ක්ලෝගාඩ්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව ශ්‍රී පාද අඩවිය අවට පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සත්කාරයකට දායක වෙන ලදී. මෙහි දී වටිනා ජෛව විවිධත්වයකින් යුත් ශ්‍රී පාද අඩවිය අවට ප්ලාස්ටික් දූෂණය අවම කිරීම උදෙසා විවිධ ආකාරයේ මුල පිරීම් රාශියක් සිදු කළේය.
‘ජල මුල රකිමු සමනොළ ගිර’ යන නාමය යටතේ සිදු කරන ලද මෙම කර්තව්‍ය ශ්‍රී ලාංකීය සංස්කෘතිය පිළිබඳව දැනුවත්භාවයක් ඇති කිරීම සහ මහජනතාවට නිසි ආකාරයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව දැනුමක් ලබා දෙයි. අප්‍රේල් සිට මැයි දක්වා පවත්වන ලද මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වුයේ ශ්‍රී පාද අඩවියට පැමිණෙන බැතිමතුන් නිවැරදි ප්ලාස්ටික් බැහැර කිරීමේ ආකාරය පිළිබඳව දැනුවත් කිරීම වූ අතර, ඒ සඳහා ක්ලෝගාඩ් කණ්ඩායම සිය දායකත්වය දැක් වූ අතර, ශ්‍රී පාද මාර්ගයේ දැනුවත් කිරීමේ පුවරු සවිකිරීම සහ ස්වෙච්ඡාවෙන් ශ්‍රී පාද අඩවිය අවට ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම මගින් ඔවුන් මේ සඳහා සම්බන්ධ විය. තවද, ක්ලෝගාඩ් විසින් ප්ලාස්ටික් පරිහරණය අවම කිරීමේ අරමුණින් බැතිමතුන්ට මැටි බෝතල් ලබාදීම සිදු කරන ලද අතර, ඉදිකටුපාන, සීත ගඟුල සහ රතු අම්බලම යන ස්ථානවල පිරිසුදු පානීය ජල පහසුකම් ඇති කිරීම මගින් ද ඔවුන්ගේ දායකත්වය දක්වන ලදී.
මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් හේමාස් හි අලෙවි හා වෙළඳනාම අංශයේ අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ඩෙරික් ඇන්තනි මහතා මෙසේ පැවසීය. මෙම ක්‍රියාන්විතයට දායක වී මෙම පූජනීය භුමියෙහි ආරක්ෂාව උදෙසා යම් කර්තව්‍යක් කිරීමට ලැබීම පිළිබඳව ආඩම්බර වනවා. දිවයිනේ සියලුම ප්‍රදේශවල පාහේ පවතින මෙම ප්ලාස්ටික් දූෂණය අවම කිරීමට දැනුවත් කිරීමේ වැඩසටහන් තුළින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. එසේම ප්ලාස්ටික් දූෂණය අවම කිරීමට ක්‍රියා කිරීම සියලු දෙනාගේම වගකීමක්.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පරිසරය සහ ශ්‍රී පාද උරුමය සුරැකීමට ක්ලෝගාඩ් අතහිත