ලබන වසරේදී චීනයේ ආර්ථිකය සියයට 6.2ක අගයකින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව සඳහන් කරයි.
චීනයේ ආර්ථික සියයට 6.5ක අගයකින් වර්ධනය වනු ඇතැයි මීට පෙර අපේක්ෂා කළ අතර එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇති වූ වෙළෙඳ යුද්ධය හේතුවෙන් එලෙස ආර්ථික වර්ධන වේගය පහත වැටෙනු ඇතැයි ලෝක බැංකු වාර්තාව පෙන්වාදෙයි.
මේ වසරේ චීනයේ ආර්ථික වර්ධනය වසර 28කට පසු වාර්තා වූ දුර්වලම ආර්ථික වර්ධනය යැයි සඳහන් කරන ලෝක බැංකුව, අප්‍රේල් මාසයේදී චීනය සම්බන්ධයෙන් කරන ලද පුරෝකථනවල වෙනසක් නැතැයි ද සඳහන් කර තිබේ.
“මූල්‍ය අවදානම් සීමා කිරීමට ක්‍රියාමාර්ග ගන්නා අතරවාරයේදී හිතකර නොවන වෙළෙඳාමට සම්බන්ධ කරුණු කාරණා කළමනාකරණය කරගැනීම යනාදිය චීනය හමුවේ තිබෙන ප්‍රධානතම ප්‍රතිපත්ති අභියෝග යැයි ද” ලෝක බැංකුව පෙන්වාදෙයි.
චීනය යනු ලොව දෙවැනි විශාලතම ආර්ථිකයයි.
චීන ආර්ථිකයේ ප්‍රධාන ධාවකය වනුයේ පරිභෝජනයයි. ණය වර්ධනය දුර්වල නිසා ආයෝජනවලට බලපෑමක් සිදුව ඇතැයි ද ඇමෙරිකා එක්සත් ජනපදය චීන නිෂ්පාදන මත තීරුබදු පැනවීම හේතුවෙන් චීන අපනයනවලට ඍණාත්මක බලපෑමක් එල්ල වී ඇතැයි ද ලෝක බැංකු වාර්තාව කියයි.
“ආර්ථිකය බලගැන්වීමට නම් අයවැය ප්‍රතිපත්තියෙන් පොදු යටිතල පහසුකම් වර්ධනය වෙනුවට ගෘහ ඒකකවල පරිභෝජනය වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු” යැයි ද ලෝක බැංකු වාර්තාව පෙන්වාදෙයි. ව්‍යාපාරික බදු අඩු කිරීමට ද චීනයට අවස්ථාව තිබෙන බව ලෝක බැංකුව සඳහන් කරයි.
ලබන වසරේදී බදු කපා හරින බවට චීන රජය පොරොන්දු වී ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් චීන ආර්ථික විද්‍යාඥයන් අතර විවාදයක් ඇතිව තිබේ. බදු කපා හැරීමෙන් ලබන වසරේදී අයවැය හිඟය සියයට 3 සීමාව ඉක්මවා යනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පවසති.
චීන රජය පසුගිය මාස කිහිපයේදී බදු කපා හැරීම්, වේගවත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති, ණය දීම පහසු සහ වේගවත් කිරීම සඳහා බැංකු සංචිත කපා හැරීම යනාදී ප්‍රතිපත්ති පියවර රැසක් අනාවරණය කළේය.
ආසියාවේ ආර්ථික බලවතා වන චීනයේ තෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 6.5ක් දක්වා අඩු වූ අතර ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු චීනය වාර්තා කළ දුර්වලම ආර්ථික වර්ධනය එය බව ද පැවසේ. වසරේ අවසන් කාර්තුවේදී සහ ලබන වසරේදී නැවත වරක් චීනයේ ආර්ථික වර්ධන වේගය ඉහළ යනු ඇතැයි ද ලෝක බැංකුව අනුමාන කරයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ද පසුගිය නොවැම්බර් මාසයේදී චීනයේ ලබන වසරේ ආර්ථික වර්ධන පුරෝකථන පහළ දැමීය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල චීනයේ මේ වසරේ ආර්ථික දැක්ම වෙනස් නොකළ අතර ලබන වසරේදී ආර්ථිකය සියයට 6.4කින් වර්ධනය වනු ඇතැයි මීට පෙර අපේක්ෂා කර තිබිණි. එහෙත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල එය සියයට 6.2ක් දක්වා පහත දැමීය.
චීනය ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳ සාකච්ඡා පවත්වන අතරවාරයේදීම ඔවුන්ගේ වෙළෙඳ පාර්ශවකරුවන් සමඟ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සහ තාක්ෂණික පැවැරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු යැයි ද ලෝක බැංකුව පෙන්වාදෙයි.
(055)
(රොයිටර් ඇසුරෙනි)
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චීන ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් අනාවැකියක්
LLLL Friday, 21 December 2018 01:40 PM
මම දන්න විදිහට චීනයේ ආර්ථිකයේ ප්‍රධානම අංගය පරිභෝජනය නෙමෙයි.ආයෝජනයයි ප්‍රධානම අංගය...