පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම විසින් පසුගියදා ‘හිතමිතුරු’ නමින් මූල්‍ය සහන සැලසුමක් හඳුන්වා දෙනු ලැබීය. ඒ පවතින කෝවිඩ් වසංගතය හේතුවෙන් පසුබෑමකට ලක් වූ පෞද්ගලික මගී ප‍්‍රවාහන සේවාව යළි නගා සිටුවීමේ ජාතික අවශ්‍යතාව සඳහා එම සමාගම විසින් ලබා දෙන දායකත්වයක් ලෙසිනි.
1996 වසරේ පටන් පෞද්ගලික මගී ප‍්‍රවාහන බස් රථ සඳහා කල්බදු මූල්‍ය සේවා සපයමින් පුද්ගලික මගී ප‍්‍රවාහන සේවාව වැඩි දියුණුකිරීම සඳහා පීපල්ස් ලීසීං සමාගම දායක විය. එහෙත් පවතින කෝවිඩ් වසංගත තත්ත්වය අභිමුව මාස ගණනක් බස් රථ ධාවනය නොවීම හේතුවෙන් බොහෝ පෞද්ගලික මගී ප‍්‍රවාහන සේවා සපයන බස් රථ හිමිකරුවන්ගේ ජීවනෝපායන් සහ ව්‍යාපාර මේ වන විට පසුබෑමකට ලක්වී ඇත.
එවන් පසුබිමක පීපල්ස් ලීසිං සමාගම විසින් ‘හිතමිතුරු’ මූල්‍ය සහන සැලසුම හඳුන්වා දෙන්නේ මූල්‍ය අසීරුතාවට ලක් වූ පෞද්ගලික මගී ප‍්‍රවාහන බස් රථ හිමි ගනුදෙනුකාරභවතුන්ට සලසන සහනයක් ලෙසිනි. ‘හිතමිතුරු’ යනු සියයට 4 - සියයට 6 දක්වා සහනදායී පොලී අනුපාතික සහ දීර්ඝ කළ ආපසු ගෙවීමේ කාල සීමා සමගින් හඳුන්වා දෙන මුල්‍ය සහන සැලසුමකි.
අප ව්‍යාපාර ගමන්මගෙහි 25වන කඩඉම පසුකරන මෙම වසරේදී ලාභ ලැබීමේ අරමුණෙන් ඔබ්බට ගොස් කෝවිඩ් උවදුර හමුවේ මූල්‍යමය වශයෙන් බිඳ වැටුණු පෞද්ගලික මගී ප‍්‍රවාහන බස් හිමි ගනු දෙනුකාර භවතුන් යළි නගා සිටුවීම සඳහා අප සමාගමේ දායකත්වයක් ලෙස අපගේ මෙම මුල්‍ය සහන සැලසුම හඳුන්වන්න පුලුවන්. පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ශමීන්ද්‍ර මාසිලින් මහතා පැවසීය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පීපල්ස් ලීසිං සමාගමෙන් බස්රථ හිමියන්ට ‘හිතමිතුරු’’