පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ 25 වැනි සංවත්සරයට සමගාමීව, ගෝලීය කොරෝනා වසංගතයට එරෙහි සුව සටනේ යෙදී සිටින රජයේ රෝහල්වල රෝගීන් හඳුනාගැනීම සහ ප‍්‍රතිකාර ලබාදීමට සහාය දැක්වීමක් ලෙසින් සිදුකරන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් දිගුවක් ලෙස දකුණු පළාතේ රජයේ රෝහල් 03කට රුපියල් මිලියන 6ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප‍්‍රදානයක් පසුගියදා සිදු කෙරුණි.
තංගල්ල මූලික රෝහලේ පැවැති මෙම වෛද්‍ය උපකරණ කට්ටල ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට වාරිමාර්ග කැබිනට් ආමාත්‍ය ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය ආරක්‍ෂක ආමාත්‍ය චමල් රාජපක්ෂ, ක‍්‍රීඩා හා තරුණ කටයුතු සහ ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ, සිවිල් ගුවන් සේවා සහ ආයෝජන කලාප අමාත්‍ය ඩී.වී. චානක මහතා, මහජන බැංකු හා පීපල්ස් ලීසිං මූල්‍ය සමාගමෙහි සභාපති සුජීව රාජපක්‍ෂ මහතා, පීපල්ස් ලීසිං ප‍්‍රධාන විධායක නිළධාරී සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මාසිලීන් මහතා සහ පීපල්ස් ලීසිං සහකාර ප‍්‍රාදේශීය කළමනාකරු දකුණු පළාත්භාර නිශාන්ත වීරසිංහ මහතා ඇතුලුව හම්බන්තොට පී.එල්.සී. ශාඛා ප‍්‍රධානී අමිල වන්නිආරච්චි, තංගල්ල පීඑල්සී ශාඛා ප‍්‍රධානී ශානක චමින්ද මහතා සහ පීපල්ස් ලීසිං ආයතනික හා සමාජ සත්කාරක අංශයේ කළමනාකාරිණී රොෂ්නි මෝතා යන මහත්ම මහත්මීහු සහභාගි වුහ.
කොරෝනා වසංගතය පාලනය කිරීමේ ජාතික කි‍්‍රයාන්විතය සදහා පීපල්ස් ලීසිං සමාගම විසින් හම්බන්තොට දිස්ත‍්‍රික් මහ රෝහල වෙත කොරෝනා රෝගීන් හඳුනා ගැනීමට යොදා ගන්නා ජංගම පී.සී.ආර්. යන්ත‍්‍රය (PCR) පරිත්‍යාග කළ අතර තංගල්ල මූලික රෝහල සහ බෙලිඅත්ත ප‍්‍රාදේශීය රෝහල්වලට අඩුපාඩුවක්ව පවතින අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ රැසක් රුපියල් මිලියන 6 ක පිරිවැයක් දරා රෝහල් කාර්යක්‍ෂමතාවය ඉහල නැංවීම සඳහා පරිත්‍යාග කෙරුණි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පීපල්ස් ලීසිං වෙතින් රුපියල් මිලියන 6කට අධික වෛද්‍ය උපකරණ දකුණු පළාත් රෝහල්වලට