X Advertisement
IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ලිසිං සහන පැකේජය තව මාස 6 දීර්ඝ කරයි

( තිළිණි ද සිල්වා )‍‍‍

කොවිඩ්  වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍ර යේ නියුත වූවන් සදහා ලබා දි තිබු ණය හා ලීසිං සහන පැකේජය තවත් මාස 06 කින් දීර්ඝ කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඔවුන් සදහා වන ලීසිං පහසුකම් දීර්ඝ කිරීමේ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති අතර ණය සහන ලබාදීමේ චක්‍ර ලේඛය ඉදිරි සති කීපය  තුළ නිකුත් කිරිමට මහ බැංකුව එකගත්වය පළ කළ බව අමාත්‍යවරයා පැවසීය.

සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන් මුහුණ දෙන මූල්‍යමය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවකදී මහ බැංකුව මේ සදහා එකගත්වය පළ කර ඇත.

මෙහිදී සංචාරක අමාත්‍යවරයා කියා සිටය් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන් පාස්කු ප්‍රහාරය මෙන්ම කොවිඩ් වසංගතයෙන් ද බැට කෑ බවය.එවැනි ගැටළුකාරී තත්ත්වයක දී ඔවුන් මුහුණදෙන ප්‍රශ්න සදහා පැලැස්තර යොදනවාට වඩා ඕනෑම ආපදා අවස්ථාවක එම කර්මාන්තයේ නියුතු වූවන් රැක ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු යැයිද අමාත්‍යවරයා කීවේය.

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වුවන් මෙහි දි කියා සිටියේ මෙම ක්ෂේත්‍රයේ යදී සිටින පිරිස් මේවන විට රුපියල් බිලියන 350 ක ණය සහ රුපියල් බිලියන 105 ක පොළී ගෙවිය යුතු ව ඇති බවයි. එම ණය හා පොළී ගෙවා ගත නොහැකිව සංචාරක හෝටල් හිමියන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බව ද මෙහි දී අනාවරණය කෙරිණි.

මෙම ණය හා පොළී මුදල් ගෙවීම සදහා කිසියම් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මහ බැංකු අධිපතිවරයා ඇතුළු නියෝජිතයින් එකගත්වය පළ කළ අතර දැනට ලබා දී ඇති ණය සහනය මාස 06 ක කාලයක් දක්වා දීර්ඝ කිරීමට දැනටමත් කටයුතු යොදා ඇති බව සදහන් කළේය.

රජය මගින් ලබා දෙන ලීසිං සහන ඇතැම් මූල්‍ය සමාගම් ලබානොදෙන බවට පැමිණිලි ලැබි ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කීවේය. එවැනි පැමිණිලි ඇත්නම් මහ බැංකුවට ඒවා යොමු කරන ලෙසත්, ඒ පිළිබද ව සොයා බැලීමට මහ බැංකුව කටයුතු කරන බවත් මහ බැංකු අධිපතිවරයා සදහන් කළේය.

මෙම සාකච්ඡාවට මහ බැංකුවේ හා සංචාරක අමාත්‍යාංහයේ ඉහළ නිළධාරින් මෙන්ම සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු සංචාරක සංවිධාන නියෝජිතයන් ද එක්ව සිටියහ.

 



අදහස් (0)

ලිසිං සහන පැකේජය තව මාස 6 දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site