කුඩා පරිමාණ ජලවිදුලි බලාගාරයක් ඉදිකිරීම සදහා වන ගිවිසුමකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පසුගියදා එළැඹිනි.
මේ සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 2250 කි.
බලාගාරය ඉදිකෙරෙනුයේ ඇත්තේ බුලත්කොහුපිටිය ප්‍රදේශයේය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පුංචි විදුලි බලාගාරයක් එයි
එරංග Wednesday, 10 April 2013 03:55 PM
මේ ජලය රටේ හැමෝටම අයිති පොදු වස්තුවක්. කුඩා ජල විදුලි බලාගාර වලට රු 12ක් විතර විදුලිබල මණ්ඩලයෙන් ගෙවනවා. සුළං බලාගාර වලට රූ 20ක් . අවුරුදු 3 නෙන් පස්සේ නිකන් සල්ලි ගලාගෙන එනවා. මෙහෙම වැඩි ගණන් ගෙවන්නේ ඩීසල් ගෙන්නන්න පිටරට යන මුදල නවත්තන්න. (නි)
සජිත් Monday, 22 April 2013 09:41 AM
අයියෝ ලස්සන දිය ඇලි ටික ඉවරයි. නළගන ඇල්ල, රුක්මල් ඇල්ල ලගදීම නැතිවෙලා යාවී. (නි)
ප්‍රදීප් Sunday, 21 April 2013 10:58 AM
ඕක හම්බන්තොට පැත්තේ හැදුවා නම් තමයි හොද. (නි)
නාමලී මානවඩු Friday, 19 April 2013 07:38 PM
තියෙන වතුර පාරවල් හරස් කළහම පරිසරයට හානි වෙනවා. වනජීවීන් මැරෙනවා. කුඹුරු වලට වතුර නැහැ. දියපාරවල් නවතිනවා. උල්පත් හිදෙනවා. (නි)
ඩොනල්ඩ් Thursday, 18 April 2013 01:16 PM
බලාගාරත් සමගම ලවිදුලි බිලත් වැඩිවිම තමයි ප්‍රශ්නේ.. (ස)
අජිත් කරුණාරත්න Thursday, 18 April 2013 12:05 PM
මොන බලාගාර හැදුවත් මේ විධියට විදුලි බිල ඉහල යනවා නම් ප්‍රයෝජනයක් තියෙයිද? ඉන්ධන ගැලපුම් ගාස්තුව ගැන හිතනකොට මට නම් හිතෙන්නේ ලංකාවේ ජලවිදුලියක් දැන් නැහැ වගේ කියලයි. (නි)
ටෝනි Wednesday, 17 April 2013 10:06 AM
නියම සොයා ගැනීමක් (නි)
ජයන්ත Friday, 12 April 2013 09:01 PM
මේවා නියමයි වැඩේට සුභපැතුම් (දී)
ගාමිණී Thursday, 11 April 2013 12:14 PM
මොන ආයෝජකයෝ කලත් ලංකාවට උචිත ජල විදුලි බලාගාරමයි. ගොවියට කාර්මිකයණ්ට සෙතක් ඉන්දන වියදමක් නැහැ. (ස)
සම්පත් Thursday, 11 April 2013 11:17 AM
මිනි හයිද්‍රෝ ලාබ දායක දෙයක් නෙවේ. (ස)
සිතිර Thursday, 11 April 2013 06:20 AM
අප්පුහාමි හරි. මඩකලපුවෙන් වගේ වරායක් හැදුවා නම් හරි. එතකොට විදුලියත් නැවෙන් ගෙන්න පුළුවන්. (නි)
වරුණ Monday, 08 April 2013 01:43 PM
නියමයි සන්තෝසයි. ලංකාවේ විදුලියෙන් කොපමණ දෙන්න පුලුවන්ද එතකොට (දී)
සරත් Wednesday, 10 April 2013 01:47 PM
මේවා කරන්න බැරි ජරාව නිසයි. (නි)
රූපසිංහ Wednesday, 10 April 2013 12:12 AM
වැඩක් කළ හැකි අයට තැනක් නැතක් නොදෙන දේශපාලනයට තැන ගිය, නිලධාරින්ට ඕනෑවට තම බලය යොදවන්න හැකි, සුදුස්සාට තැනක් නැති රටක් නිසා දැනුමක් ඇති අයගේ මොළ පොලවට පස් වීම ගැන තමා දුක. නමුත් අපි මෙහෙම හැමදාම පාට දේශපාලනයට නොයා යුතු බව දැන් කොයි කාටත් පැහැදිලි බව නම් පැහැදිලිය. (නි)
අප්පුහාමි Tuesday, 09 April 2013 11:21 PM
නැහැ තව ගුවන් තොටුපලක් හරි වරායක් හදමු. මොකද රටේ තියන ලොකු ප්‍රශ්න ඔය වගේ ඒවනේ. (නි)
ද සිල්වා බෙර්ලින් Tuesday, 09 April 2013 05:25 PM
මේ විදුලිබලාගාරය පිහිටුවල තිබෙන්නේ පෞද්ගලික සමාගමක් මගින් මේකෙන් ලැබෙන විදුලියට මණ්ඩලය මුදල් ගෙවන්න ඕනේ , ඇයි රජයට බැරි මේ වගේ කුඩා ජල විදුලි බලාගාර නිපදවා විදුලිබල ප්‍රශ්නයට පිලියමක් දෙන්න. වැඩි වන ජනගහනයට සහ විදුලි අවශ්‍යතාවය සපුරන්න නම් අවරුදු 10 වරක්වත් වික්ටෝරියා වැනි විශාල ප්‍රමාණයේ ජලවිදුලි වියාපෘති රටට ලැබෙන්න ඕනේ. නැත්නම් වෙන්නේ විදුලි බිල වැඩි වෙන එකයි. අපි ජලය මගින් විදුලිය නිපදවන්න බලන්න ඕනේ. ඔස්ට්‍රියාව තමන්ගේ විදුලි අවශ්‍යතව සපුරා ගන්නේ සම්පුර්ණයෙන්ම ජලවිදුලියෙන්.(නදී)
වර්නන් Tuesday, 09 April 2013 02:15 PM
ලංකාවේ නිවාස වලට අවශ්‍ය විදුලිය සුර්ය ශක්තිය උපයෝගී කරගෙන ලබාගන්න පුලුවන්. ලංකාවේ සීමා ප්‍රදේශයකටම හොඳට හිරු එලිය ලැබෙනවා. දැන් ලාබ සුර්ය කෝෂ චීනයෙන් ලබාගන්න පුළුවන්. එංගලන්තයේ ගෙවල්වල වහල මත සුර්ය කෝෂ නොමිලයේ සවිකර දෙන ආයතන තිබෙනවා. ඔවුන් අවුරුදු ගානකට වහල කුලියට ගන්නවා. ලංකාවෙත් කොතරම් සාර්ථකව මෙය කරන්නට පුලුවන්ද කියා සිතා බලන්න. (නි)
සුසන්ත - ඉතාලිය Tuesday, 09 April 2013 02:07 PM
ඔය ලක්ෂ 2250 වියදම් කරලා තියෙන විදුලිබලාගාර වල අඩුපාඩු සැකසුවනම් නේද අගේ..(ස)
දනා අලහාකෝන් Tuesday, 09 April 2013 11:22 AM
ලංකාවේ කොපමණ විදුලි බලාගාර පිහිටෙව්වත් විදුලි පහසුකම් නොමැති ගම්මාන කොපමණ වත් තියෙනවා. (නදී)
එරංග Tuesday, 09 April 2013 11:02 AM
අපේ ගෙවල් වලම කරන්ට් නිපදවාගන්න බැරිද? . සෝලර් පැනල් දුන්නනම්.(නදී)
පාලිත වීරතුංග Monday, 08 April 2013 10:27 PM
ඒකත් මහජනයා පිට පටවන්නද?(නදී)
ජනක Monday, 08 April 2013 05:16 PM
කෙසේ හෝ මේ පවතින බලශක්ති අරබුදයට විසදුමක් දෙන්න (දී)