X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


රුපියල සියයට 4.5 කින් වර්ධනය වෙයි

හර්ෂණ තුෂාර සිල්වා
 
මේ වසරේ මේ දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 4.5 % කින් වර්ධනය වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 
 
ශ්‍රී ලංකා රුපියල දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද (2) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.66ක් ලෙසත් රුපියල් ගැනුම් මිල 172.82ක් ලෙසත් සටහන්ව තිබිණි. 
 
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල 176ක් දක්වා අඩු වූයේ මාස හතරකට පසුවය. දිගින් දිගටම අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල ඉතිහාස ගත ලෙස ඉහළ ගියේය. 
 
පසුගිය දෙසැම්බර් මාසයේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල රුපියල් 180 ද ඉක්මවා ගියේය. 
 
ජාත්‍යන්තර සහ දේශීය සාධක හේතුවෙන් පසුගිය වසරේදී දිගින් දිගටම අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල මේ වනවිට වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට මාර්තු 29 දක්වා කාලයේ දී ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 3.8 % කින් වර්ධනය වී ඇත.
 
එම දත්තවලට අනුව ඉහත සඳහන් කාලයේදී ශ්‍රී ලංකා රුපියල ස්ටාර්ලිං පවුමකට සාපේක්ෂව 0.7% කින්, ජපානයේ යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 4.1% කින් සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව 2.6% කින් වර්ධනය වී ඇත. 
 
 



අදහස් (4)

රුපියල සියයට 4.5 කින් වර්ධනය වෙයි

Nissanka Tuesday, 02 April 2019 08:32 AM

රටක දේශපාලන ස්ථාවර භාවය ආර්ථික වර්ධනය හා බැඳී පවතිනවා. රටට ආයෝජන ගලා ඒමට නම් දේශපාලන ස්ථාවර භාවය ඉතා වැදගත් සාධකයක්. පසු ගිය වසර හතර පුරාවටම නව රජය ජනතාව ලබාදුන් ජන වරම තහවුරු කරගෙන රට දේශපාලනිකව ස්ථාවර කර ගැනීමට උනන්දු උනේ නැහැ. ඒ වෙනුවට විපක්ෂයට රට අස්ථාවර කිරීමට ඉඩදී බලා සිටියා. මේ දුර්වල ආර්ථික වර්ධන වේගයට හේතුව ඒක. දවසින් දවස විනිමය අනුපාතිකය බිඳ වැටුනේ ඒ නිසා. නමුත් අධිකරණය මැදිහත් වී රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කළ පසු ආර්ථිකය තරමක් යහපත් වර්ධනයක් කරා ගමන් කරන බව පෙනෙන්න තිබෙනවා

:       44       98

samWednesday, 03 April 2019 03:39 AM

ඔයා මේ විකාර කියවනවා. ගිය මාසේ ආණ්ඩුවේ කට්ටියක් ඇමෙරිකාවේ ඇවිත් බිලියන ගානක ආධාර ණය අරන් ගියා. එකයි මේ රුපියල ඉහල ගියේ. ලංකාවේ මිනිස්සුත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ අය ඉන්නේ

:       107       73

Rohana Tuesday, 02 April 2019 11:10 AM

මන්ත්‍රී බන්දුල ගුණවර්දනයන්ගේ විශ්ලේෂණය කුමක්ද?

:       0       22

Buddhika P Thursday, 04 April 2019 06:03 AM

මේ විනිමය අනුපාත ස්ථාවර වීමක් නොවේ. දඹුල්ලේ වැහි කාලේ එළවලු මිලට වෙනදේ වෙලා තියෙන්නේ. ඒ ගැන තාම රජය දීර්ඝ එක පියවරක් වත් අරගෙන නෑ. ළඟ එන ඡන්දෙට ලෑස්ති වෙන ඝෝෂාවක් විතරයි ඇහෙන්නේ. එක්සත් ජනපද ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව 6 වෙනි තැන හිටියට, දකුණු ආසියා කලාපේ ඉන්දියාවයි, බංගලිදේශ ජීඩීචී වර්ධනය අතින් කරට කර ඉන්නේ. ආයෝජකයෝ අපි ගැන කතා වෙනවා අඩුයි. ඒ නිසා අපි තව තවත් දුප්පත් වීමේ අවධානමක ඉන්නේ. විදේශ ආයෝජන කොහොම උනත්, අමෙරිකාවෙන්, ජපානෙන්, චීනෙන්, ඉන්දියාවෙන් I ණය නං ගලාගෙන එනවා. ජාත්‍යන්තර ප්‍රාග්ධන ගලා යාමේ දිසාවට ලංකාව මායිකමකවත් නෑ. මේ පිලිබඳ කිසිම දත්ත මත පදනම් වූ එක ආර්ථික විග්‍රහයක් වත් වෙලා නෑ. සේරම ආර්ථික විද්‍යාඥයෝ ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නෙ. අඩු ගානේ පසුගිය මාස 4 ඇතුලේ රටට ඩොලර් ආවේ කොහොමද කියල මහා බැංකු විග්‍රහයක් වත් නෑ. සේවා වියුක්තියයි, උද්ධමනයයි එකතු කරලා හදන දර්ශකය. කලක් ධනවත් රටවල් වූ ආජන්ටිනාව, තුරිකිය වගේම තෙල් වලින් පොහොසත් වෙනිසුවෙලාවත් දැන් ඉන්නේ ඒ ගොඩේ. අපි අලියයි අන්ධයෝ ටිකයි වගේ, ඒ ළඟ ඉන්නේ.

:       24       2

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site