චීනයේ පැතිර යන නව මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ගෝලීය සමාගම් රැසකට බිලියන ගණනක පාඩු විඳීමට සිදුව ඇතැයි විශේෂඥයෝ අද (29) ප්‍රකාශ කළහ.
රක්ෂණාවරණවලට වසංගත අයත් නොවීම හේතුවෙන් බොහෝ සමාගම්වලට පාඩු තමන්ටම විඳ දරාගැනීමට සිදුව තිබේ.
මේ වනවිට 132 දෙනකුට මරු කැඳවමින් ලොව රටවල් 15කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් හෝටල්, ගුවන් සේවා ආදී ක්ෂේත්‍රවල ගෝලීය සමාගම් රැසකට සිය ව්‍යාපාර කටයුතු නවතා දැමීමට සිදුව ඇත.
ගුවන් ගමන් අවලංගු කිරීම, ව්‍යාපාර කටයුතු නවතා දැමීම ආදිය නිසා ලෝ පුරා සමාගම් රැසකට මෙසේ බිලියන ගණනින් පාඩු විඳීමට සිදුව තිබේ.
මෙම මාරාන්තික කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. මේ හේතුවෙන් අද (29) වනවිට ගුවන් සේවා සමාගම් හතක් චීනයට ගමන් කිරීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගත්තේය. මේ තත්ත්වය මත ලෝ ප්‍රකට සමාජ ජාලයක් වන ෆේස්බුක් සමාගම සහ සුප්‍රකට බැංකුවක් වන ‘එච්.එස්.බී.සී.’ බැංකුව ඇතුළු සමාගම් රැසක් සිය සේවකයන්ට චීනයට ගමන් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.
“රක්ෂණ සමාගම්වලට වැඩිම පැමිණිලි ලැබෙන්නේ ව්‍යාපාර විශේෂයෙන්ම සංචාරක, සත්කාරක, උත්සව සහ ඉසව් සංවිධානය කරන සමාගම්වලින්. අනෙක් විශාලතම වියදම සෞඛ්‍ය සේවා වියදම්” යැයි හොංකොං කේන්ද්‍ර කරගත් ගෝලීය රක්ෂණ සමාගමක නීතිඥයෙක් පැවැසීය.
ලොව තිබෙන බොහෝ මහ පරිමාණ සමාගම් බෝ නොවන රෝග සඳහා රක්ෂණාවරණ ලබාගන්නා අතර ඒවාට මේ ආකාරයේ වසංගත ඇතුළත් නොවන බව ද එම නීතිඥවරයා කීවේය. මාධ්‍යයට අදහස් දැක්වීමට නිල බලයක් නොමැති නිසා හෙතෙම නම සඳහන් කළේ නැත.
2002-2003 වසරේදී රටවල් 37කට පැතිර ගිය ‘සාර්ස්’ වයිරසය හේතුවෙන් හොංකොංවලට සිදුවූ ආර්ථික පාඩුව ඇමෙරිකානු ඩොලර් බිලියන 4කි. කැනඩාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3ත් 6ත් අතර පාඩුවක් සිදුවූ අතර සිංගප්පූරුවට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක පාඩුවක් සිදුවූ බවත් ලෝ ප්‍රකට රක්ෂණ සමාගමක් වන ‘මාර්ෂ්’ සමාගම සඳහන් කළේය.
රොයිටර්
055
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොරෝනා නිසා ගෝලීය සමාගම් රැසකට බිලියන ගණනක් පාඩුයි
sameera Friday, 31 January 2020 01:27 PM
අපිට සතයක්වත් පාඩුවෙලා නෑ කියයි. ඔන්න බලන්නකෝ...