ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සන්නාම තානාපතිවරිය වශයෙන් ශ්‍රී ලාංකික බොලිවුඩ් නිලි ජැකලින් ෆර්ඩිනැන්ඩස් සමග ගිවිසුමකට එළඹ තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අජිත් ඩයස් මහතා සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් අතර ඊට අදාළ ගිවිසුමට මුම්බායි සෙන්ට් රෙජීස් හෝටලයේදී පසුගිය 29 වැනිදා නිල වශයෙන් අත්සන් තබා ඇත.
එහිදී අදහස් දැක්වු ජැකලින් ෆර්ඩිනැන්ඩස් ප්‍රකාශ කර ඇත්තේ තම මව් රටේ නිල ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි.
සුපිරි ක්‍රිකට් තරුවූ මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර ද ශ්‍රී ලංකා ගුවන් සේවයේ සන්නාම තානාපතිවරුන් ලෙස කටයුතු කරති.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජැකලීන්ට අලුත් තනතුරක්
විකුම් Sunday, 31 July 2016 06:11 PM
නාලක කියන දේ සහතික ඇත්ත. විදේශිකයන් කීපදෙනෙක් තමන් සමඟ එකතු කරගත්තොත් හොඳ ගමනක් යන්න පුලුවන් (නි)
ආනන්ද දොඩන්ගොඩ Wednesday, 03 August 2016 07:26 PM
පසුගිය රජයේ මෝඩකම් තමා මේ රජයත් කරන්නේ. තමන්ට හිතැති අයව තනතුරු වලට දාන එක. වෙනස නම් සැපය! (නි)
ලසිත් Tuesday, 02 August 2016 02:37 PM
අපේ ගුවන් සේවිකාවන් යන්නේ යානාවටත් අඩි 10 ක් උඩින්. ලංකාවේ මගියෙක් දැක්කම පුදුම උද්දච්ච කමක් පිටවෙන්නේ. අපි නම් පලවෙනි වතාවේ ගියාට පසුව ආයෙත් ජිවිතේට යන්නේ නැහැ කියලා හිතා ගත්තා. පාරිභෝගික සේවාව අන්තිමයි. ජකලින්ට නෙවෙයි අයිශ්වර්යාටවත් මේක ගොඩ දාන්න බැහැ. (අ)
අනිල් Tuesday, 02 August 2016 01:46 PM
ශ්‍රී ලන්කන් එකේ වැඩ කරනවා කියන්නත් ලජ්ජි මට. එක පාඩු ලබල නිසා. (අ)
ස්මිත් Tuesday, 02 August 2016 10:57 AM
දැන් අප්පේ හොඳයි වගේ නේද (බ)
සුගත් Monday, 01 August 2016 08:03 AM
ඉතාම හොඳ තෝරා ගැනීමක් , මේකෙන් ලැබෙන මුදල ජකලින්ට එතරම් ලොකු දෙයක් වෙන එකක් නෑ, මොකද අද බොලිවූඩ් සිනමාවේ පළමු පස් දෙන අතර ජකලිනේ ඉන්නවා. මේ දවස් වල එක දිගට ෆිල්ම් එනවා.හරිම සතුටු ලංකාවේ සම්භවයක් ඇති කෙනෙක් මෙහෙම තැනකට පැමිණීම. මම දන්නා විදිහට එක ෆිල්ම් එකකින් ලන්කන් රූපී කෝටි 8 කට වඩා ජකලිනේ අය කරනවා. හරිම හොඳයි .(රේ)
අල්විස් Sunday, 31 July 2016 10:00 PM
එතකොට මෙයාව පත්කළාට පස්සේ පාඩු ලබන එක නවතිනවාද? (නි)
විමලගුණ Sunday, 31 July 2016 09:57 PM
ඔබට සුබ පැතුම්! (නි)
නාලක Sunday, 31 July 2016 06:11 PM
පුළුවන්නම් එකතුවෙන්න වෙන එයාලයින් එකක් එක්ක අවුරුදු 5ක් වගේ කාලයකට. දාන්න කොන්ත්‍රාත් අත්සන් කරලා පූර්ණකාලීන නැතුව. (නි)
රොහාන් දයාදර පැරිස් Sunday, 31 July 2016 11:50 AM
ශ්‍රී ලන්කන් ගුවන් සේවය අපේ හදවත වගෙයි ,,, ඒ තරමටම අපි අපේ ගුවන්සේවයට ආදරෙයි , එ්ත් පැරිසියට එන්නේ නැති ගුවන් සේවයකින්අපිට ශත පහකවත් වැඩක් නැහැ මින් පස්සේ (බ)
චන්න බුවනක Sunday, 31 July 2016 04:36 PM
ගුවන් සේවය බංකොලොත්. විකුණන්න යනවා කියලයි අපිට නම් ආරංචි. ලොක්කෝ බයිලා ගහනවා. අපිට ගෙදර යන්න තියෙන ප්ලේන් එකත් නැතිවෙයි මෙහෙම ගියොත්. (නි)
කවින්ද Sunday, 31 July 2016 04:30 PM
අනේ ඉතින් එයාලට තනතුරු ලැබුනා කියලා අපේ බඩකට පිරෙනවද? (නි)
බෙනට් Sunday, 31 July 2016 03:49 PM
ආප්ප කඩයක් දාල හරි සල්ලි හොයන්න හදන කෙනෙක්ට ඔය වගේ කොන්තරත්තුවක් ලැබුනම එපා කියයි . (අ)
දමිත් උනම්බුව Sunday, 31 July 2016 02:35 PM
මම නිතර ව්‍යාපාර කටයුතු සදහා රට රටවල් වල යනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය කෙසේ වෙතත් අනෙක් ගුවන් සේවාවලත් අපට සැලකිල්ලක් නැහැ. ඒක තමයි යථාර්තය. (ර)
කුමාර් (ගල්ෆ්) Sunday, 31 July 2016 02:03 PM
නිකන් මුදල් කාබාසිනියා කරන වැඩ, (බ)
කුමාර් (ගල්ෆ්) Sunday, 31 July 2016 02:08 PM
නිකන් මුදල් කාබාසිනියා කරන වැඩ, (බ)
විකුම් රංගන Sunday, 31 July 2016 02:07 PM
ඒ වුණාට ශ්‍රී ලන්කන් එකේ වැඩකරන අය සුදන්ට දත් තිස් දෙකම පෙන්වලා නිවට ලෙස දෙකට නැමිලා කතා කළාට අපේ අයව දකිද්දී නිකන් පුම්බගෙන ඉන්නවා වගේ ගතියක් තමයි අපිට නම් පෙන්නේ. එමිරේට්ස් , එතිහඩ් වගේ එයාර් ලයින් වල වැඩ කරන අය එහෙම නැහැ කාටත් එකයි. ඒ හින්දා උන්ගේ ගණන් උන්ට චුන් කියලා අපි හරි අගේට අනිත් එයාර් ලයින් වලින් ගමන් කරනවා. ශ්‍රී ලන්කන් හදන්න ඕනෑම නම් විදේශ තරුණ තරුණියන් බඳවා ගන්න . කාට තිත්ත වුණත් ඇත්තයි අපි ලියන්නේ. (බ)
කුමාර් (ගල්ෆ්) Sunday, 31 July 2016 02:01 PM
නිකන් මුදල් කාබාසිනියා කරන වැඩ. (ර)