X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


වෙළෙඳපොළ ඉලක්ක කරගත් කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය දියත් කෙරේ

හර්ෂණ තුෂාර සිල්වා
 
‘වෙළෙඳපොළ ඉලක්ක කරගත් කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය’ කොළඹ මුවන්පික් හෝටලයේදී   අද (17) දියත් කෙරුණි.මෙම ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ මූල්‍ය ආධාර සපයන අතර ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය සහ ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශය පහසුකම් සපයයි. 

 
ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ‘ඉන්ටර්නැෂනල් එක්සෙකටිව් සර්විස් කෝප්ස් ආයතනය’ විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.
 
වසර 2022 මාර්තු මාසයේදී මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත අතර ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 14.1ක් (ආසන්න වශයෙන් රුපියල් බිලියන 2ක්) මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබේ.
 
මෙම ව්‍යාපෘතිය මගින් කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සියයට 18ක වාර්ෂික වර්ධනයක් අපේක්ෂා කරන අතර කිරි නිෂ්පාදන සැපයුම් දාමය තුළ ගොවිපොළ පලදායීත්වය සහ කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ගුණාත්මකභාවය වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී තිබේ.
 
කිරි ගොවීන්ට සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය ගුණාත්මකභාවයෙන් ඉහළ යෙදවුම්වලට ප්‍රවේශ වීමේ සේවා ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම, කිරි ගොවිපොළ කළමනාකරණය සඳහා සුදුසු නව ක්‍රමවේද හඳුන්වාදීම, කිරි ගොවිපොළ පවත්වාගෙන යෑම, 
 
කිරි එක්රැස් කිරීම හා ප්‍රවාහනය සහ අනෙකුත් සියලු අංශවලට අදාළව ගුණාත්මකභාවය සහ සනීපාරක්ෂක ක්‍රමවේද වැඩි දියුණු කිරීම, කිරි නිෂ්පාදන අලෙවිය වැඩි කිරීම සඳහා තොරතුරු තාක්ෂණය සහ ජංගම දුරකතන භාවිතය සහ ඒ ආශ්‍රිත නව ක්‍රමවේද සැකැසීම සහ කිරි නිෂ්පාදන අංශය තුළ මූල්‍ය සම්පාදනය සහ ආයෝජන ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ ඉලක්ක වී තිබේ. 
 
උතුර, වයඹ, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව යන පළාත් මෙම ව්‍යාපෘතියේ ඉලක්ක ගත කලාප බවට පත්ව තිබේ.
 
ෆ්ලෝරීඩා විශ්ව විද්‍යාලය, සර්වෝදය සහ ‘ග්ලෝබල් ඩයරි ප්ලැට්ෆෝම්’ මෙම ව්‍යාපෘතියේ උප පාර්ශවකරුවන් වන අතර සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලය, කිරි ගොවිපොළ සංවර්ධනය පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව, කිරි පිරිසැකසුම් සමාගම්, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ජාතික කිරි නිෂ්පාදන සංගමය, ඩයලොග් ආසියාටා සමාගම, ඕවර්සීස් ප්‍රයිවට් ඉන්වෙස්ට්මන්ට් කෝපරේෂන් සහ මෙරට බැංකු සහ තවත් පිරිස් කිහිපයක් මෙම ව්‍යාපෘතියේ හවුල්කරුවෝ වී සිටිති. 
 
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (4)

වෙළෙඳපොළ ඉලක්ක කරගත් කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය දියත් කෙරේ

Lalith Sunday, 20 May 2018 01:13 PM

කිරිගොවියෝ පුහුණු කරන්නෙත් ඔය හෝටලේමද නැතිනම් වෙන හොටලේකද?

:       6       3

akila Monday, 21 May 2018 04:01 AM

මොනවද දන්නේ නැහැ මේ කිරි නිෂ්පාදන? අගමැතිවත් දන්නවද දන්නේ නැහැ. මෙතැන මොකක්ද වෙන්නේ කියලා?

:       3       1

de silva Monday, 21 May 2018 06:26 PM

ඔන්න තවත් ප්‍රෝඩාවක් ,

:       1       5

wik Tuesday, 22 May 2018 05:31 AM

හැම එකටම බනින්නේ නැතුව ඔය ගේන හැම ව්‍යාපෘතියකින්ම පුළුවන් තරම් හුරලා ගන්න තියන දෙයක් ගන්න. ඔය කව්රු ආවත් සර්ව සම්පුර්ණ ව්‍යපෘති එන්නෙත් නැහැ ගේන්නෙත් නැහැ . මිනිස්සු වන අපි දැනගන්න ඕන ඔය එන ඒවගෙන් හුරලම ගන්න. . . නැතුව බන බන ඉන්නේ නැතිව

:       0       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site