( තිළිණි ද සිල්වා )
කොළඹට එන සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා නොමිලේ සංස්කෘතික වැඩසටහනක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
ඒ අනුව කොළඹ නගරය ආශ්‍රිත දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ ජාතික තරුණ සේවා සභාවේ තූර්යවාදක කණ්ඩායම්වල සහය ඇතිව සංස්කෘතික වැඩසටහන් සතිපතා පැවැත්වීමට අග්‍රාමාත්‍ය කාර්යාලය කටයුතු යොදා ඇත.
මෙම සංදර්ශන සෑම සිකුරාදාවකම සවස 7ට කොළඹ 07 ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් හී දි පැවැත්වේ.
එමෙන්ම මෙම වැඩසටහන නැරඹීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන බව ඒම අධිකාරිය කියා සිටියි.
ගායන, වාදන මෙන්ම නැටුම් සහ වෙනත් සංස්කෘතික අංග ද මේ සඳහා ඇතුළත් කර තිබෙන අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ද මෙය සංවිධානය කිරීම සඳහා දායකත්වය ලබාදෙයි.
සංචාරක අධිකාරිය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන 2017-2020 සංචාරක උපායමාර්ගික සැලස්මේ ද අගනුවරට පැමිණෙන සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා මෙබඳු වැඩසටහන් ආරම්භ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත.
මේ පිළිබඳ අදහස් දැක්වූ ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවැසුවේ මේ වැඩසටහන ආරම්භයක් පමණක් බවත් ඉදිරියේ දී තවත් වර්ණවත් අංග මෙයට එක් කෙරෙනු ඇති බවත් ය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණ උපදේශක මේජර් ජනරාල් මිහිඳුකුලසූරිය මහතාගේ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
එමෙන්ම ආකේඩ් සහ නිදහස් චතුරශ්‍රයේ වත්මන් වටපිටාවට බාධා සිදු නොවන අයුරින් මෙය පැවැත්වෙන අතර ඉදිරියේ දී අගනුවර ආශ්‍රිතව තවත් ස්ථානවල ද මෙම සංස්කෘතික වැඩසටහන පැවැත්වීමේ ඇති හැකියාව ගැන සොයා බලන බවද ඒම අධිකාරිය සඳහන් කරයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොළඹට එන සංචාරකයන්ගේ විනෝදයට සංස්කෘතික වැඩසටහනක්
happy Monday, 09 July 2018 06:18 PM
සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා නොමිලේ සංස්කෘතික වැඩසටහනක් ආරම්භ කළ බව හොදය. නමුත් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය යනු නොමිලේ සංස්කෘතික වැඩසටහන්ම බැලීම නොව. කොළඹ නගරයේ රෙස්ටුරන්ට් සමග බාර් වීදී අඩුම තරමේ 3ක් වත් තිබීය යුතුය කැරෝකේ සහ එහි අඩුම තරමේ 80, 90 දශකේ ගීත දැමිය යුතුය. මන්ද එන සංචාරකයන් අවූරුදු 50 / 25 අතර වන බැවින්. උණවටුන සංචාරකයන්ගේ ප්‍රියතම ස්තානය වූයේ මෙම විනෝදාස්වාදය එහි ඇති බැවිනි.
rasika Tuesday, 10 July 2018 09:09 PM
සංචාරක කලාප ඇතිකරන්න ඕනේ. කොළඹ නාගරික සංචාරක කලාප. මේවා සාමාන්‍ය ජනතාවගෙන් ටිකක් වෙන් වුන වෙනම පරිපාලනයකට අයත් කරන්න ඕනේ. මූලිකවම මුදල් ඉපයීම ගැන වාදනය යොදන්න ඕනේ. උදාහරණයකට, තායිලන්තයේ ෆුකට් , කැනඩාවේ වැන්කුව , මැලේසියාවේ , ක්වොලම්බූර්. අලුතෙන් හදන වරයා නගරය මේකට හොදම තැනක්. ඔවුන්ට නිදහසේ විනෝද වෙන්නත් ,හොද ආරක්ෂාවකුත් තියෙන්න ඕනේ.. දිවා රාත්‍රී එකලෙස විනෝද වෙන්න පුළුවන් වෙන්න ඕනේ..