(තිළිණි ද සිල්වා)
බෝට්ටු හා නැව් තැනීමේ කර්මාන්තය සදහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමට රජය ඉදිරිපත් වන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
බෝට්ටු හා නැව් තැනීමේ කර්මාන්තයේ නිරත ආයෝජකයන්, ව්‍යාපාරිකයන් සමග පැවති සාකච්ඡාවක දි ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
මේ වන විට බෝට්ටු තටාංගන 20 ත් 25 ත් අතර සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ. එම තටාංගන වලින් 10 ක් පමණ මධ්‍ය හා විශාල පරිමාණයේ නිෂ්පාදන පහසුකම් ඇති බෝට්ටු තටාංගන වේ. සුවපහසු බෝට්ටු , සුඛෝපභෝගි යාත්‍රා තනි පුද්ගලයෙකුට පැදවිය හැකි ඔරු හබල් බෝට්ටු ධීවර යාත්‍රා සහ බෝට්ටු , නාවික හා වෙරළ සංරක්ෂණ යාත්‍රා වැනි බෝට්ටු මෙරට නිෂ්පාදනය කෙරෙන අතර මෙරට ප්‍රධාන අපයනය වෙළදපොල වන්නේ සිංගප්පුරුව, ඉන්දියාව, මාලදිවයින හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බව මෙහි දි අනාවරණය විය.
තමන් මුහුණ පා ඇති ප්‍රධාන ගැටළුවක් බවට පත්ව ඇත්තේ මේ සදහා අවශ්‍ය යටිතල පහසුකම් නොමැතිවීම බව බෝට්ටු නිෂ්පාදකයෝ මෙහිදි ඇමතිවරයාට පෙන්වා දුන්හ.
යාත්‍රා සැකසීමෙන් පසු අත්හදා බැලීමට, මුහුදට මුදා හැරීමට හැකි පිවිසුම් බට හා යාත්‍රා අලුත්වැඩියාවට අවශ්‍ය තටාංගන නොමැති වීම මෙම නිෂ්පාදකයන් මුහුණ පා තිබෙන ප්‍රධාන ගැටළු වලින් කීපයකි.
මෙම බෝට්ටු නිෂ්පාදකයන් සදහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම සදහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ මහතාට මෙහිදි උපදෙස් දුන්නේය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බෝට්ටු-නැව් තැනීමට අවශ්‍ය පහසුකම් දෙන බව ඇමැති ප්‍රසන්න කියයි
අලි බඩා -ගම්පහ Thursday, 09 January 2020 01:15 PM
"... බෝට්ටු 10ක් හදද්දී මටත් එකක් හදාපියව්.."
A.G. Saman Friday, 10 January 2020 04:40 AM
ඉතා හොඳ අදහසක්
Nuwan Saturday, 11 January 2020 11:52 AM
පෙර රජ දවස මමේ රට නැව් තනන ඉංජිනේරුවන් ලොවම ලී නැව් තනන කාලේ යකඩෙන් නැව් තනන තාක්ෂණය ග්‍රීකයින්ට ඉගැන්වීමට එහි ගිය බව සදහන් වෙනවා. ජයවේවා ! හොද දෙයක්.
සමන් Saturday, 11 January 2020 11:23 PM
හොද බෝට්ටු-නැව් හදන්න ඕනේ. පිටරටකට උනත් පැනල යන්න පුළුවන ඒවා. හොද ඉල්ලුමක් තියෙයි. හිටපු ඇමතිලාගෙන් හිටපු පොලිස් ඉහළ නිලධාරින්ගෙන්.....................
eresh S kumara Tuesday, 14 January 2020 03:16 AM
ඔක්කොම පරණ බෝට්ටු අයින් කරලා ලස්සන බෝට්ටු ටිකක් ලංකාවේ වටේටම දැම්මොත් හොද නැද්ද?