X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


ණයගෙවීමේ සහන කාලය සුළු හෝටල්හිමියෝත් ඉල්ලති

(ජේ. කේ. එල්. චාමින්ද)
 
සංචාරක හොටල්හිමියන් ලබාගත් ණය ගෙවීමේ සහන කාලය සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල් හිමියන්ට පමණක් ලබාදීමට රජය තීන්දු කිරීම  නිසා සංචාරක කර්මාන්තයේ නිරත  සුළු පරිමාණ හොටල් හිමියන්ට දැඩි අසාධාරණයක් වී ඇති බව උණවටුණ ප්‍රදේශයේ සුළුපරිමාණ හොටල් හිමියෝ පවසති.

ණය ගෙවීමේ සහන කාලය  සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති හෝටල් හිමියන්ට පමණක් ලබාදීම   මෙකී කර්මාන්තයේ නිරත අනිකුත් හෝටල් හිමියන්ට කළ බලවත් අසාධාරණයක් බවද ඔවුහු පෙන්වා දෙති. 

උණවටුන සංචාරක කලාපයේ සංචාරක ව්‍යාපාරයේ නිරත  ව්‍යාපාරිකයින් අති  බහුතරයක් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වී නොමැති බවද ඔවුහු පවසති.

උණවටුණ සංචාරක ව්‍යාපාරිකයින්ගේ සංගමයේ කැඳවුම්කරු  රූපසේන කොස්වත්ත මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කීවේය.

“පාස්කු ඉරිදා වූ බොම්බ ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තයට 99%ක බලපෑමක් එල්ල වී  තියෙනවා. මෙම කර්මාන්තයේ නිරතවූවන්ගේ ආදායම බිංදුවයි. සෘජුව හා වක්‍රව සංචාරක කර්මාන්තයේ විශාල පිරිසක් නිරත වෙලා ඉන්නවා. එය හොටල් හිමියාගේ සිට තැඹිලි විකුණන වෙළෙන්දා දක්වා  බලපාලා. සංචාරක කර්මාන්තයේ බිඳවැටීම බලපාන්නේ හොටල් හිමියන්ට පමණක් නෙවෙයි. හොටල් හිමියන් නොවන සංචාරක  ව්‍යාපාරිකයින්ටත් බලපානවා.

මේ ප්‍රශ්න රජය තේරුම් අර‍‍ගෙන තියෙනවා. ඒ නිසා  සංචාරක  කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයින් විසින් ලබාගෙන ඇති ණය  2019 වර්ෂයේ  කාලවකවානුව අත්හැරලා  2019න් පසුව එම ණය  ගෙවන්න යම්කිසි  ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා. එය  විශාල සහනයක්. ආදායම උපයනවිට එම ණය ගෙවන්න වෙන්නේ. 

අපට තියෙන ප්‍රශ්නය සංචාරක ව්‍යාපාරිකයින්  ලෙස හඳුනාගෙන  තියෙන්නේ   හෝටල් හිමියන් පමණක් ද? මේ සහනය ලබාදෙන්න හදන්නේ සංචාරක මණ්ඩලයේ ලියපදිංචි හෝටල්වලට පමණයි. එය ආසාධාරණයි. උණවටුණ ප්‍රදේශයේ ඉතා සුළු පිරිසක් තමයි  සංචාරක මණ්ඩලයේ ලියපදිංචිවෙලා තියෙන්නේ. දැනට වසර 30ක පමණ කාලයක සිට සංචාරක කර්මාන්තයේ නිරත හෝටල් හිමියන් විශාල පිරිසක් ඉන්නවා. ඒ අය සංචාරක මණ්ඩලයේ ලියාපදිංචිවෙලා නැහැ. නමුත් මේ  අයගේ ආදායම නැතිවෙලා, ගත්ත ණය ගෙවා ගන්න බැරිවෙලා. උණවටුණේ 90%ක් ඉන්නේ සුළු පරිමාණ සංචාරක ව්‍යාපාරිකයින්. ඒ අයටත් මේ සහනය ලබාදිය යුතු වෙනවා. මෙවැනි ඳ යෝජනාවක් ඉදිරිපත් කිරීමේ දී සියලු සංචාරක ව්‍යාපාරිකයින්ට  මේ සහනය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා” යැයි  රූපසේන කොස්වත්ත මහතා සඳහන් කළේය.



අදහස් (7)

ණයගෙවීමේ සහන කාලය සුළු හෝටල්හිමියෝත් ඉල්ලති

himal Wednesday, 15 May 2019 05:55 AM

මේ හදන්නේ අනවසර ලැගුම්හල් වලටත් රජයේ සහනය කඩාවඩා ගන්න. මෙච්චර කාලයක් තිස්සේ කාමර කුලියට දීලා... ඒත් ලියාපදිංචි වෙලා නෑ. මේවා ඇතුළේ මොනවා වුණාද දන්නේ දෙවියන් තමයි. දෙයක් වේ නම් දිය යුතු, සුදුස්සාටම ලැබිය යුතු...

:       0       0

rohan Wednesday, 15 May 2019 11:11 AM

මදු මාධවගෙන්, අමිත් වීරසිංහගෙන් , නාමල් කුමාරගෙන් ණය ගෙවීමේ සහන කාලය ඉල්ලා ගන්න.......

:       38       1

de silva Wednesday, 15 May 2019 01:39 PM

සංචාරක මණ්ඩලේ ලියාපදිංචි වුණාම එ්කේ නිලධාරීන්ට දොළ පිදේනි දෙනවා හැරෙන්න වෙන කිසිම වැඩක් කරන්න වෙන්නේ නැහැ. එ්ක නිසා මොලේ තිබෙන කිසිම ව්‍යාපාරිකයකු ඕකේ ලියාපදිංචි වෙන්නේ නැහැ. දෙනවා නම් හැමෝටම දෙන්න. අපි විදේශ විනිමය ඩොලර් වලින් හම්බකරලා දෙනකොට ඒවා ලංකාවේ ආර්ථිකයට එකතු වෙනකොට ඒවා එපා කියල කිව්වේ නැහැනේ... හෝටල් හිමියන්ට ඕකේ ලියාපදිංචි වෙන්න කියල බලකරන්න එපා.. එහෙම කරන්න අවොත් අපි ඉදිරියට එන ඡන්දවලදී අනිවාර්යයෙන් අපව අසාධාරණයට ලක්කරන විදිහට කටයුතු කරන පක්ෂ වලට විරුධව අපි, අපේ සේවකයෝ සහ මෙම කර්මාන්තයෙන් යැපෙන පුද්ගලයින් සියලුදෙනා පෙළ ගස්සවනවා. මේ ඔක්කොම ප්‍රශ්නවලට මුල ආණ්ඩුවට රටේ ආරක්ෂාව හරියට තහවුරු කරගන්න බැරිවීමයි.. නැත්නම් අපි ආණ්ඩුවෙන් සහන ඉල්ලුවේ නැහැ..

:       0       0

දිලුම් Thursday, 16 May 2019 07:47 AM

නිසි ක්‍රමවේදය අනුගමනය කරල ව්‍යාපාර කලානම් මේ ණය ඔබටත් හිමියිනේ. රටක නීතියක් තියෙද්දි ඒකට පිටුපාන්නේ ඇයි. සංචාරක ආයතන සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වී නිසි ප්‍රමිතියෙන් පවත්වාගත යුතුයි කියල තියෙද්දි ඊට අදාල ගාස්තු ගෙවීමට තියන ලෝබ කමට රජයට ගෙවන්න තියන ඒවා නොගෙවා මේවා පැහැර හරිනවා. අනතුරකදී සහනයක් දෙන්න ගියාම ඒකට පොර කනවා.

:       1       38

සෙනෙවි Friday, 17 May 2019 04:49 PM

දිලුම් නිවැරදියි. බොරු අදායම් බදු බල්ලෙක් මවාගෙන තමන් කරන වයාපාරය රජයේ ලියාපදිංචිය කරන්නේ නැහැ. ණයක් ගන්න ගියහම වන සහන අහිමිවෙනවා ...!!!

:       0       9

de silva berlin Monday, 20 May 2019 07:05 AM

සංචාරක මණ්ඩලේ ලියාපදිංචි කරහම තමන්ගේ අධයාමෙන් 1% සංචාරක මණ්ඩලේට ගෙවන්න ඕනේ , ඊට පස්සේ එකේ නිලධාරියෝ එනවා ඔවුන්ට පගාව වශයෙන් මුදල් සහ කෑම බිම දෙන්න ඕනේ එහෙම නැත්නම් මේක නැත අරක නැත කියමින් එක එක ප්‍රශ්න දමනවා , අපට එගොලන්ගෙන් වෙන සැලකියයුතු සේවයක් නැත , අඩුම තරමේ කලාපයේ වෙන රටවල සිදුවෙන විදිහට ක්‍රමවත් සේවකයන් පුහුණුකිරීමේ වැඩ පිලිවෙලක්වත් මොවුන්ට නැත , අපේ සල්ලි වලින් නිලධාරියෝ රට සවාරි ගසති නමුත් යුරෝපයේ අපේරටේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට මේ ගොල්ල කරන දෙයක් නැත , අපි අපේ මහන්සියෙන් ප්‍රචාරක කටයුතු කරගෙන බැංකු ණය ලබාගෙන අපේ ව්‍යාපාර ගොඩ නගාගන්නවා, මේකත් හරියට සංචාරක මණ්ඩලේ පළාත්සභා වැනි සුදු අලියෙකි ,අපි රටට ඩොලර් යුරෝ සොයල දෙනකොට මේකේ ලියාපදිංචි නොවුන කියල කිසිම භේදයක් නොමැත , සුළුපරිමාණ ව්‍යාපාරයන්ට රජය ණය සහනය දුන්නොත් ඔවුන් ව්‍යාපාරය වලට මුදල් ආයෝජනය කර වැඩි වැඩියෙන් විදේශ මුදල් රටට්ට ලබාදේවි නැත්නම් ඒවා කලාපයේ වෙනත් රටවලට යාවි .

:       0       7

රොෂාන් Tuesday, 21 May 2019 06:34 AM

බැංකු ණය ගන්න විස්තර ඉදිරිපත් කරනව මොනවගේ කාරණාවකටද ණය ලබා ගන්නෙ කියලා...සංචාරක ව්‍යාපාරයකට අදාලව ණය පහසුකම් ලබාගෙන ඇතිනම් එම ණය සඳහා පමණනක් මෙම පහසුකම ලබා දෙන්නේනම් හොඳයි.එවිට සංචාරක මණ්ඩලයේ ලියාපදිංචිද නැද්ද වැඩක් නෑ,, මොකද ලියාපදිංචියක් නැතිව මෙම කර්මාත්තයෙන් විශාල ආදායමක් රටට හොයල දෙන අංශ තියෙන නිසා....

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site