විදුලි ගාස්තු ඉහළ යෑම නිසා පාන්,බනිස් ඇතුළු බේකරි නිශ්පාදන වල මිල ඉදිරියේදී ඉහළ යෑමට නියමිත යැයි පැතිරෙන කටකතා වල කිසිදු සත්‍යතාවක් නැතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියයි.
සංගමයේ ප‍්‍රධානී එන්.කේ.ජයවර්ධන මහතා ප‍්‍රකාශ කර සිටින්නේ එවන් තීරණයක් මෙතෙක් තම සංගමය විසින් ගෙන නොමැති බවයි.බේකරි ආශ‍්‍රිත නිශ්පාදන වල මිල වැඩි කිරීමට සිදුවනු ඇත්තේ තිරිගු පිටි මිල ඉහළ ගියහොත් පමණක් යැයිද ඔහු පවසයි.
මිල ඉහළ යන්නේ නම් ඒ බව සිය සංගමය විසින් දැනුම්දෙනු ඇති බව ඔහු කියා සිටී.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාන් ගෙඩියට විදුලි සැර නොවදී
පුෂ්පා Sunday, 12 May 2013 01:24 PM
වැඩිම උනොත් පාන් ගෙඩිය, බනිස් ගෙඩිය පොඩ්ඩක් පුංචි වෙයි. ඕක ඉතින් ඔයතරම් ගනන් ගන්න දෙයක් නෙවෙයි.(නදී)
ජීවන් Monday, 13 May 2013 10:53 AM
මිල ඉහල යන්නේ නැහැ හැබැයි බර අඩුවෙනවා. මොකෝ දැන් ටිකිරි මොලෙන් වෙලදාම් කරන්න වෙලයි තියෙන්නේ. ගාන වැඩි කළොත් වෙළදාම වැටෙනවා.මිනිස්සු බනිනවා.දෙගොල්ලොම ගොඩයන්න නම් බර අඩු කරන්න වෙනවා. (නි)
පද්මා Monday, 13 May 2013 12:02 PM
පාන් රාත්තල හුළගේ පාවෙනවා.ආප්පෙන් අහස පෙනෙනවා.ඉදි ආප්පෙට පිම්බොත් පුලුන් රොදක් සේ පාවෙලා යන්නේ. ඇහුවම කියන්නේ ගාන වැඩි කරන්නේ නැහැ කියලා.බර අඩු කරනවද කියලා කවුරුත් ඇහුවේ නැද්ද.ඇහුවත් නැහැ කියයි මොකෝ ඔවු කියන්නද. (නි)
නීලා Monday, 13 May 2013 12:32 PM
මෙහෙම කියන්න වුණාට කණගාටුයි.දැන් හැම දේම මිල වැඩි කරලා කරලා ඇති වෙලාද කොහෙද.මිල වැඩි කරනවා වෙනුවට ප්‍රමානේ කුඩාකිරිම,බර අඩු කිරීම තමා වැඩිපුරම කරන්නේ."ටිකිරි,බන්ටි,සශේ ,මිනි" කියලා හැමදේම කුඩා කරලා.මම ලගදි දැක්කා එක උපත් පාලන කොපුවක් පමණක් දාපු පැකට් එකක් තියනවා බන්ටි කියලා. (නි)
චමිල Tuesday, 14 May 2013 10:12 AM
කලින් පාන්වලට සැර වැදුනද ආ... මිශ්‍රණයට පිටිවලට අමතරව තව යමක් එක් කරල තිබුනද ?(ස)
දයා අළහකෝන් Tuesday, 14 May 2013 01:41 PM
නීලා, ඒකට ඒ නම දැම්මට කමක් නැහැ. මොකද හුරතල් නමක්නේ ඒක. (නි)
වීරකුමාර Wednesday, 15 May 2013 08:42 AM
පාන් පුළුස්සන්නේ ඉර එලියට අල්ලලද? (නි)