X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


රජයේ නිලධාරීන්ට යළිත් ඩියුටි ෆ්‍රී කාර්

රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත මිලට මෝටර් රථ ගෙන්වීමේ ක්‍රමය සංශෝධනය කිරීමට පියවර ගත් බව මුදල් අමාත්‍යංශය කියයි.

ඒ අනුව සහනදායී මිලට මෝටර් රථ ගෙන්වීමේදී උපරිම මිල ඩොලර් 30000ට (රුපියල් 43,47517) සීමා කර ඇති අතර එයට 50%ක බදු සහනයක් ලබාදී ඇත.

රාජ්‍ය නිලධාරීන්ට, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට, වෛද්‍යවරුන්ට, නීතිඥවරුනට, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ආදී පිරිසට වසර 6ක සේවා කාලයකින් පසු මේ සඳහා පහසුකම් හිමිවේ.

එසේ පහසු මිලට මෝටර් රථ ලබාගැනීම සඳහා බලපත් දෙකක් හිමිවන අතර එක් බලපත්‍රයක් ලබාගෙන වසර 10කට පසු අනෙක් බලපත්‍රය ලබාගැනීමට හැකියාව ඇත.

මේ සඳහා නිකුත් කළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියනේ ලබාගත හැකි බවද එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 



අදහස් (0)

රජයේ නිලධාරීන්ට යළිත් ඩියුටි ෆ්‍රී කාර්

දිලුම් Tuesday, 02 August 2016 05:29 AM

රුවන් සහ විරාජ් බය වෙන්න එපා ඒ ඔක්කොම ඇතුලත් කරල තියෙන්නේ.(හේ)

:       0       0

ප්‍රියන්ත Monday, 01 August 2016 08:59 AM

පිට රට ඉදල සල්ලි එවන වෙලාවට රට විරුවෝ කෙලින්ම් රටේ ආර්ථිකයට සම්බන්ද රට ඉන්න අපි ගැන මොන රජයද හිතුවේ. (ර)

:       0       0

ප්‍රියන්ත Monday, 01 August 2016 08:55 AM

පිට රට ඉදල සල්ලි එවන වෙලාවට රට විරුවෝ කෙලින්ම් රටේ ආර්ථිකයට සම්බන්ද රට ඉන්න අපි ගැන මොන රජයද හිතුවේ මුන් ඔක්කොම ලොකුවට කටකරන්නේ විදෙස විනිමය ගැන පිටරටවල දුක් විදලා සල්ලි එවන අපි නිසා උන්ට කිරි අපිට වතුරත් නෑ?........(රේ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 01 August 2016 11:20 AM

අවුරුදු 20 කට වැඩිය අරාබිකරයේ දුක්විඳපු, රට සල්ලි ලංකාවට එවපු අපිට හුළං! අඩුගානේ හොඳ යතුරුපැදියක්වත් ගෙනෙන්න සහන දෙන්නේ නැහැ. මේක මහා අසාධාරණයක්. (නි)

:       0       0

චරිත් Monday, 01 August 2016 12:24 PM

මෙමඟින් කර ඇත්තේ තිබු වරප්‍රසාදයක් කප්පාදු කිරීමයි. රාජ්‍ය සේවයේ නියුතු වෘත්තිකයන්ට මෙම සහන බලපත්‍රය සෑහෙන කාලයක සිට වසර 5ක ට වරක් ලබාදෙන ලදී. මෙම රජය කර ඇත්තේ එය වසර 10 දක්වා වැඩි කිරීමය. මෙම රාජ්‍ය සේවකයින්ට ලබාදෙන බලපත්‍රයත් මැති ඇමතිවරුන් හට ලබාදෙන බලපත්‍රයත් දෙකකි. රාජ්‍ය සේවකයින්ට ලබාදෙනුයේ තීරු බදු සහන සහිත එකක් වන අතර මැති ඇමතිවරුන් ලබාගනුයේ තීරු බදු කිසිසේත්ම නොමැති බලපත්‍රයකි. තවද එහි රාජ්‍ය සේවකයින්ගේ මෙන් ඩොලර් හෝ එන්ජින් ධාරිතා සීමා පැනවීමකුද නැත. (නි)

:       0       0

හසන්ත Monday, 01 August 2016 06:31 PM

විශ්ව විද්‍යාල වල ආචාර්ය වරුන්ගේ උපාධි තත්වයත් බලනවා නම් හොදයි. ගොඩක් ආචාර්ය වරුන්ට පළමු උපාධිය හෝ ලංකාවේම කරන පශ්චාත් උපාධිය පමණයි තියෙන්නේ. ආචාර්ය උපාධියක් නැති බොහෝ පිරිසක් වෙන ක්‍රම වලින් විශ්වවිද්‍යාල වල ලොකු තැන් වල ඉන්නවා. මොවුන්ට තවත් වර ප්‍රසාද නොදිය යුතුයි..(රේ)

:       0       0

දිලුම් Tuesday, 02 August 2016 03:31 AM

රුවන් සහ විරාජ් බය වෙන්න එපා ඒ ඔක්කොම ඇතුළත් කරල තියෙන්නේ. මැති ඇමතිට ගෙන්වන වාහන සම්පූර්ණයෙන්ම බද්දෙන් නිදහස් වන අතර විකුණා තවත් අති වශාල මුදලක් හම්බ කළ හැක. ඒ ඔවුන් ගහන කොමිස් වලට අමතරවය. රජයේ හිඟන පඩි ගන්න සේවකයාට 50% ක බද්දක් ගෙවිය යුතු අතර බලපත්‍රය විකිණිමට නොහැක. ඔබලාට සතුටුද දැන්වත්. (බ)

:       0       0

දිලුම් Tuesday, 02 August 2016 03:32 AM

දැන් කට්ටියටම හොදයි.(හේ)

:       0       0

දිලුම් Tuesday, 02 August 2016 03:32 AM

රාජ්‍ය සේවකයන්ට මේ ප්‍රතිලාභ ලැබෙන්නේ නැද්ද?(හේ)

:       0       0

මංජුල Tuesday, 02 August 2016 04:13 AM

රාජ්‍ය සේවයට අගය කිරීමක් .(හේ)

:       0       0

මංජුල රත්න ගමගේ Tuesday, 02 August 2016 04:14 AM

රාජ්‍ය සේවයට අගය කිරීමක් . සතුටුදායකයි (හේ)

:       0       0

සුපුන් Monday, 01 August 2016 07:32 AM

හැම රෙද්දම රජයේ උන්ටම දීපියව්...... පෞද්ගලික අංශයේ උන්ට පඩිත් නෑ මොන රෙද්දක්වත් නෑ...පෞද්ගලික අංශයේ උන් තමයි මැරීගෙන වැඩ කරන්නේ....(රේ)

:       0       0

ෂෙහාන් Tuesday, 02 August 2016 07:13 AM

පිටරට වැඩකරන විධායක නිලධාරින් ලංකාවට විශාල මුදලක් ගෙනෙනවා. . පිටරට වැඩ කරන බැංකු නිලධාරින්, නීතීඥයන්,වෛද්‍යවරුන් වගේ අයටත් බදු සහන බලපත් ලබාදීම වැදගත් වේවි (බ)

:       0       0

ෂෙහාන් Tuesday, 02 August 2016 07:14 AM

පිටරට වෑඩකරන විධායක නිලධාරින් ලංකාවට විශාල මුදලක් ගෙනෙනවා. . පිටරට වැඩ කරන බැංකු නිලධාරින්, නීතීඥයන්,වෙද්‍යවරුන් වගේ අයටත් බදු සහන බලපත් ලබාදීම වැදගත් වෙවි. (ම)

:       0       0

මහාදේව Wednesday, 03 August 2016 01:57 AM

රජයේ සේවකයන්ට සියලු පහසුකම් ලබාදිය යුතුයි. අැමතිලට මන්ත්‍රීලට හොඳ නම් ඊටවඩා රටට වැඩක් කරන අයට මේ පහසුකම දියයුතුයි. (නි)

:       0       0

දුමින්ද Wednesday, 03 August 2016 03:25 AM

දිලුම්ට ලොකු ප්‍රශ්නයක් වගේ. මෙහෙම හරි දෙන්න පුළුවන් වීම අගය කරන්න. (බ)

:       0       0

අමල් Wednesday, 03 August 2016 08:34 AM

පෞද්ගලික අංශයේ සේවකයෙන් මහන්සි වී වැඩකරන හින්ද තමයි රට පොඩ්ඩක් හරි දියුණු වෙලා තියෙන්නේ. (ර)

:       0       0

මිහිර Wednesday, 03 August 2016 08:34 AM

එතකොට පෞද්ගලික අංශයේ සේවකයන්ට මුකුත් නැද්ද ? (ර)

:       0       0

ගුනවර්ධන Wednesday, 03 August 2016 08:52 AM

මම වසර 20 ක් පිට රට සේවය කොට විශාල මුදලක් අප රටට ඒවා ඇත . එහෙත් අපට බලපත් නැත . රජයේ සේවකයන්ට දෙන බලපත් විකිණීමට ඉඩ නොදිය යුතුය (ම)

:       0       0

ගුණවර්ධන Wednesday, 03 August 2016 08:49 AM

මම වසර 20 ක් පිටරට සේවය කොට විශාල මුදලක් අප රටට ඒවා ඇත . එහෙත් අපට බලපත් නැත . රජයේ සේවකයන්ට දෙන බලපත් විකිණීමට ඉඩ නොදිය යුතුය (බ)

:       0       0

මොනිෂ් ගුණවර්ධන Wednesday, 03 August 2016 08:59 AM

මම අවුරුදු 20ක් තිස්සේ ලංකාවට විදෙස් රැකියා කර මුදල් යවනවා. නමුත් අපිට ඩියුටි ෆ්‍රී බලපත් ලැබුණේ නෑ රජයේ සේවකයන්ට සිය බලපත් අවුරුදු 10ක් යනතුරු විකිණීමට ඉඩ නොතැබිය යුතුයි. මම දැකලා තියෙනවා පත්තරෙත් දැන්වීම් දානවා ඒවා විකුණන්න (බ)

:       0       0

ගුණවර්ධන Wednesday, 03 August 2016 08:59 AM

මම වසර 20 ක් පිට රට සේවය කොට විශාල මුදලක් අප රටට ඒවා ඇත . එහෙත් අපට බලපත් නැත . රජයේ සේවකයන්ට දෙන බලපත් විකිණීමට ඉඩ නොදිය යුතුය (බ)

:       0       0

යොහාන් Sunday, 31 July 2016 11:32 PM

මම නම් මේ තීරණයට විරුද්ධ නැහැ (නි)

:       0       0

කින් බෙනට් Sunday, 31 July 2016 03:52 PM

රජයේ සේවකයෝ කියන්නේ පින් පඩි කාරයෝ . (අ)

:       0       0

නිහාල් Sunday, 31 July 2016 05:46 PM

ඔබට සතුටුයිද දැන්? (නි)

:       0       0

තෙන්නකෝන් Sunday, 31 July 2016 05:41 PM

යහපාලනය භංග වේවා! (නි)

:       0       0

ගුණසිරි Sunday, 31 July 2016 07:22 PM

රටේම හදන වාහන වර්ගත් තියෙද්දී පිටරටින්ම ගෙන්වන වහල් චින්තනයකට මිනිස්සු තල්ලු කරන්නේ ඇයි? රජයේ සේවකයන්ට රටේ හදන දේ ගනිව් කියා රජයට කියන්න බැරිද? (නි)

:       0       0

නිහාල් Sunday, 31 July 2016 09:39 PM

ඉතා හොඳ යෝජනාවක් ලෙස දකිමි (නි)

:       0       0

නිශාන්ත ජේ.කේ Sunday, 31 July 2016 09:35 PM

විදේශගත අපිටත් ඔවැනි යෝජනාවක් ඉදිපත් වෙන්නේ කවදාද? අපි රටේ ආර්ථිකයට සෘජුවම දායකවන පිරිස් නේද? පාලකයිනි, ඇයි අපිට වටිනාකමක් නොදෙන්නේ? (නි)

:       0       0

අබය Sunday, 31 July 2016 11:32 PM

යහපාලනයට ජයවේවා! (නි)

:       0       0

ලෙස්ලි Sunday, 31 July 2016 11:27 PM

රජයේ නිලධාරීන් කියන්නේ රටට වැඩක් කරන මිනිස්සු (නි)

:       0       0

ටෙනිසන් Sunday, 31 July 2016 11:27 PM

මැති ඇමතිවරුන්ට දෙන එකේ ඒ මිනිස්සුන්ට දුන්නට වරදක් නැහැ (නි)

:       0       0

කිත්සිරි Sunday, 31 July 2016 11:32 PM

සාධාරණ තීරණයක් (නි)

:       0       0

ලලිත් Sunday, 31 July 2016 01:21 PM

කෙලින්ම කියනවනම් රටේ ව්‍යාපාරික සමාගම් සහ ජනතාව රටට විදේශ මුසල් උපයනවා. සතයක්වත් රටේ ජාතික අදායමට එකතු නොකරන මැති ඇමතිවරු සහ නිලධාරීන් එම මුදල බෙදාගන්නවා. මදි උනාම අයෙත් ජනතාවගෙන්, ව්‍යාපාරිකයින්ගෙන්, බදු වැඩිපුර අරන් අඩුව පියවනවා. (ර)

:       0       0

චමින්ද Sunday, 31 July 2016 11:32 PM

බෙනට්, කුහකකම දියත් කරන්න එපා. රජයේ සේවකයන්ට එක දවසක් වැඩ නොකර ඉන්න කියන්න බලන්න, පින් පඩියේ රඟේ බලන්න. (නි)

:       0       0

රුවන් Monday, 01 August 2016 02:06 AM

මෙම පර්මිට් වාහන අවුරුදු 5ක් යනතුරු විකිණීමත් තහනම් කළොත් හොඳයි (නි)

:       0       0

ජනක් Monday, 01 August 2016 02:16 AM

ඩියුටි ෆ්‍රී නම් 50% ක් අයකරන එකත් වැරදියි නේද? (නි)

:       0       0

විරාජ් Monday, 01 August 2016 02:27 AM

මේ වාහන විකිණීමත් තහනම් කරන්න (නි)

:       0       0

රොමේෂා Monday, 01 August 2016 04:25 AM

විදේශගත අපිටත් ඔවැනි යෝජනාවක් ඉදිරිපත් වෙන්නේ කවදාද? (නි)

:       0       0

රොමේෂා Monday, 01 August 2016 04:33 AM

ඔව්...විදේශගත අපිටත් ඔවැනි යෝජනාවක් ඉදිපත් වෙන්නේ කවදාද? (බ)

:       0       0

නිර්මාන් Monday, 01 August 2016 05:30 AM

මෙය හිතාගන්නවත් බැහැ බොහොම ස්තුතියි. (ර)

:       0       0

රුවන් Monday, 01 August 2016 05:25 AM

කාලෙකට පස්සේ හොද තීරනයක්. (ර)

:       0       0

තරංග Monday, 01 August 2016 05:33 AM

කාලෙකට පස්සේ ගත්ත හොද තීරනයක් ඒ වගේම රඡයේ නිලධාරීන්ට තමන්ගේ හිමි තැන කියාදීමත් ඉතාම හොදයි ඒත් කොචිචර කාලෙකටද දන්නෑ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site