ලංකා අශෝක් ලේලන්ඩ් පී.එල්.සී. (LAL) සමාගම විසින් ලංකාවේ එකලස් කරන හෙවි-ඩියුටි ට්‍රක් රථ, ටිපර් රථ සහ සැහැල්ලු වාණිජ වාහන සඳහා නිෂ්පාදකයා විසින් සපයන උපාංග (OEM) නිෂ්පාදකයා ලෙස සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම පත්කරනු ලැබ තිබේ.
මෙම ඔරිජිනල් ටයර් සැපැයුම් ගිවිසුමට අනුව ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට අයත් හෝමාගම පනාගොඩ පිහිටි වාහන එකලස් කිරීමේ අති නවීන කර්මාන්තශාලාවේ වාර්ෂිකව එකලස් කරන අශෝක් ලේලන්ඩ් වාහන 1,800ක් සඳහා ප්‍රමාණ නවයක සියැට් ටයර් සවිකරනු ඇත. මෙම වාහන අතුරින් 1,000ක් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ශ්‍රී ලාංකිකයන්ගේ පළමු තේරීම බවට පත්වී තිබෙන හෙවි-ඩියුටි ට්‍රක් රථ බව සමාගම සඳහන් කරයි.
මෙම ගිවිසුම පිළිබඳව සියැට් කැලණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රවී ඩඩ්ලානි මහතා මෙසේ අදහස් දැක්වීය.
“ශ්‍රී ලංකාව විදේශීය විනිමය ඉතිරි කරගැනීමේ ජාතික වැඩපිළිවෙළක සිටින මේ අවස්ථාවේදී ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ ඔරිජිනල් ටයර් සපයන්නා ලෙස සියැට් තෝරා පත්කර ගැනීම ඉතාමත් කාලීන දෙයක්. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ දේශීය එකලස් කිරීමේ මෙහෙයුම් කටයුතු සඳහා සහයෝගය ලබාදීමට හැකි වීම පිළිබඳව සියැට් අතිශයින්ම සතුටු වෙනවා. මෙමගින් ලංකා අශෝක් ලේලන්ඩ් විසින් සියැට් වෙත තබා තිබෙන විශ්වාසය පිළිඹිබු වෙනවා. එය දේශීය තත්ත්වයට ගැළපෙන පරිදි නිෂ්පාදනය කරන සියැට් ටයර් සතුව පවතින කල්පැවැත්ම, විශ්වසනීයත්වය සහ වටිනාකම සඳහා ලැබුණු හොඳ සහතිකයක්.”
2021 නොවැම්බර් මාසයේදී මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා ඉන්දියානු සමාගම විසින් අයිඩියල් මෝටර්ස් සමාගම සමග ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ එකලස් කරන Bolero City Pick-Up වාහනවලට ඔරිජිනල් ටයර් සපයන්නා ලෙස ද සියැට් කැලණි සමාගම පත්කර ගන්නා ලදී.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලංකා අශෝක් ලේලන්ඩ් වාණිජ වාහනවලට ඔරිජිනල් ටයර් සියැට් වෙතින්