(චමින්ද මුණසිංහ)
වාර්ෂිකව 17 වැනි වරටත් පසුගියදා පැවැති විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන’ 2020 උළෙලෙහිදී ප්‍රථම ස්ථානය දිනාගැනීමට CBL සමූහය සමත්වීය. ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී තිරසාරතාව හා විශිෂ්ට ආයතනික පුරවැසිභාවය වෙනුවෙන් පෞද්ගලික අංශයෙහි ව්‍යාපාරික ආයතන වෙත පිදෙන ඉහළම සම්මානය වන්නේ මෙයයි.
CBL ආයතනය විසින් එහි සැපයුම් දාමයට සහ ඉන් ඔබ්බට යමින් එකතු කරන ලද අර්ථවත් වටිනාකම් සහ තිරසාරත්ව ව්‍යාපාර භාවිතාවන් වෙනුවෙන් සිදු කරන ලද දායකත්වය මෙම සම්මානය මඟින් ඇගයීමට ලක් කරන ලදී. අඛණ්ඩව වසර 14ක් පුරාවට විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට තේරී පත්වුණු CBL ආයතනය මෙවර එහි ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වීමෙන් පෙනී යන්නේ CBL සමූහයේ තිරසාරත්ව ගමන් මඟෙහි සාර්ථකත්වය බව එම සමාගම සඳහන් කරයි.
“අපේ නිෂ්පාදන හරහා ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත වලට අර්ථවත් වටිනාකම් එකතු කිරීමට අපි හැමවිටම උත්සහ ගන්නවා. එය අපිට තනිව යාහැකි ගමනක් නොවේ. අපගේ ඉලක්ක වෙත ළඟාවීම සඳහා සහයෝගය ලබා දෙන අපට ශක්තියක් වන සැපයුම්දාම පාර්ශවකරුවන් වගේම අපත් සමග දියුණුව වෙත යන අපගේ ව්‍යාපාරික හවුල්කරුවන් හා පාරිභෝගිකයින් කියන්නේ අපේ ව්‍යාපාරය සමග බැඳුණු වටිනා කොටසක්. විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරතා සම්මාන උළෙලෙහි ප්‍රථම ස්ථානය දිනාගැනීමට ලැබීම ගැන අපි ඉතාමත් ආඩම්බරයට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වන්නට අපට සහයෝගය ලබාදෙන අපගේ ආදරණීය පාරිභෝගික ජනතාව වෙතද අපේ හදපිරි ස්තුතිය හිමි වෙනවා.” යනුවෙන් CBL සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂිකා ශ්‍යාමලී වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.
CBL සමූහය තම නිෂ්පාදන සඳහා අවශ්‍ය ධාන්‍ය වර්ග, පලතුරු වර්ග, එළවළු වර්ග සහ කුළුබඩු යනාදී කෘෂි අමුද්‍රව්‍ය ලබාගැනීම සඳහා 13,000 කට අධික සම්ප්‍රදායික සහ කාබනික ගොවි ජාලයක් හා එක්ව කටයුතු කරයි. එමෙන්ම එම ගොවි ජනතාවට වඩාත් ස්ථාවර සහ සුරක්ෂිත ජීවනෝපායක් ළඟා කරගැනීම සඳහා ද CBL සමූහය සුවිශේෂී දායකත්වයක් ලබාදේ. 2019/20 මුල්‍ය වර්ෂය තුලදී පමණක් CBL සමූහය රුපියල් බිලියන 6කට වැඩි වටිනාකමින් යුතු කෘෂි නිෂ්පාදන දේශීය ගොවීන්ගෙන් මිලදී ගෙන තිබේ. ඊට අමතරව රුපියල් බිලියන 2.5ක මුදලක් ආයෝජනය කරමින් CBL සමූහය, කෘෂිකර්ම ක්ෂේත්‍රයෙහි යාන්ත්‍රිකකරණ, ස්වයංක්‍රීයකරණ හා තරගකාරීත්වය ඉහළ නැංවීම වෙනුවෙන් දායක වී ඇති අතර, ගොවීන්ට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් හා යහපැවැත්මක් ඇතිකිරීම වෙනුවෙන් ‘ගොවි පවුල’ වැඩසටහන හරහා දායකත්වය ලබා දෙයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විශිෂ්ටතම ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී CBL පෙරමුණ ගනී