හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේදී සියයට 4ත් 4.5ත් අතර ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (6) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේදී සියයට 5ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කළ අතර එය තරමක විශාල අපේක්ෂාවක් යැයි ද මහ බැංකු අධිපතිවරයා පැවැසීය.
වසරේ සිව්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංක මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (6) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා එම කරුණු කීවේය.
ඉකුත් වසර හා සැසඳීමේදී මේ වසරේ පළමු කාර්තුවේදී ආර්ථිකය වර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 3.2කින් වර්ධනය වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉකුත් ද නිවේදනය කළේය.
ඒ අනුව මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට ආර්ථිකය වර්ධනය අඩු මට්ටමක පැවැති බව කී මහ බැංකු අධිපතිවරයා වසරේ ආර්ථික වර්ධන වේග පදනම සංශෝධනයකට ලක් කරන බව ද කීය.
ආනයන වැඩිවන සහ ජංගම ගිණුම පුළුල් වන තත්ත්වයක් තුළ පොළී අනුපාත කපා හැරීමට උත්සාහ කළහොත් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇතිවනු ඇතැයි ද අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙහිදි පෙන්වා දුන්නේය.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ද කීය.
“මැතිවරණ පැමිණෙද්දී ආර්ථික කටයුතු ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති ලිහිල් කිරීමට විශාල පීඩනයක් එල්ල වෙනවා. ආනයන ඉහළ යෑමේ ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථාවක ආර්ථිකයට මුදල් පොම්ප කිරීම බුද්ධිමත් තීරණයක් නෙවෙයි”
ඇමෙරිකා එක්සත් ජනපදය පොළී අනුපාත ඉහළ යෑම නිසා විදේශිකයන් නැගී එන වෙළෙඳපොළවලින් අරමුදල් නැවත ගැනීම හේතුවෙන් වර්ධනය පීඩනයකට පත්ව ඇතැයි මහ බැංකු අධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් පෙන්වා දුන්නේය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය අඩු මට්ටමක
rasika Monday, 09 July 2018 05:23 PM
දේශපාලනය පැත්තක තියලා හරියට මුල්‍ය පාලනය කරන්න. ආර්ථික වර්දනය හොදටම අඩුවෙලා කියල බැලූ බැල්මටම පේනවා ඩොලරයට සාපේක්ෂව රුපියල පහල යන්නේ එක හේතුවක් රටේ අපනයන දුර්වල වෙනකොට.. වෙළද පරතරය එන්න එන්නම වැඩි වෙනවා.. මේකට තියෙන එකම විසදුම අපේ අපනයන සහ සේවා වැඩි කරන්න ඕනේ. ලංකාවට ගැලපෙන්නේ සේවා ආර්ථිකයක්.. ලංකාවේ විශ්වවිද්‍යාල දියුණු කරන්න ඕනේ.. තොරතුරු තාක්ෂණය, දත්ත කළමනාකරණය වගේ දේවල් සහ දියණු තාක්ෂණික උපකරණ නිෂ්පාදනය වගේ දේවල් කරන්න ඕනේ.. ඒ ගමන්ම කෘෂිකර්මය දේශීය ඉල්ලුමට ගැලපෙන විදියට හදල සහන දීලා ජනතාවගේ ජීවන වියදම අඩු කරන්න ඕනේ.. එතකොට මේ රටට ආයෝජකයෝ ඒවි. අඩු ජීවන වියදමත්..දැනුමෙන් සන්නද්ද ශ්‍රම බලකායත් තියෙනවනම් ආයෝජකයෝ එනවා.. ස්ථාවර රටකට. වෙන පම්පෝරි කතා වැඩක් නැ
himalTuesday, 10 July 2018 10:23 AM
මහ බැංකුව කොහොමත් දේශපාලන පැත්තකින් තියලා මූල්‍ය පාලනයට කටයුතු කර ඇති බව තමයි මේ කියන්නේ. පොළී අනුපාතය අඩු කරන්න නම් මුදල් සැපයුම වැඩි කරන්න වෙනවා. ඒකේ ප්‍රතිඵලය උද්ධමනය වැඩි වීම.අනෙක් අතට ඔබ වියුක්ත ලෙස දක්වන කරුණුවල ගැටළු තියෙනවා. අපනයන වල ඉල්ලුම් නම්‍යතාව හා ආනයන වල ඉල්ලුම් නම්‍යතාව වෙනස්. ඔබ දක්වන තොරතුරු තාක්ෂණය ලංකාවේ ගොඩක් දියුණු වෙලා තිබුනත් ශ්‍රම පිරිවැය වැඩි නිසා බාහිරකරණ ව්‍යාපාර අවස්ථා දිනා ගැනීම ලේසි නෑ. ඒ වගේම දැනටමත් සහනාධාර පොදියක් කෘෂිකර්මයට දෙද්දිත් තවමත් ගොවියා දෙපයින් සිට ගන්න ලෑස්ති නෑ. හැමදාම ආණ්ඩුවෙන් පෝර දෙන්න ඕන සහන මිලට, ඒකෙන් පෝසත් වෙන්නේ පෝර සමාගම්. ශ්‍රම බලකායේ දක්ෂතාව පෙන්වලා ආයෝජකයො ගෙන්වන්න බෑ. හොයලා බලන්න අද ලංකාවේ තරුණයා නොමිලේ දෙන තාක්ෂණ පාඨාමාලාවත් හදාරන්නෙ නෑ. යන්තම් ඇටෙන් පොත්තෙන් එළියට ආවද්, ගන්නවා ටුක් ටුක් එකක්. එතනින් එහාට ශ්‍රම බලකාය වැඩක් නෑ.
dhamneth Tuesday, 10 July 2018 08:29 AM
මම කිවේ කට්ටියම ප්‍රාදේශීය සභා ඡන්දෙට බැහැල වැඩකොරනකොට මේ වර්ෂයේ මුල් කාර්තුවේ බලාපොරොත්තු වුණ ඉලක්ක සපුරගන්න බැහැ කියා.
Chaminda Friday, 13 July 2018 06:27 AM
මම දැක්ක සැම්බියා වල නිව්ස් එකක් යනවා මේ පත්තරේ ඒකම නේද මේ වෙන්නේ.ලගදීම මෙහෙටත් වෙන්නේ ඒ ටිකම තමයි.කිසිම දැක්මක් නැතුව රට ගමන් කරනවා.පාලකයෝ හොරා කකා ඉන්නවා