මෙරට ඉතිහාසයේ පළමු වරට වයිරස නාශක මයික්‍රෝ සහ නැනෝ අංශුවලින් සමන්විත මුඛ ආවරණයක් නිර්මාණය කිරීමට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහචාර්යවරු ඇතුළු කණ්ඩායමක් සමත්ව සිටිති.
එම මුඛ ආවරණය අද (2) වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත පිළිගැන්වීය.
මෙම නව මුඛ ආවරණය විෂබීජ නාශක පෙරණයකින් සමන්විත අතර ඊට අමතරව තවත් පෙරණ දෙකක් ද එයට ඇතුළත් ය. සේදුම්වාර 20ක් දක්වා භාවිත කළ හැකි මෙම පෙරණය කිසිදු සේදීමකින් තොරව මාසයක කාලයක් සඳහා භාවිත කළ හැකි යැයි ද පැවසේ.
වයිරස අංශු වෙන් කරවා එය කිසිදු ආකාරයකින් ශරීරගත වීමකට ඉඩ නොතබමින් වයිරසය විනාශ කිරීම මෙමඟින් සිදු වන අතර මුඛ ආවරණ නිපදවීම සඳහා භාවිතා කරන රෙදි වර්ග සඳහා ද සෞඛ්‍ය ආරක්ෂක ඇඳුම්වල කොලරය, අත් දෙකෙහි මැණික් කටුව ආශ්‍රිත ආවරණ සඳහා ද මෙම තාක්ෂණය යොදාගත හැකි බව පර්යේෂණ කණ්ඩායම පෙන්වාදෙයි.
එමෙන්ම වායු සමීකරණ යන්ත්‍ර සඳහා පෙරණයක් වශයෙන් යෙදිය හැකි මෙම වයිරස නාශකය පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම පෙන්වා දුන් කරුණු අනුව මෙම නිෂ්පාදනය දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොල සඳහා අපනයනය කිරීමේ ධාරිතාවයක් දක්වා වැඩිදියුණු කළ යුතු ක්‍රමවේද පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය ගාමිණි රාජපක්ෂ, කණ්ඩායම් සාමාජිකයන් වන වෛද්‍ය චමින්ද හේරත්, ගයාන් තිලකරත්න සහ රුවන් නානායක්කාර සහ දේශීය ඇඟළුම් සංසදයේ සභාපති හේමන්ත කුමාර යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
055
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මයික්‍රෝ සහ නැනෝ අංශුවලින් සමන්විත මුඛ ආවරණයක්
kamal Tuesday, 03 November 2020 04:46 AM
කාට නැතත් ඉහළම ගණයේ මුඛ ආවරණයක් සදාකාලිකවම පැළදවිය යුතු කෙනෙක්...
mahinda Tuesday, 03 November 2020 05:54 AM
පර්යේෂණ මහාචාර්ය තුමා ඇත්ලු කන්ඩායමේ අප්‍රහිත උත්සාහයට මුලු මහත් මානව වර්ගයේම උපහාරය පිදේ. ඒත් රටේ බහුතරයක් ජනතාව පරිභෝජනය කහ මේ භූමියේ වැවේනතුරු තහනම් කර ඒ වෙනුවට කූට ව්‍යාපාරකයයි, රටවැසියන්ටයි ඩයිවර්ග විකුණද්දී රටේ සහල් අතිරික්තයක් තිබියදී වගේම සහල් පර්යේෂණ ආචාර්‍යවරු බාස්මතී වෙනුවට කීරීසම්බා නිපදවා තිබියදී බාස්මතී සහල් පකිස්තානයෙන් ආනයනය කිරීමට කැබිනට් පත්‍රිකා හදන ඇමැට්ටකුට මෙවන් අති විශිෂ්ට පර්යේෂණයක් පුද කිරීම සුන්කයකුගේ පුටුපස මී පැණි බැදීමක් වැන්නකුයි මට සිතේ... ගරු පර්යේෂණ උතුමන්ලාට මින් යම් සිත්තැවුලක් වේ නම් සමාජ භජනය කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
kamalTuesday, 03 November 2020 08:44 AM
දේශපාලුවන්ට කඩෙ යන උගත්තු සැබෑ උගත්තුද?
sena Tuesday, 03 November 2020 11:13 AM
දැනට තියෙන එකවත් දන්නේ නැති මිනිස්සු ඔක දායිද?