේ සේවක වැටුප් ගෙවීමට හෝ මූල්‍යමය වගකීම් පියවීමට පවා නොහැකි තත්ත්වයකයි. නිසි අත්වැලක් නොමැති වුවහොත් මේ සමාගම් බංකොලොත් වේවි. එසේ වුවහොත් ක්ෂේත්‍රයේ සෘජු රැකියාවල නියුතු 130,000 කට අධික පිරිසකට සහ වක්‍ර රැකියා වල නියුතු 600,000 කට අධික පිරිසකට මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයටත් විශාල බලපෑමක් ඇතිවෙනවා.” උත්සව කළමනාකරණ සංගමයේ උප සභාපති සජිත් කොඩිකාර මහතා පෙන්වා දුන්නේ ය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොරෝනා ආරක්ෂක විධිවිධාන දැඩිව අනුගමනය කිරීමට උත්සව කළමනාකරුවෝ සැරසෙති
sachith Friday, 30 July 2021 10:59 AM
මේ උත්සවයෙන්ම පේනවා සංවිධානය කරන්න යන උත්සව වලට වෙන්න යනදේ... මුඛ ආවරණයක්වත් දාන්නේ නැතිව ඉන්නේ...
Ranjan Saturday, 31 July 2021 02:23 PM
දවසේ විහිලු මෙන්න.. එන්නතේ සාර්ථකත්වය ගැන ලොවට කියන්න බැසිල් පෙරමුණ ගනී. කොරෝනා ආරක්ෂක විධිවිධාන දැඩිව අනුගමනය කිරීමට උත්සව කළමනාකරුවෝ සැරසෙති..
jayasekara Monday, 02 August 2021 03:33 PM
උත්සව ගන්න අත්පොත් හදන්න යනවා. මාස්ක් එකක් කවුරුවත් දාගෙන නැහැ. හිතාගන්න පුළුවන්නේ කෙරුවාව කොහොමද කියලා. ලෝකෙට පරකාසේ.. ගෙදරට මරගාතේ..