X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


රටවල් 48ක සංචාරකයන්ට ගාස්තු රහිත වීසා සමඟ ලංකාවට ඒමට අවසර

(මුදිතා දයානන්ද)
 
සංචාරකයන් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිව රටවල් 48 ක සංචාරකයන්ට වීසා ගාස්තු රහිතව මෙරටට පැමිණීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බව සංචාරක, වනජීවි හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (28) පැවසීය.
                
ඔහු මේ බව පැවසුයේ කොල්ලූපිටිය, හෝටල් පාසලේදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
                
සංචාරකයින්ට වීසා ගාස්තු නිදහස් කළද වීසා අයදුම්පත් ඉදිරිපත් කිරීම අහෝසි කර නැති බවද ඒ ක‍්‍රමවේදය එලෙසින්ම සිදුවන බවද අමාත්‍යවරයා පැවසීය. 
                
මෙලෙස වීසා ගාස්තු රහිතව පැමිණිමට අවසර ලැබී ඇති රටවල් වන්නේ ඔස්ටි‍්‍රයාව,  ඕස්ටේ‍්‍රලියාව, බෙල්ජියම, බල්ගේරියාව, කැනඩාව, කාම්බෝජය, චීනය, ක්‍රෝඒෂියාව, සයිප‍්‍රසය, ඩෙන්මාර්කය, එස්තෝනියා, ෆින්ලන්තය, ප‍්‍රංශය, ජර්මනිය, ගී‍්‍රිසිය, හංගේරියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, අයිස්ලන්තය, අයර්ලන්තය, ඉතාලිය, ජපානය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මැලේසියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, පිලිපීනය, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, රුසියාව, සිංගප්පුරුව, දකුණු කොරියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, තායිලන්තය, යුක්රේනය, චෙක් ජනරජය, මෝල්ටාව, එක්සත් රාජධානිය හා ඇමෙරිකා එක්සත් ජනපදය වේ. 

පාස්කු ඉරිදා ප‍්‍රහාරය හේතුවෙන් මැයි හා ජුනි මාස දෙක තුළ සංචාරකයින්ගේ පැමිණීම 37,000ක් දක්වා විශාල අඩුවක් සිදුවුද ඉතාමත් කෙටි කාලයක් තුළ රටේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසය ගොඩනගා සංචාරකයින් ගෙන්වා ගැනීමට හැකිවූ බවද අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.
                
අද වන විට සංචාරකයින් 112,167ක් පැමිණ සිටින බවද තව 20,000ක් බෝරා සමුළුවත් සමග පැමිණීමට නියමිතව තිබෙන මේ වසර අවසන් වන විට ලක්ෂ 21ක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද බවද අමාත්‍යවරයා පැවසීය. මේ තත්ත්වය ඇති කරගැනීමට හැකිවුයේ මෙරට පොලිසිය, හමුදාව ඇතුලූ ආරක්ෂක අංශ විසින් ත‍්‍රස්තවාදි කණ්ඩායම් අත්අඩංගුවට ගනිමින් මෙහෙයුම් කර රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදේශිකයන් තුළ විශ්වාසය ගොඩනැගීමට සමත් වූ නිසා බවද ඔහු පැවසීය.
                



අදහස් (6)

රටවල් 48ක සංචාරකයන්ට ගාස්තු රහිත වීසා සමඟ ලංකාවට ඒමට අවසර

sarindra Wednesday, 28 August 2019 02:45 PM

බෝරා සමුළුවේ ඉන්නේ ත්‍රස්තයින්නේ...

:       12       30

chandima Wednesday, 28 August 2019 03:51 PM

අනික් රටවල්වලින් එන සංචාරකයන් වියදම් කරන සල්ලි..., සල්ලි නොවෙයිද?

:       1       23

imesh Wednesday, 28 August 2019 05:06 PM

ඉන්දියාව? හෆොයි, ඉන්දුනීසියාවෙන් එන අය ගැන ඇහැගහන් ඉන්න වෙයි. එන්න දුන්නට කමක් නැහැ හැබැයි අාපහු යනවද කියලා හොයලා බලන්නත් නීතියක් ගේන්න. ඔයාලා වැඩ පටන් ගන්නවා විතරයිනේ. ඊට පස්සේ මෙතන අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කනවා කියන්න වෙන්නේ... අප්‍රේල් ප්‍රහාරයෙන් පස්සේ කීදෙනෙක් ඇල්ලුවද වීසා නැතුව ඉඳලා... ඕවා දිගටම කරන්න ඕනේ මේවගේ ඕනේ රටකින් එන්න දෙනවා නම් මිනිස්සුන්ට...

:       16       110

de silva berlin Thursday, 29 August 2019 03:00 AM

පහුවෙලා හරි සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ගත්ත හොඳ පියවරක්..., කලාපයේ අනික් රටවල් වන තායිලන්තය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව මෙම ක්‍රමය අනුගමනය කරනවා. "මාළු අල්ලන්න ඕනේනම් ඇමක් ගහන්න ඕනේ " බටහිර යුරෝපයෙන් එන එන සංචාරකයන් යහමින් වියදම් කරනවා.

:       2       20

lakmal Saturday, 31 August 2019 10:39 PM

රජය මේවන තෙක් රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොමැත. එම නිසා මෙය සංචාරකයන් රැවටීමකි.

:       11       101

Nandalal DE SILVA - France Tuesday, 03 September 2019 09:40 PM

මා මෙහි සිට 2016 වසරේ ඉන්ටර්නෙට් හරහා තිස් දිනකට වලංගු වීසා ඉල්ලුම්පතක් යවා, එවකට ක්‍රියාත්මකව තිබූ ශ්‍රී ලංකන් එයාලයින්ස් "නන් ස්ටොප්" ගමනකින් කොළඹට ගොඩබැස්සේ ඉතාම ඉක්මණට මගේ පවුලේ අය සමග ගුවන් තොටුපළේ සිට ගල්කිස්සට යාම සඳහායි. ඉන්ටර්නෙට් හරහා වීසා ඉල්ලුම් කළත් එයා ලබාගැනීම සඳහා (අපේ රටට හුරු පුරුදු) ආගමන විගමන "පෝලිමේ" සිටීමට මටත් සිදුවිය. මගේ පාස්පෝර්ට් එක පරිගණකයට එබූ නිලධාරියා මගේ නමින් එහි වීසා ඉල්ලුමක් නැතිබව පැවසුවා..! මා ප්‍රංශයේ සිට ඉල්ලුම් කළ ඉල්ලුම්පතේ පිටපතක් දුන්විට ඔහුගේ බොස්ගේ කාර්යාලයට ගොස් වීසා එක ලබාගන්නා ලෙස "අණ කරා." එහි ගොස් විස්තරය ඔහුට පැවසුවිට මගේ නමේ අන්තිම "A" අකුර පළමු නිලධාරියාගේ පරිගණකයේ නොතිබූ නිසා මේ හුටපටය ඇතිවූ බව ඔහු කිව්වා..! අන්තිමේදී විනාඩි 40ක රස්තියාදුවකින් පසුව ඩොලර් 75ක් ගෙවා වීසා එක ලබාගෙන ගුවන් තොටුපොලෙන් පිටවුණෙමි. අපට මෙවැනි ඇබැද්දි පුරුදු නමුත්, ජීවිතයේ එක්වරකට පමණක් හෝ අපේ රටට එන විදේශීය සංචාරකයින්ට නම් මේවා තිත්ත අත්දැකීම් වෙනවා නොඅනුමානයි..!!!

:       0       41

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site