X Advertisement
IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


තාක්ෂණික ව්‍යවසායකයන් දිරිගැන්වීමට “10,000 IDEAS”‍ ව්‍යාපෘතිය දියත් වේ

ශ්‍රී ලංකාව තුළ වූ ආරම්භක ව්‍යාපාර සංවර්ධනය සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදෙන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින්, ඔවුන්ගේ නවතම තාක්ෂණික නවෝත්පාදන දිරිගැන්වීමේ ව්‍යාපෘතිය “10,000 IDEAS”‍ මැයෙන් පසුගියදා දියත් කරන ලදී.

විවිධ හවුල්කාර පාර්ශ්ව රැසකගේ සහයෝගය ඇතුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන අනාගත ලොව වෙත දක්ෂ සහ නිපුණතා තුළින් සන්නද්ධ තාක්ෂණ ව්‍යවසායකයන් නිර්මාණය කිරීමට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන්ම ගෝලීය වෙළෙඳපොළ ජයගත හැකි නව්‍ය අදහස් ඇති තාක්ෂණික ව්‍යවසායකයන් මේ හරහා සංවර්ධනය කරයි. ඒ ඔස්සේ 2024 වර්ෂය වනවිට, තාක්ෂණික ආරම්භක ව්‍යාපාර 1,000ක් නිර්මාණය උදෙසා වූ ICTA හි දැක්ම සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තු වේ.

මෙම වැඩසටහන හරහා පාසල් ශිෂ්‍යයන්, තරුණ තරුණියන් ඇතුළු ඕනෑම වයස් කාණ්ඩයක අයකු සතු සුවිශේෂී නව්‍ය ව්‍යාපාර අදහස් හඳුනා ගනිමින් ඔවුන්ගේ ව්‍යවසායක සිහින සාක්ෂාත් කරගැනීම උදෙසා වූ අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ලබා දේ. විශේෂයෙන්ම, සිය නවෝත්පාදන අදහස් සාර්ථක ව්‍යාපාර සැලැස්මක් බවට පත් කරගත හැකිවන අයුරින් අදාළ ව්‍යාපාර සැලසුම් ගොඩනැංවීම උදෙසා “10,000 IDEAS”‍ ව්‍යාපෘතිය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. මේ අනුව නව්‍ය අදහස් ඇති තාක්ෂණික ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන අයුරින් හඳුනා ගැනීමට “10,000 IDEAS”‍ ව්‍යාපෘතිය බලාපොරොත්තු වන අතර, ඔවුන්ට ව්‍යාපාර සැලසුම් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පූර්ණ මාර්ගෝපදේශනය, පුහුණුව, ආයෝජන ලබාදීම ඇතුළුව විවිධ සහයෝග ලබාදීම සඳහා ICTA අදාළ ක්ෂේත්‍ර හවුල්කරුවන් සමඟ සම්බන්ධ කරනු ඇත.

ජාතික තලයේ මෙම වැඩසටහන පිළිබඳ සිය අදහස් දක්වමින් ICTA හි ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි අනුර ද අල්විස් මහතා මෙසේ පැවැසීය.

“ICTA ආයතනය දේශීය ව්‍යවසායකයන් සංවර්ධනය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදුකරමින් සිටිනවා. විශේෂයෙන්ම ගෝලීය අභියෝග සඳහා සාර්ථක විසඳුම් ඉදිරිපත් කළ හැකි තාක්ෂණික නවොත්පාදකයන් නිර්මාණය කිරීම උදෙසා, ICTA විශාල අවධානයක් යොමු කරමින් ක්‍රියා කරනවා. එම ගමන් මගෙහි තවත් එක් සාර්ථක පියවරක ආරම්භයක් ලෙස මෙම “10,000 IDEAS” ව්‍යාපෘතියේ ආරම්භය හඳුන්වන්න මා කැමැතියි. තාක්ෂණික ක්ෂේත්‍රයේ නවොත්පාදකයන් සහ ව්‍යවසායකයන් හට අනාගත ලොව ජය ගැනීම සඳහා විශාල අවස්ථා රැසක් පවතිනවා. අපට අවශ්‍ය අපගේ හවුල්කරුවන් සමඟ එක්වෙමින්, මෙම වැඩසටහන හරහා මොවුනට සාර්ථක ව්‍යවසායකයන් වීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට. “10,000 IDEAS” හරහා තාක්ෂණික ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන්ට සිය ව්‍යවසායක සිහින මෙන්ම රටේ ආර්ථික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා විශාල සහයෝගයක් ලැබෙන බව අපට විශ්වාසයි.”‍



අදහස් (2)

තාක්ෂණික ව්‍යවසායකයන් දිරිගැන්වීමට “10,000 IDEAS”‍ ව්‍යාපෘතිය දියත් වේ

ganegoda Wednesday, 29 September 2021 02:32 PM

ලංකාවේ ඉස්කෝලේ ගිය අයගෙන්නම් ඕවා අහලා වැඩක් නැහැ.

:       5       0

tharinduThursday, 30 September 2021 04:35 PM

ඔයා ඉස්කෝලේ ගියේ ඇමෙරිකාවේද? ලංකාවට ගැලපෙන්න දෙයක් ලංකාවේ මිනිස්සු කරනකොට ඒකට සුබ පතන්නේ නැතිව විවිධ කතා කියනවා.

:       1       2

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site