පීපල්ස් ලීසිං සමාගම කොවිඩ් වසංගත තත්ත්වයෙන් ආපදාවට පත් ශ්‍රී ලාංකිකයන්ව රැකගැනීම හා බලගැන්වීමේ දැවැන්ත මූලාරම්භයක් ලබාදුන් සමාගමක් බවට පත්ව ඇතැයි එම සමාගම සඳහන් කරයි.
ඒ සඳහා සමාජ සත්කාර වැඩසටහන් ලෙස ජාතික කොවිඩ් වැඩසටහන ශක්තිමත් කිරීමට ප්‍රබල දායකත්වයක් සැපයීම හා සමාගමේ වසංගත තත්ත්වයට මැදි වූ ගනුදෙනුකරුවන්ට අතිවිශාල සහන සැලසීමෙන් ශ්‍රී ලාංකිකයන් රැකගැනීම හා බලගැන්වීමේ කාර්යයෙහි නිරත වූ බව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම කියයි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්ය.
පසුගිය දෙවසරක කාලය තුළ පීපල්ස් ලීසිං සමාගම වර්තමානයේ පවතින ආර්ථික කැළඹිලි ස්වභාවය මැඩපවත්වාගෙන නැවත බලගැන්වීමට දිවයින පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට කදිම මූල්‍ය සහයෝගයක් ලබාදීමට අමතරව සමාගමේ සමාජ සත්කාරක වැඩසටහන් යටතේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමේ ජාතික වැඩසටහන ශක්තිමත් කිරීමට ප්‍රබල දායකත්වයක් ලබාදී තිබේ.
පීපල්ස් ලීසිං සමාගම තම ගනුදෙනුකරුවන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ කොන්දේසිවලට යටත්ව තම සමාගමේ ගනුදෙනුකරුවන් සියයට 50කට වැඩි පිරිසකට ණය පමා සහන පහසුකම් ලබාදීම විශේෂත්වයකි. එනම් එම සමාගම පළමු ණය පමා සහන සැලසීමේදී රුපියල් බිලියන 67.96ක මූල්‍ය පහසුකම් 57,253කට ලබාදී ඇත. එමෙන්ම දෙවන ණය පමා සහන සැලසීමේදී මූල්‍ය පහසුකම් 15,722ක් ආවරණය වන පරිදි රුපියල් බිලියන 25.36 ක ණය පමා සහන ලබාදී තිබේ. එයට අමතරව ණය පමා සහන ලැබීමේ මිනුම් දඬුවලට අයත් නොවන පාරිභෝගිකයන්ට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් රැසක්ද ලබාදී ඇත්තේ ගනුදෙනුකරුවන් රැකගැනීම හා බලගැන්වීමේ අරමුණෙනි.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑමට ලක්වූ තවත් ව්‍යාපාරික ක්ෂේත්‍ර දෙකක් වන ආගන්තුක සත්කාරක හා මගී ප්‍රවාහන යන දෙඅංශයේ ගනුදෙනුකරුවන්ට ද පීපල්ස් ලීසිං සමාගම ණය සහන ලබාදුනි. විශේෂයෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රය ගැන සලකා බැලීමේදී පළමු කොවිඩ් රැල්ලේදී බස් රථ 4,362ක් සඳහා සියයට4ක පොලී සහනයක් ලබාදුන් අතර එහි ණය වටිනාකම රුපියල් බිලියන 8.13කි.
පීපල්ස් ලීසිං සමාගම පසුගිය දෙවසරක කාලය පුරා ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් තුළින් කොවිඩ් මර්දන ජාතික වැඩසටහන්වලට ලබාදුන් දායකත්වයන් වන්නේ තෝරාගත් රජයේ රෝහල් හා අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 3ක් සඳහා රුපියල් මිලියන 25කට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය හා වෛද්‍ය නොවන උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම, රුපියල් මිලියන 5ක මූල්‍ය පරිත්‍යාගයක් ‘ඉටුකම’ අරමුදලට බැර කිරීම, ‘සෙනෙහස’ අධ්‍යාපනික ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමයෙහි සුදුසුකම්ලත් ප්‍රතිලාභීන් 53 දෙනකුට මාර්ගගත දුරස්ථ අධ්‍යාපනික කටයුතු හැදෑරීම සඳහා විද්‍යුත් උපකරණ පරිත්‍යාග කිරීම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට අධෝරක්ත උෂ්ණත්ව මාන උපකරණ 10ක් පරිග්‍යාග කිරීම හා රජයේ පාසල් 21ක් සඳහා දෑත් සේදීමේ පහසුකම් හා හුදෙකලා කලාප පිහිටුවීම ආදිය වෙති.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පීපල්ස් ලීසිං කොවිඩ් හමුවේ මුල්‍ය සහන රැසක් දීලා