ශ්‍රී ලාංකික කතක වන බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් මුම්බායි නුවර අවහන්හලක් විවෘත කිරීමට සැරසෙතියි හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය අද (24) වාර්තා කළේය.
මීට වසර දෙකකට පමණ පෙර මෙරට ප්‍රමුඛ පෙළේ සූපවේදියකු වන දර්ශන් මුනිදාස සමඟ එක් වී ‘කෑම සූත්‍ර‘ නමින් අවහන්හලක් කොළඹ දී ආරම්භ කිරීමට ජැකලීන් පියවර ගත්තාය. ඉන්දියාවේ ඇරඹීමට යනුයේ මෙම අවන්හල් ජාලයේ ම ශාඛාවකි.
ජැකලීන් සිය රංගන වෘත්තිය සඳහා වැඩි කාලයක් මුම්බායි නුවර ගත කරන නිසා සිය අවහන්හල් ව්‍යාපාරය මුම්බායි දක්වා ව්‍යාප්ත කිරීමට ඇය විසින් කටයුතු කරනු ලබන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය පවසයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජැකලීන්ගේ ‘කෑම සූත්‍ර‘ කඩයක් මුම්බායේ
චන්දන Friday, 02 September 2016 05:25 AM
වෙනත් දේකට හිත යොමු කළොත් නරකද?(හේ)
ආනන්ද දොඩන්ගොඩ Saturday, 27 August 2016 05:43 PM
කෑම සුත්‍ර කඩයට හොඳ ඉල්ලුමක් ආදායමක් තියෙනවා (ම)
අසංග Monday, 29 August 2016 05:51 AM
සුබ පැතුම්! (බ)
අසංග Monday, 29 August 2016 05:58 AM
සුබ පැතුම්! ජැකී අක්කී (ම)
සංජීව Tuesday, 30 August 2016 01:08 AM
බෙනට්, එහෙම ඇලපිලි පාපිලි කපලාදාන කඩේට ඔයත් යනවද?
ජගත් Friday, 02 September 2016 05:32 AM
ලංකාවේ විවෘත කළ කෑම කඩය ගැන ඊට පස්සේ කතාවක් ඇත්තෙම නෑ.(හේ)
විනෝලා Friday, 02 September 2016 05:32 AM
මුම්බායි වල කඩයක් දාපු එක හොදයි.(හේ)
යසිත් Friday, 02 September 2016 05:25 AM
තවත් ශාඛාවල් රැසක් හදන්න හැකියාව ලැබේවා.(හේ)
ධනුෂ්ක Friday, 02 September 2016 05:32 AM
මොනවා වුනත් අපේ එක්කෙනෙක් නේ? ඔබට සුබ පැතුම්.(හේ)
සුගත් Saturday, 27 August 2016 09:12 AM
ජැකී ඔබට සුබ පැතුම්, පටු විදිහට සිතන , වචන ප්‍රකාශ කරන පුද්ගලයෝ ගැන එතරම් ගණන් ගන්ඩ එපා.ඔබට ඉන්දියාවේ වගේම ලෝකයේත් හොඳ නමක් තියෙනවා. (ම)
පාලිත Friday, 02 September 2016 05:32 AM
ඔබගේ ව්‍යාපාර දියුණු වේවා කියා ප්‍රාර්ථනා කරනවා.(හේ)
ලලිතා Friday, 02 September 2016 05:25 AM
අපගේ සුබ පැතුම් ජැකලීන්.(හේ)
අමල් Friday, 02 September 2016 05:32 AM
සල්ලි නැද්ද මෙයාට කෑම කඩ දාන්න.කෝටි ගණන් සල්ලි ලැබෙන්නේ.(හේ)
ටිරාන් Friday, 02 September 2016 05:25 AM
එංගලන්නේ, ඇමැරිකාවේ තවත් කෑම කඩයක් දාන්න වාසනාව ලැබේවා.(හේ)
ධනුෂ්ක Friday, 02 September 2016 05:25 AM
ඒ කෑම කඩ වල කෑම ගිනි ගණන්නේ.(හේ)
ධනුෂ්ක Friday, 02 September 2016 05:32 AM
ඇලපිලි පාපිලි කපන්න ඕන නෑ. ඔය නම ඉංග්‍රීසියෙන් ලිව්වහම නිකම්ම අර නමම එනවා (බ)
ගුණවර්ධන Saturday, 03 September 2016 12:44 PM
ඉස්පිලි ,පාපිලි වෙනස් කරලා තව කඩයක් දැම්මොත් නම් මමත් යනවා .(රේ)
අසංග Thursday, 25 August 2016 06:55 AM
අපිට ඉතින් මේවායින් කෑම කන්න තරම් කෝ වත්කමක්? (නි)
සම්පත් - ඩුබායි Wednesday, 24 August 2016 07:44 AM
කෑම සූත්‍ර අවන්හලේ කෑම ඉතාම රසවත්. නමුත් එහි සේවකයන් එහි එන්නන්ට සලකන ආකාරය ලංකාවේ සාමාන්‍ය අවන්හලකට වඩා වැඩි වෙනසක් නෑ (ම)
සම්පත් - ඩුබායි Wednesday, 24 August 2016 07:44 AM
කෑම සූත්‍ර අවන්හලේ කෑම ඉතාම රසවත්. නමුත් එහි සේවකයන් එහි එන්නන්ට සළකන ආකාරය ලංකාවේ සාමාන්‍ය අවන්හලකට වඩා වැඩි වෙනසක් නැහැ (නි)
ප්‍රදීප් Wednesday, 24 August 2016 10:29 AM
ලංකාවේ කෑම රසයි, පිළිගැන්වීම මිත්‍රශීලීයි කිව්වේ අතීතයේ. නමුත් දැන් නීරස කෑම, කිසිම රසයක් ගුණයක් නැති වංචාවට මුදල් පමණක් ගන්න, ඉතාම අශීලාචාර විදිහට කෑම ලබාදෙන ලෝකේ එකම රට ලංකාව. මේ හෝටලේ වෙන රටක මිනිස්සු හිටියා නම් ජැකලින්ට තව හෝටලයක් ලංකාවේම දාන්න පුළුවන් (නි)
නිමන්ත Wednesday, 24 August 2016 10:34 AM
ඔබට තව තවත් ඉදිරියට යන්න හැකිවේවා! (නි)
බෙනට් Wednesday, 24 August 2016 11:45 AM
නරකද ඔය ගමන්ම තව පොඩ්ඩක් ඇලපිලි කපල කොටලා වෙනස් කරලා තවත් කඩයක් දාගත්තොත් . එහෙම කළොත් ඔයිට වඩා ගොඩක් දනවත් වෙන්න පුළුවන් වෙයි (බ)
අබේරත්න Thursday, 25 August 2016 02:44 AM
අයියෝ බෙනට්, ඔයා මට කලින් පැනලා (බ)
වසන්ත Thursday, 25 August 2016 04:16 AM
මම ළගදි ලංකාවට ආපු වෙලාවේ ජැකලින්ගෙ අවන්හලේ බිත්තර ආප්පයක මැස්සෙක් හිටියා කියල දැනගන්නට ලැබුණ නිසා කිරුලපන සාමාන්‍ය අවන්හලකට ගියා කෑම කන්න. පුදුමයි එක මැස්සෙක්වත් නැහැ. පිරිසිදුයි,ජපානෙ වගේ.යනවම් මෙන්න තැන කිරුල කැෆේ - කිරුලපන. (බ)
රකිත් Thursday, 25 August 2016 07:01 AM
අනේ අපිට නම් ඉතින් තේ කඩයක්වත් ඇරගන්න හැකියාවක් නැහැනේ? (නි)
සමන්ති Wednesday, 24 August 2016 07:09 AM
බොහොම හොඳයි (නි)
අනුරාධ Thursday, 25 August 2016 06:56 AM
සම්පත්, ඔබගේ අදහසේ ඇත්තක් තියෙනවා. හෝටල් හා අවන්හල් වල සේවාවෙහි අගය දැන් ගොඩක් අඩුවෙලා. මොන අලුත් සංකල්ප වලට අනුව අලුත් හෝටල් අවන්හල් ඇරියත් වැඩක් නැහැ,සේවකයන්ට හොඳ පුහුණුවක්, ප්‍රායෝගික දැනුම ලබාදුන්නේ නැත්නම්. එ්කේ ප්‍රතිඵල විඳින්නේ මුදල් ගෙවන පාරිභෝගිකයා. මුදලාලිලට මේවා ගැන ඒතරම් දැනුමක් නැහැ (නි)
නිශ්ශංක ආරියවංස Thursday, 25 August 2016 11:51 AM
සුබ පැතුම් ජැකලීන් ඔබට (ම)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 25 August 2016 06:33 PM
කොහොම වුණත් ශ්‍රී ලාංකික කතක් වන බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගේ "කෑම සූත්‍ර කඩය" ඉතාමත් ජනප්‍රිය වේවා කියා පතමු. (නි)
අසංක Thursday, 25 August 2016 11:15 PM
ඔය ප්‍රමුඛ පෙළේ සූපවේදියෝ කියන සමහර අය, සේවකයන්ට හරියට සළකන්න දන්නේ නැහැ. අපි ඔය ප්‍රමුඛ පෙළේ සූපවේදියෝ ළඟ වැඩකරපු අය. මීට ටික කලකට ඉහත ඔය අයට විරුද්ධව සේවකයෝ වැඩ වර්ජනය කළා. ඒ අය තමන්ගේ සේවකයන්ට හරියට සළකන්න දන්නේ නැති නිසයි එහෙම වුණේ (නි)
ජෝසප් පෙරේරා Friday, 26 August 2016 06:12 AM
\"කෑම සූත්‍ර\" යනු සුලු වෙනසක් සහිතව ඉන්දියාවේ ඈත අතීතයේ සිට එන වචනයකි. මෙනිසා මෙම අවන්හල ලංකාවටත් වඩා ඉන්දිවේ ජනප්‍රිය වනු ඇත.(ම)
ජෝසප් පෙරේරා Friday, 26 August 2016 06:21 AM
කෑම සූත්‍ර යනු සුලු වෙනසක් සහිතව ඉන්දියාවේ ඈත අතීතයේ සිට එන වචනයකි. මේනිසා මෙම අවන්හල ලංකාවටත් වඩා ඉන්දියාවේ ජනප්‍රිය වනු ඇත. (බ)
සුගත් Saturday, 27 August 2016 09:18 AM
ජැකී ඔබට සුබ පැතුම්, පටු විදිහට සිතන , වචන ප්‍රකාශ කරන පුද්ගලයෝ ගැන එතරම් ගණන් ගන්න එපා.ඔබට ඉන්දියාවේ වගේම ලෝකයේත් හොඳ නමක් තියෙනවා. බොලිවූඩ් වල නො-01 රංගන ශිල්පිනිය වීමට ඔබට සියලු ශක්තිය ලැබේවා. සියලු ව්‍යාපාර කටුයුතු සාර්ථක වේවා. (බ)