ජපන් ආධාර යටතේ නව ගල්අගුරු බලාගාරයක් ඉදිකිරීමට ශී‍්‍ර ලංකා විදුලි බල මණ්ඩලය සැළැසුම් කර ඇත.
මෙගාවොට් 500 ක ධාරිතාවයකින් යුතු වනු ඇති මේ බලාගාරය ඉදිකිරීමට වැයකිරීමට අපේක්ෂිත මුදල ඩොලර් කෝටි 50ක් රුපිල් හෙවත් කෝටි 6400කි.
බලාගාරය ඉදිකෙරෙන ප‍්‍රදේශය මෙතෙක් තීරණය කර නොමැති අතර එය බොහෝ විට දකුණු පළාතේ වනු ඇතැයි පැවැසේ.බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මේ වසර අගභාගයේදී ආරම්භ කෙරෙනු ඇති අතර වසර එකහමාරක් වැනි කාලයක් ඇතුළත නිම කිරීමට සැළැසුම් කර තිබේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගල් අඟුරු බලාගාරයක් දකුණට
සජිත් Sunday, 02 June 2013 07:28 PM
කසුන් මහත්තයෝ සුර්ය බලශක්තිය ගත්තොත් අපිව විකුණලා තමයි විදුලි බිල ගෙවන්න වෙන්නේ. ඒවාට හොඳ සල්ලියක් යනවා මහත්තයෝ. ඒවා ලංකාවට උචිත නැහැ (නි)
රත්නායක Thursday, 30 May 2013 03:49 PM
ජපානෙන් හදන නිසා බයවෙන දෙයක් නෑ.ජපන්නුගේ ගාන සැර උනාට වැඩ තත්ත්වයෙන් ඉතා උසස්.නොරෝචෝලෙන් ඉගනගත්ත පාඩම් වලින් මේක සාර්ථක කර ගන්න හැකි වේවා.(ස)
උපුල් Thursday, 30 May 2013 09:28 PM
මේක දකුණේ හැදුවට අනෙක් පළාත්වල අය බය වෙන්න ඕන නැහැ. විදුලිය කම්බි දිගේ ගොඩක් දුර ගෙනියන්න පුලුවන්. වික්ටෝරියා බලාගාරය උඩරට තිබුනට එකේ උපදවන විදුලිය රටටම දෙන්න ඕනා. (නදී)
නන්දලාල් Friday, 31 May 2013 12:19 PM
අපේ රටට ගැලපෙන්නෙම සූර්යශක්ති බලාගාරයක් තමා. මුලික වියදම වැඩි වුණත් එය වටිනවා. ජර්මන් තාක්ෂණය ලබාගන්න පුළුවන් නම් වඩා යහපත්.ඔවුන් මුහුදු රළ සහ සුලං බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්නත් දක්ෂයෝ (නි)
අසාද් Friday, 31 May 2013 07:48 PM
දකුණට කිරි කොළඹට කැකිරි නෙමෙයි ඇමතිට කිරි අපට කැකිරි.(නදී)
බන්දුල Saturday, 01 June 2013 10:54 AM
ගල් අඟුරු බලාගාර යල්පැන ගිය ක්‍රමයක්.අලුත්ම පිරිසුදු ක්‍රමය ස්වභාවික ගෑස්. (නි)
සංජු Saturday, 01 June 2013 11:29 AM
දකුණ තියන්නේ ලංකාවේ නෙමේ , ලංකාව තියන්නේ දකුණේ...චීනය හදනවා නම් ඕක එපා. තවත් නොරෝච්චෝලයක් වේවි.... (නි)
අජිත් Sunday, 02 June 2013 12:41 PM
අනිත් රටවලින් ඉවත් කල යල් පැන ගිය තාක්ෂනය අපිට නයට විකුනනවා.(නදී)
විහග Sunday, 02 June 2013 01:43 PM
ජපානෙන් හදනවනම් ඉතින් වැඩේ සුවර්. හැබැයි 500 මෙගා වොට්ස් නම් මදියි 2000 මෙගා වොට්ස් වත් ඕනා.(නදී)
ලලිත් Sunday, 02 June 2013 04:30 PM
වැඩේ හොදයි නරකම නැහැ (දී)
පරාක්‍රම ජයසිංහ Sunday, 02 June 2013 05:54 PM
ගල් අගුරු භාවිතයෙන් අඩු මිලට විදුලිය නිපදවිය හැකිය දරන මතය වැරදියි. වසරක් පාසා වැඩිවන මිල එලබෙන වසර වලදී කොපමණ වේද? අවශ්‍ය වන්නේ දේශීය බල ශක්ති මාර්ග උපයෝගී කරගැනීමය. උච්ච හෝරාවලදී විදුලි ඉල්ලුම පාලනය කරගන්නේ නම් තවත් බලාගාර වසර කීපයකට උවද අවශ්‍ය නොවේ. මේ සඳහා සුර්ය බලශක්තිය පැය තුනකට සෑහෙන ගබඩා පහසුව සමග සැම නිවසකම ස්ථාපනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නම් සාම්පුර් බලාගාරය උවද අවශ්‍ය නොවේ. ඒ අතර ඉතිරි ජය විදුලි ධාරිතාව සහ ජීව බලශක්ති උත්පාදනය දිරි ගැන්වීමෙන් අනාගතයේදී තවත් ෆොසිල ඉන්දන බාවිතයෙන් වැලකි සිටිය හැකිය.(නදී)
මංජු Sunday, 02 June 2013 07:02 PM
දකුණින් යන්න වමෙන් නොයා.(නදී)
අපොන්සු Thursday, 30 May 2013 01:14 PM
ගල් අඟුරු තරම් පරිසර දුෂකයෙක් තවත් නැහැ. ඉන්දියාව සහ චීනය විතරයි ලෝකේ නව ගලන්ගුරු බලාගාර හදන්නේ. අනිත් රටවල් තමන්ගේ තියෙන ඒවා වහන්ට, සුර්ය සහ සුලන් බලය යොදනවා. (අ)
සීල Monday, 03 June 2013 12:03 AM
දැන් ගල් අගුරු කාලෙ ඉවරයි. ලෝකයේ දියුණු රටවල දැන් ක්‍රමානුකූලව එම තාප බලාගාර ඉවත් කරනවා . දැන් හිරු එළියෙන් විදුලිය නිපදවන්නට පටන් අරගෙන. විශේෂයෙන් යුරෝපේ රටවල් 2025 දී 40% විදුලිය ලබා ගන්නේ සුර්ය රශ්මියෙන්. වර්ෂයේ 2050 දී ඒක 80% දක්වා වැඩි කරනවා. අපි ජපනාට හරි චීනාට හරි මේ බව කියන්න ඕනෑ. අන්තිමේදී අපිට මත්තලට යන්න වෙන්නේ මුකවාඩම් බැදගෙන. අපිව විකුණලා තවත් කොමිස් ගහන්නයි හදන්නේ. (නි)
පාල Monday, 03 June 2013 08:02 AM
සජිත්, ඔබනම් අපේ පාර්ලිමේන්තුවට ඉහලම සුදුසුමක් ඇත්තෙකි. (නි)
විරාජ් කාලිංග Monday, 03 June 2013 03:49 PM
අර කබල් නොරොච්චෝලේ ගලෝලා දාලා මේක හයිකරන්න එතන. ඒක තිබ්බත් වැඩක් නැහැනේ. වෙන තැන් වල අමුතුවෙන් ඉදිකිරීම් කරන්න ඕනෑත් නැහැනේ. ජපන් එකක් නිසා ටිකක් විශ්වාසේ තියෙනවා හොද ඇති කියලා. ඒත් අපේ අය ෂුවර් නැහැ (නි)
සංජිව Monday, 03 June 2013 08:18 PM
අනිත් රටවල් ගල් අඟුරු බලාගාර ඉවත් කරනවා පරිසර දුෂණය සහ ගල් අගුරු මිල ඉහළ යන නිසා. අපේ අය ඒවා අපේ රටට ගේනවා. (නි)
කැනඩා දිසා Tuesday, 04 June 2013 03:31 AM
සීල ,100ට 100ක් ඔයා හරි. (නි)
නිමාලි Wednesday, 05 June 2013 09:40 AM
මේකනම් හොද වැඩක්. අපේ ජනාදිපතිතුමා ඡන්දෙ ලබාගෙන නිකන් ඉන්නේ නැහැ.මේ රට දියුණු කරන්න කොතරම් මහන්සි වෙනවද? එතුමාට අපි ස්තුති කල යුතුයි. (නි)
නිරෝෂ Wednesday, 05 June 2013 10:02 AM
මේ තියෙන විදුලි අර්බුදයට මේ බලාගාරය ඉතා හොද විසදුමක්.රට තවත් සංවර්ධනය වෙනවා.ජනාදිපතිතුමා කවදත් මහජනතාව ගැන හිතනවා. (නි)
නිරෝෂා Wednesday, 05 June 2013 10:02 AM
මේ තියෙන විදුලි අර්බුදයට මේ බලාගාරය ඉතා හොද විසදුමක්. රට තවත් සංවර්දනය වෙනවා. ජනාදිපතිතුමා කවදත් මහජනතාව ගැන හිතනවා.(නදී)
අපොන්සු Saturday, 08 June 2013 09:00 AM
නිරෝෂා, අපි කතාකළේ ගල් අඟුරු බලාගාර හැදීමේ අනුවණකම ගැන පමණයි (නි)
සමන් Sunday, 09 June 2013 10:45 AM
මෙච්චර වහිනවා. අපි හදමුකෝ ජල විදුලි බලාගාරයක්... (නි)
අමිල Wednesday, 29 May 2013 11:00 AM
ගල් අගුරු බලා ගාර නැතුව සුලන් බලාගාර හදන්න බැරිද
දයා අළහකෝන් Tuesday, 28 May 2013 04:59 PM
දකුණටම තමයි සේරම නේද? (නි)
ද සිල්වා Tuesday, 28 May 2013 06:19 PM
අපේ රටට ගැලපෙන්නේ ජල විදුලි බලාගාර. ඕස්ට්‍රේලියාව තමන්ගේ විදුලි බල අවශ්‍යතාවයෙන් 100% ම සපුරා ගන්නේ ජල විදුලි බලයෙන්. අපි කොහොම හරි ඉදිරි වසර 10 ඇතුලත අඩුම තරමේ වික්ටෝරියා ව්‍යාපෘතිය තරම්වත් විශාල ජල විදුලි බලාගාරයක් හදන්න උත්සහ කරන්න ඕනෑ. නැත්නම් පොසිල ඉන්ධන මතම යැපෙන්න ගියොත් විදුලි බල වියදම දෙගුන වේවි. (නි)
පාල Tuesday, 28 May 2013 08:24 PM
අවුරුද්දේ දවස් කිහිපයක් පමණක් අවුව වැටෙන එංගලන්තේ විදුලියෙන් 20% නිපදවන්නේ හිරු එළියෙන්. හැමදාම අවුව වැටෙන අපට බැරි වුණා තාම. හැබැයි කතාව කොහොමද? (නි)
සරත් ඩු Tuesday, 28 May 2013 08:39 PM
ඉස්සෙල්ලා නොරොච්චෝලේ හදපු සල්ලි කව්ද ගෙවන්නේ? අනික ලංකාව කියන්නේ දකුණට විතරද? (නි)
ප්‍රීති Tuesday, 28 May 2013 10:24 PM
පසුගිය දවස්වල හදපු එක හරියට මාස කීයද ලෙඩ නැතිව තිබුනෙ. මේකත් ඒක වගෙ වේවිද දන්නෙ නැහැ. ඒවගේ එකක් නම් අපට එපා.මේකෙන් කී දෙනෙකුට කොමිස් තියනවද දන්නෙ නැහැ. අන්තිමට සේරම බර පැන අපට තමා (නි)
දම්මි Wednesday, 29 May 2013 07:17 AM
එහෙනම් විදුලිබිල තවත් වැඩිවෙයි (නි)
වරුණ Wednesday, 29 May 2013 08:01 AM
මේ බලාගාරයත් ආශ්චර්යටම ගැලපෙන තවත් නොරොච්චෝලයක් වේවිද දන්නේ නැහැ, අපිව තවත් ණය ගොඩක හිර කරලා (නි)
සුජීව Wednesday, 29 May 2013 08:25 AM
සිල්වා මහත්මයාණනි, ඔබ ඕස්ට්‍රේලියාව සම්බන්ධයෙන් දක්වා ඇත්තේ වැරදී කරුණකි. (නි)
ප්‍රසන්න Wednesday, 29 May 2013 09:24 AM
බොහොම පිං ලංකාවට මෙවන් ආයෝජන මාර්ග එකතු කරනවාට (දී)
අමල් Wednesday, 29 May 2013 09:32 AM
අන්න හොද වැඩක් (දී)
ගාමිණී Wednesday, 29 May 2013 10:59 AM
උතුරට දාන්න බැරිද
නීල්-රානා Tuesday, 28 May 2013 03:28 PM
මේවා ආධාරද නැත්නම් ණයද ? ජපනා ලංකාවේ බලශක්ති වෙළඳපොල ආක්‍රමණය කරන බවට අනතුරු ඇඟවීම අප කළිනුත් කළා. වැඩකට නැති නිලධාරීන් කණ්ඩායමකට ජපානයේ ශිෂ්‍යත්ව දීල ඒවෙනුවට අපේ බලශක්ති වෙළඳපොල හූරගෙන කන්න ඉඩදෙන්න බැහැ. ඒකට මුලික අඩිතාලම දැනටමත් දාල ඉවරයි මිනිසුන්ට දරාගත නොහැකි ලෙස විදුලිබිල වැඩිකරලා ජනතාවගේ ආණ්ඩුවම.(නදී)
කසුන් ධර්මවංශ Wednesday, 29 May 2013 11:55 AM
ඔන්න තවත් නාස්තිකාර වියදමක්. අපේ රටේ සුර්ය බල ශක්තිය, සුලං බලය වැනි ශක්ති ප්‍රබවයන් තිබියදී කාටවත් ණයවෙලා මොන එහෙකටද පොසිල ඉන්ධන මතම යැපෙන්න හදන්නේ. සුර්ය බල ශක්තිය හම්බන්තොට, කතරගම වැනි ප්‍රදේශ වලට ඉතා උචිත ශක්ති ප්‍රබවයක්. (නි)
කපිල Wednesday, 29 May 2013 12:13 PM
දකුණට හරි කොහාට හරි වැඩේ නම් හොදයි (දී)
නාලක Wednesday, 29 May 2013 12:41 PM
ඔය චීන බැංකුවේ සල්ලි නැතුව ඇති දැන් ලංකාවට දීලම. (නි)
රංජනී Wednesday, 29 May 2013 01:11 PM
දකුණට කිරි කොළඹට කැකිරි (නි)
සිල්වා Wednesday, 29 May 2013 02:32 PM
අන්න වැඩ නියමයි
වසන්ත Wednesday, 29 May 2013 10:44 PM
මේක හරියට ගෙයි තිබෙන පොල්බෑය බළලා අරගෙන යනකොට අතේ තියෙන එකෙන් දමලා ගහනවා වාගේ වැඩක්. (නි)
නිර්මලා Wednesday, 29 May 2013 11:21 PM
නරකමත් නැහැ, රටේ මැද උඩ දෙපැත්තේ වගේ තැනක හදන්න බැරිද ඕක (දී)
ජයරත්න Thursday, 30 May 2013 01:35 AM
ලංකාවට ජාල විදුලිය මත පමණක් යැපෙන්න පුළුවන් කමක් නැහැ. ද සිල්වා මහත්මයා ඕස්ට්‍රේලියාව ගැන කියපු දේ වැරදියි. ඒ ගොල්ලන්ගේ ලොකුම බලශක්ති මාර්ගය ගල්අගුරු දහනය. මේක කාලීන අවශ්‍යතාවයක්. හැබැයි අපේ අය ඕක කොහොම කොහේ හදියිද දන්නේ නැහැ. (නි)
බණ්ඩා Thursday, 30 May 2013 03:17 AM
හලෝ දයා, දකුණේ හදන විදුලිය ජාතික පද්ධතියට එකතු කරනවා .... (නි)
කමල් Thursday, 30 May 2013 05:25 AM
මේක හොද දෙයක්. නමුත් බාල චීන බඩු දාන්න එපා. ජපන් බඩු දාන්න කලක් පවතින්න. (නි)