X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ කෘෂි අපනයනවලට ඉරාකයෙන් වැඩි ඉඩක්

(තිළිණි ද සිල්වා)

 
ශ්‍රී ලංකාවේ  කෘෂිකාර්මික අපනයන සඳහා වැඩි ඉඩක් ලබාදීමට කුර්දිස්ථානය (ඉරාකය) එකඟතාවය පළ කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
 
අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා සහ කුර්දිස්ථාන කාර්මික හා වාණිජ මණ්ඩල නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවක දී මෙම එකගතාවය පළ වූ බවද එම අමාත්‍යාංශය කියයි.
 
කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ දී පැවැති එම සාකච්ඡාවට කුර්දිස්ථාන කාර්මික හා වාණිජ මණ්ඩලයේ සභාපති ධාරා ජාලිල් ඛාලීල් මහතා ඇතුළු නියෝජිතයෝ 16 දෙනෙක් එක් ව සිටියහ.

ඉරාක ශ්‍රී ලංකා කොන්සාල්ජෙනරාල්වරයා සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මෙම හමුව  සංවිධානය කර තිබිණි.
 
මෙම නියෝජිතයන් ඇමති ප්‍රසන්න රණතුංග මහතාට පෙන්වා දුන්නේ කුර්දිස්ථානයට පුහුණු ගුරුවරුන්ගේ හිඟයක් පවතින බවයි.  ආර්ථික සහයෝගිතාවයක් ලෙස පුහුණු ගුරුවරුන්ට කුර්දිස්ථාන ප්‍රාන්තයේ රැකියා අවස්ථා ලබා දීමේ හැකියාව ද මෙහි දී අවධාරණය කෙරිණි.
 
කෘෂිකාර්මික අපනයන සඳහා කුර්දිස්ථානයෙන් වැඩි අවස්ථාවක් ලබා දිය හැකි බව පෙන්වා දුන් කුර්දිස්ථාන නියෝජිතයෝ මෙරට තේ හා කුරුදු සඳහා ඉහළ ඉල්ලුමක් තිබෙන බව ද කීහ.



අදහස් (7)

ලංකාවේ කෘෂි අපනයනවලට ඉරාකයෙන් වැඩි ඉඩක්

Pradeep Monday, 03 February 2020 12:55 PM

ගුරුවරුන් සඳහා පමණක් නොව හෙද වෘත්තිකයන් සඳහාද ලෝක වෙළද පලේ ඉහළ ඉල්ලුමක් ඇත. මෙයින් බොහෝ ප්‍රමාණයක් සපුරන්නේ ඉන්දියාව විසිනි. අපි තවමත් ගෘහ සේවිකාවන් පමණක් රට පටවමින් සිටිමු. අපේ බලධරයින්ගේ ඇස් ඇරෙන විට බොහෝ විට අප ප්‍රමාද වී තිබීමට පුළුවනි..

:       0       73

upaliTuesday, 04 February 2020 05:17 AM

ඉන්දියාව තම අතටම ආපු අය අත්හැරියේ නැත. ඔබ කීවගේ අපි තවම ගෘහ සේවිකාවන් අපනයන කරමින් සිටී.

:       0       3

chandimaTuesday, 04 February 2020 05:32 PM

හෙද හෙදියන් ඒ රටවලට යැවීමට නම් ඔවුන්ගේ සහතික සහ අධ්‍යාපනය ඒ රටවල ඉල්ලුමට සරිලන ලෙස පැවතිය යුතුයි. බොහොමයක් රටවල හෙද හෙදියන් සඳහා උපාධි මට්ටමේ සහතිකයක් තිබීම අවශ්‍යයි. නමුත් අපේ හෙද හෙදියන්ට උපාධියක් පිරිනැමීමට ගිය සෑම විටකම වෙනත් පාර්ශව විරුද්ධ වීම නිසා අවසානයේ එය කල් යාමෙන් අපේ හෙදියන්ට නිසි අවස්ථා නැති උනා. එක්තරා කාලයක හෙද හෙදියන්ට කෙලින්ම ඇමෙරිකාව වැනි රටවල ස්ථිර පදිංචිය ලබාගත හැකිව තිබුනා. ඉන්දියානුවන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඇමෙරිකාවටත් සංක්‍රමණය උනා. දැනුත් ජර්මානු භාෂාව හදාරා ඇති හෙද හෙදියන්ට එරට අවස්ථා තිබෙනවා, නමුත් මේ ගැන පුවත්පතකින් දැනුම් දුන්නොත් මිස විදේශ රැකියා ප්‍රවර්ධන ආයතනයකින් සොයා බලන්නේ නැහැ. අනෙක එම රැකියාවලට යැවීමට අපේ රටේ නිසි දීර්ඝ කාලින අධ්‍යාපන වැඩපිළිවෙලක් ඇත්තේ නැහැ. වෙනකක් තබා අප රටේ ප්‍රධානම අදායමක් වන සංචාරක කර්මාන්තයට අවශ්‍ය පරිදි විදේශ භාෂා පුහුණු කිරීමක්වත් විධිමත්ව නැහැ. සංචාරකයින් යන්නේ එහෙන් මෙහෙන් භාෂාව අමුනා ගත් ගයිඩ්ලා සමගයි. වෙන රටවල නම් " HERITAGE INTERPRETATION " යනුවෙන් ප්‍රශ්චාත් උපාධි පවා තිබෙනවා.

:       0       1

ArisSunday, 09 February 2020 10:48 AM

2009 යුද්දේ ඉවර වුනාට පස්සේ ලිබියාවටත් හෙදියන් ඇරියා වගේ මතකයි. ඒ ගිය හෙදියන්ට මොනවා උනාද දන්නේ නැහැ, ඊට පස්සේ එහෙ යුද්දේ පටන් ගත්තා.

:       0       0

palitha Tuesday, 04 February 2020 11:50 AM

MCC එක අත්සන් කළොත් ඉරානේ අපේ බඩුගන්න එක තියා, අපිට ඉරානෙන් ලැබෙන තෙල් ටිකවත් ලැබෙන්නේ නැහැ... ගොයියෝ. ඕන් දැන් කිව්වා කියලා ලියලා තියාගන්න. ඉරානේ හැමවෙලේම අපිට උදව් කරේ හදවතින් මුස්ලිම් රටක් වුණත්, තෙල් දුන්නෙත්, අපේ තේ ගත්තෙත්... ඇමරිකාව කවදාවත් අපිට එහෙම කරන්නේ නැහැ. උන්ට වාසියක් නැත්තන්...

:       1       0

lalithmWednesday, 05 February 2020 03:43 AM

පාර වැරදිලා ඉරානය නොවෙයි. ඉරාකය ගැන මේ කියන්නේ. මොකක් කිව්වත් අපේ අපනයන ආදායමෙන් 35% විතරම තවම එන්නේ ඇමරිකාවෙන් නේද? අපි කටමැත කිව්වට පලක් නැහැ.

:       0       6

chandima Tuesday, 04 February 2020 05:21 PM

බඩු මුට්ටු නම් ඕන තරම් යැව්වට කමක් නැහැ. නමුත් ගුරුවරු යවලා ඒ අය සහරාන්ලා වෙලා අපහු අවොත් විනාශයි. ඒක නිසා ගුරුවරු යවන වැඩේ අල්ලලා දාන්න.

:       7       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site