ත්‍රී රෝද රථ ලියාපදිංචිය මාසයෙන් මාසයට ඉහළ යමින් පවතී. ත්‍රී රෝද රථ හා ට්‍රැක්ටර් හැරැණු විට අනෙකුත් සියලුම වාහන ලියාපදිංචිය මාර්තු මාසයට වඩා අප්‍රේල් මාසයේදී ප්‍රමාණාත්මකව අඩු වී ඇත.
බජාජ් සමාගමේ වෙළෙඳපොල කොටස්ද 90% සිට 94% දක්වා වැඩි වී ඇති අතර ෆිනෑන්ස් පදනම මත මිළදී ගන්නා ත්‍රී රෝද රථ සංඛ්‍යාවද අප්‍රේල් මාසයේදී 57% සිට 60% දක්වා ඉහළ යාමක් පෙන්නුම් කළේය.
මෝටර් රථ ලියාපදිංචියද මාර්තු මාසයට වඩා අප්‍රේල් මාසයේදී අඩු වී ඇත. ඉලෙක්ට්‍රික් කාර් ලියාපදිංචියද අඩු වී ඇති අතර වැඩියෙන්ම ලබාගෙන ඇත්තේ NISSAN Leaf රථයි.
අති නවීන හා භාවිතා කරන ලද හයිබ්‍රිඩ් රථ දෙවර්ගයේම ලියාපදිංචියේද පහළ බැසීමක් එම මාස දෙක සංසන්දනය කිරීමේදී දක්නට ලැබේ.
Toyota Axio ලියාපදිංචිය අඩු වූ අතර Suzuki Wagon R ලියාපදිංචි කිරීම් වැඩිවීමක් වාර්තා වී තිබේ. යතුරු පැදි, වෑන්, SUV, ලොරි හා බස්ද ඇතුළුව බොහෝ වාහන වර්ගවල ලියාපදිංචි කිරීම් අඩුවී ඇති නමුත් අත් ට්‍රැක්ටර් හා ට්‍රැක්ටර් ලියාපදිංචිය ඉහළ ගොස් ඇත. බොහෝ වාහන වර්ගවල ලියාපදිංචිය අඩුවීමට හේතුව අප්‍රේල් මස එළඹෙන උත්සව සමය බව හඳුනාගෙන තිබේ.
- 062
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ත්‍රී රෝද රථ ලියාපදිංචිය මාසයෙන් මාසය ඉහළට
vipula Monday, 05 June 2017 05:18 AM
2015 වර්ෂයෙන් පසු ගන්න පුළුවන් වාහනේ මේක විතරයි.
sadis Monday, 05 June 2017 05:44 AM
හැමෝම මේක සීමා කරන්න කයිවාරු ගහනවා විතරයි! රටේ දැන් දැන් වැඩිවෙන අපරාධ, මත් උවදුර වගේ දේවල් වලට මේ ත්‍රී වීල් යොදා ගැනීම දැන් වසංගතයක් වෙලා! පාර අයිනක වත් මිනිහෙකුට ඉන්න යන්න නැහැ. මේ වසංගතේ නිසා! අනේ! රටට වැඩක් ගන්න පුළුවන් තරුණ ශ්‍රමය රෝද 3 උඩ ගෙවෙන හැටි!
nimantha Monday, 05 June 2017 10:57 AM
ත්‍රී වීල් මිල තවත් වැඩි කළ යුතුයි.
ඩී. ජයදේව Monday, 05 June 2017 03:22 PM
නූගතුන් වැඩි වෙන තරමට දේශපාලඥයෝ ගොඩ තමයි.
dilan Thursday, 08 June 2017 07:40 AM
මේක කවුරු හරි කළේ නැත් නම් ලංකාවේ අවසානය තමයි......
CHAMEEN Saturday, 10 June 2017 03:26 AM
අපිට පුළුවන්ද දැන් එතකොට කාර් එකක් ගන්න.. ඉතුරු වෙන්නේ ත්‍රී වීල් එක විතරයි.
kumar (galf) Sunday, 11 June 2017 11:17 AM
වර්ජන කරන දොස්තරලාට කාර් පිට කාර් තමයි. අපි අවුරුදු 25 තිස්සේ මැදපෙරදිග ගිහින් රටට සල්ලි හොයාදීලත් අපිට කාර් පර්මිට් එකක් දෙන්නේ නෑ... පාලකයන්ට මේවා පෙනෙන්නේ නැත්ද?
බුද්ධික Monday, 12 June 2017 02:55 AM
ඇත්තටම පුද්ගලිකව ත්‍රී වීල් රටින් තහනම් කරනවා නම් කැමතියි. නමුත් රටේ අඩු ආදායම් ලාභී වැඩි පිරිසක් රැකියාව කරන නිසා ඒ අයගේ රිය පැදවීම පිළිබඳව ඉතාම තදින්ම අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්... මමත් කොළඹ ප්‍රදේශයේ රිය ධාවනය කරන කෙනෙක්...පොලීසිය ක්‍රියාකරන ආකාරය පුදුම සහගතයි. සමහර පොලිස් නිලධාරීන් ඔවුන්ගේ වැරදි දැක දැක අහක බලාගෙන ඉන්නවා. රටේ හොද නීතියක් තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ.