(හර්ෂණ තුෂාර සිල්වා)
ආනයනික මුද්‍රණ කඩදාසිවල මිල ගණන් ඉහළ යෑමත් රුපියල අවප්‍රමාණය වීමත් නිසා පුවත්පත් කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දී ඇතැයි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඬේෂන් මහතා පැවැසීය.
ජනතාවට නිරවද්‍ය පුවත් සැපයීමේදී පුවත්පත් අන් මාධ්‍යවලට වඩා ඉදිරියෙන් සිටින බවත් එම කාර්ය ඉදිරියටත් අපහසුතාවකින් තොරව කරගෙන යෑම සඳහා බදු පිළිබඳ නැවත වරක් සැලකිලිමත් වන්නැයි ඉල්ලා සිටින බවත් කුමාර් නඬේෂන් මහතා කීය.
මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්රකාශනයට වසර 20ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව නිල වශයෙන් ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ සිනමන් ග්රෑන්ඞ් හෝටලයේ පැවැති උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මහතා ඊයේ (27) පස්වරුවේ ඒ බව සඳහන් කළේය.
උත්සව සභාව ඇමතූ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඬේෂන් මහතා මෙසේ ද කීය.
“පුවත්පත් කවුන්සිලය සහ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් කරන්නැයි මා මෙහිදි සිහිපත් කරනවා. මාධ්‍යවේදීන්ට එරෙහිව දියත් වූ පරීක්ෂණ සම්බන්ධයෙන් මා සිහිපත් කරන්න කැමැතියි. ඒ ගැන නැවත වරක් අවධානය යොමු කළ යුතුව තිබෙනවා.
ඒ වගේම මාධ්‍ය නිදහස වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා තරුණයකුව සිටියදී ආරම්භ කරන ලද සටන අඛණ්ඩව කරගෙන යන ලෙස ද ඉල්ලා සිටිනවා.
ආනයනය කරන මුද්‍රණ කඩදාසිවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. රුපියල අවප්‍රමාණය වෙමින් තිබෙනවා. මේ තත්ත්වය නිසා කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා.
මේ පනවා තිබෙන බදු පිළිබඳ නැවත සලකා බැලීමක් කරන්නැයි මා ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම සෙස් බද්ද, වැට් සහ වරාය අධිකාරිය මගින් පනවන ලද බදු පිළිබඳ නැවත සලකා බැලීමක් කරන්නැයි මා ඉල්ලා සිටිනවා. පුවත්පත් අනෙක් මාධ්‍ය වේදිකාවලට වඩා ගුණාත්මකභාවයෙන් ඉහළ පුවත් සැපයීමක් කරනවා. ජනතාවට විශ්වාසනීය ආකාරයෙන් පුවත් සපයනවා.
ඒ නිසා මේ බදු පිළිබඳ නැවත සලකා බැලුවහොත් අපට අපේ කාර්යය වඩාත් පහසුවෙන් කරන්න පුළුවන්.
ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් ද කැනේඩියානු පුවත්පත් මුද්‍රණ කඩදාසිවලට පනවා තිබූ සියලු බදු අඩු කළ බව මම මෙහිදි සිහිපත් කරනවා”.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මුද්‍රණ කඩදාසිවල මිල ඉහළ යෑමෙන් පුවත්පත් කර්මාන්තය අර්බුදයක
ananda Sunday, 30 September 2018 07:47 AM
මොකටද අර්බුදයකට යන්නේ මිල වැඩිකරන්න කොහොමත්