(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලිය තුළ දේශීය නිෂ්පාදකයා සවිබල ගැන්වීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් තෝරාගත් දේශීය ව්‍යවසායකයන් වෙත "මේඩ් ඉන් ශ්‍රී ලංකා"(Made in Sri Lanka) ලාංඡනය ලබා දීම කොළඹ දී සිදු කෙරිණි.
නිෂ්පාදනයේ දේශීයත්වය නිරූපණය කිරීම සඳහා මෙම නිෂ්පාදන කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කරන අතර ඉන් 100% ප්‍රමාණයක්, ශ්‍රමය, තාක්ෂණය, අමුද්‍රව්‍ය සහ මානව සම්පත් දේශීයව භාවිතා කරන්නේ නම් එය 100% ක් දේශීය නිෂ්පාදනයක් ලෙස සලකා මම නිෂ්පාදන සඳහා මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංඡනය පිරිනැමීම මෙහිදී සිදු කෙරේ.
එසේ තෝරාගත් ව්‍යවසායකයින් පනස් දෙනෙකුට නොමිලේ මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංඡනය පිරිනැමීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා ඇතුළු එම අධිකාරියේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දේශීය ව්‍යවසායකයන්ට ’’මේඩ් ඉන් ශ්‍රී ලංකා’’ලාංඡනය
Alshad Thursday, 01 April 2021 02:00 PM
මේ අය දෙන සහතිකවල වටිනාකමක් තියෙනවද?
senaFriday, 02 April 2021 07:47 AM
ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. දැන් ඔය සහතිකේ ලැබිච්ච නිෂ්පාදනවලට විදේශීය වෙළඳපලෙන් ඉල්ලුම් ඒවිද? කිසිම වැඩපිළිවෙළක්, දැක්මක් නැති මිනිස්සුන්ගේ විකාර වැඩක්..
Rata Perata Thursday, 01 April 2021 03:26 PM
කවුද මේ..? මේ ඉස්සරහින් තියාගෙන ඉන්නේ? ඇත්තටම අපේ රට මෙච්චර බංකොළොත්ද?
Pradeep Friday, 02 April 2021 05:19 PM
දැන් ඔය සහතිකය දුන්නාම දේශීය ව්‍යවසායකයින් ආරක්ෂිතයිද? විමල් මහත්තයෝ. ඊට කලින් දේශීයව නිපදවිය හැකි අති විශාල ප්‍රමාණයක් වූ භාණ්ඩ සහ නිෂ්පාදන ආනයනය නවතලා හිටියොත් හොඳයි නේද? කොහු ලණු, ඉඳිකටු, ඇල්පෙනෙති කුඩා කොණ්ඩ කටු (ක්‍රේල් කටු) ඇතුළු දේශීයව නිපදවිය හැකි භාණ්ඩ චීනයෙන් ගෙන්වමින්, ඊට අමතරව දේශීයව වගා කළ හැකි බවබෝග, ඉන්දියාව, පාකිස්තානය ඇතුළු රටවලින් ගෙන්වමින් වෙනකක් තබා සියඹලා පවා තායිලන්තයෙන් ගෙන්වමින් කරනා මේ විනාශය පළමුව නවතා දමන්න. අපේ බොහොමයක් පාලකයින්ට අලි ගමන් කරනා මාවත් පෙනෙන්නේ නෑ. ඔවුන් දකින්නෙම කූඹින් ගමන් කරනා මාර්ග..
Lanka Saturday, 03 April 2021 03:04 AM
මොනවා කළත් හොඳක් නැති මිනිස්සු ඉන්න රටක් මේක... !!!
rathgama Sunday, 04 April 2021 10:05 AM
ඇයි මීට ඉස්සෙල්ලා ලංකාවේ නිෂ්පාදන වල ලිව්වේ ‘‘රෙද්ද‘‘ කියලා...?
Bamunuarachchi Monday, 05 April 2021 02:38 AM
වාහන ටයර් ගන්න ගියවෙලාවේ ලොකු ට්‍රක් ටයරයක මේඩ් ඉන් ශ්‍රීලංකා කියලා තිබෙනවා දැක්කාම විසාල සතුටක් ඇති වුණා. හැබැයි ප්‍රමිතිය ගැන නම් දන්නේ නැහැ.