X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ශ්‍රිලන්කන් ගුවන් සේවයට සම්මානයක්

 

(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය දරන ලද උත්සාහයට ඇපෙක්ස් ගෝලීය සම්මානය හිමි වී තිබේ .

මෙම සම්මාන උළෙල ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර සම්මේලන මධ්‍යස්ථානයේ දී  සැප්තැම්බර් 9 වැනි දා සිට 12 වැනිදා දක්වා පැවත්වා තිබේ.

ඇපෙක්ස් සංවිධානය යනු ගුවන් සේවා සමාගම් , ගුවන් සේවා සැපයුම්කරුවන් සහ ගුවන් සේවා ක්ෂේත්‍රයට අදාළ සමාගම් එක්ව පිහිටුවා ගෙන ඇති ලෝකයේ එකම ලාභ නොලබන සාමාජික වෙළෙඳ සංගමයයි .

මෙම තරගාවලිය සඳහා ලොව ප්‍රමුඛතම ගුවන් සේවාවන් වන කටාර් ගුවන් සේවය, වර්ජින් අත්ලාන්තික් ගුවන් සේවය ආදියේ ක්‍රියාකාරකම් ඇගැයීමකට ලක්කර තිබිණි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පසුගිය වෙසක් උළෙල මුල් කරගනිමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ , පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්තවල  සංවිධානය කර තිබූ වෙසක් දන්සල් සහ වෙසක් භක්ති ගීත ගායනා වැඩසටහන මෙම ලෝක ගුවන් සේවා සංගමයේ ඇගැයීමට ලක් වී තිබිණි .

මෙම වැඩසටහන් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන්, ගුවන් නියමුවන්, ගුවන් යානා කාර්යය මණ්ඩල සාමාජිකයන්, ඉංජිනේරුවරුන්, විගනකවරුන් මෙන්ම ගුවන් යානා අභ්‍යන්තර පිරිසිදු කරන්නන් ද සහභාගී වී සිටියහ .

මෙම සම්මානය ඇපෙක්ස් සංවිධානයේ ප්‍රධාන වානිජ නිලධාරී ජෝෂුවා බුස්ටෝස් මහතා අතින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත ප්‍රදානය කර තිබේ .



අදහස් (22)

ශ්‍රිලන්කන් ගුවන් සේවයට සම්මානයක්

sandy123 Wednesday, 18 September 2019 05:24 AM

උණුසුම් සුභ පැතුම් ....

:       78       7

Anura Wednesday, 18 September 2019 08:46 AM

මේ අය සුද්දන්ට නම් හොඳට සලකනවා. ලංකාවේ අපිට නම් සැලකිලි අඩුයි.

:       32       405

RaveendraWednesday, 18 September 2019 10:49 AM

ඔබගේ අදහස් සමග අප 200%ක් එකඟ වන්නෙමු. මේ නෝනලා හිතාගෙන ඉන්නේ එ් ගොල්ලන්ගේ මුදලින් අපි "මේ අහස් යාත්‍රාවල" පිනට ගමන්කරනවා කියලා. වැඩිපිරිසකගෙන් ලාංකීය මගීන්ට ආචාරශීලිභාවයක් නැහැ. විශේෂයෙන් මැදපෙරදිග ගමන්කරන අපේ ගුවන්සේවයේ. අවාසනාවකට මේ ගුවන්සේවක සේවිකාවන් දන්නෙත් නැහැ මැදපෙරදිග සේවය කරන මිනිසුන්ගේ දුක්කඳුලුවලින් තමයි මුළු ලංකාවම වෙල් තුන ගිලින්නේත් කියලා නමුත් ඒ පිරිස්වලටමයි අඩු සැලකිලි...

:       0       412

upaliWednesday, 18 September 2019 11:27 AM

ඔව්, විශේෂයෙන්ම ගල්ෆ් රටවල්වල ඉන්න ජනතාවට.

:       3       170

janahithaWednesday, 18 September 2019 07:36 PM

හැමෝම එහෙම නැහැ. කිහිප දෙනෙක් ඉන්නවා කොළඹ හතේ පාසල් වලින් ආපු.

:       0       31

samSaturday, 28 September 2019 12:05 AM

එකඟ නැහැ. බොහෝවිට අනිත් පැත්ත. එකපාරට දෙයක් ලැබුණාම ඔලුවට ගහන්නේ කාගේද?

:       0       0

නිල් බලකායThursday, 19 September 2019 10:27 AM

ගොඩක් ගුවන් සේවිකාවන් නිල් බලකායේ අයයි.

:       246       162

samSaturday, 28 September 2019 12:01 AM

අහන්න දෙයක් නැහැ මැද පෙරදිග තමයි ඔවුන්ට කරදරම ගමනාන්තය... අපේ උදවියගෙන් නැග්ග පටන් ඉල්ලීම්ම තමයි..

:       0       0

janahitha Wednesday, 18 September 2019 10:48 AM

එහෙම නැහැ ආගන්තුක සත්කාරය වැඩියෙන් කරනවා. මේ ගුවන් තොටේ ඉස්සර වෙසක් වලටවත් බකට් එල්ලන්න බැරි වුණු බුදු පිළිමයක් තියන්න බැරි වුණු සාම චෛත්‍ය යෝජනා වුණු ගමන් යටගිය එක්තරා ඉංජිනේරුවෙක් සහ අන්‍ය ආගමක බලධාරින් නිසා නමුත් මේ තත්වය දැන් වෙනස් වී ඇත. නමුත් පරිපාලනය බිඳ වැටී ඇත. බස් නැවතුමක් තරමටවත් පෙනුමක් නැතිවන ලෙස දැන්වීම් ගසා වනසා ඇත. නාම පුවරුද ජාත්‍යන්තර තත්වයේ නැහැ පිත්ත ඉදිකිරීම් සියල්ල සිංහල සංස්කෘතියෙන් පිට ආරුක්කු ඉදිකළ එළියේ අරාබි ආකෘතියක් ලෙස මගී ආවරණයක් ඉදිකරලා ඇති මේ ඔක්කොම ඡන්දෙ ලබාගන්න කරපු පාවාදීම ලෙස දකිමු.

:       15       139

පුරවැසියා Wednesday, 18 September 2019 11:02 AM

ඇපෙක්ස් සංවිධානය යනු ගුවන් සේවා සමාගම්, ගුවන් සේවා සැපයුම්කරුවන් සහ ගුවන් සේවා ක්ෂේත්‍රයට අදාළ සමාගම් එක්ව පිහිටුවා ගෙන ඇති "ලෝකයේ එකම ලාභ නොලබන සාමාජික වෙළෙඳ සංගමයයි. ඒ වගේම ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් ලාභ නොලබන ජනතාවගේ බදු මුදලින් පවත්වාගෙන යනු ලබන ගුවන් සේවා ආයතනයකි.

:       18       220

chandima Wednesday, 18 September 2019 01:48 PM

මේ පාර සම්මාන දීලා අලුත් යානා අැණවුම් කරවන්න හදන්නේ...

:       3       72

janahitha Wednesday, 18 September 2019 07:33 PM

අලුත් යානා හය ඇනවුම් කර තිබුන එක අතරමග නතර කරලා ඒකෙනුත් ප්‍රකෝටියක් වංචා කළ බව දන්නේ නැතිද ? සියලු කරුණු ප්‍රශ්න කළේ කබීර් ඇමතිතුමා. ඔහුගෙන් දැන ගන්න ඉපැරණි ශ්‍රී ලංකන් වසා දැමීමට කිසිවෙකුටත් නොහැකියි. පාලනය කළ නොහැකියි. සොරුන් ජනවාරි 1 දින වනවිට ඉවත්වී ය යුතුයි.

:       0       54

samSaturday, 28 September 2019 12:09 AM

අලුත් යානා නැතුව පාඩුයි. අපේ තියන පරණ ඒවායේ තෙල් වැඩකරන්නේ නැහැ. මේක තමයි ණයවලට අමතරව තියන ලොකුම ප්‍රශ්නය...

:       0       0

Nimal Wednesday, 18 September 2019 03:21 PM

මේ ගොල්ලෝ පහුගිය කාලේ ගත්තු සම්මාන කන්දරාව නිසා අපිට දැන් ඔලුව උස්සගන්නත් බැරි වෙලා තියෙන්නේ.

:       0       26

sandy123 Wednesday, 18 September 2019 03:35 PM

වැරදි කොතකුත් ඇතත්, ජයග්‍රහණයක් භුක්ති විඳින්නත්, පරාජයකින් පෝෂණය ලබන්නත් අප පුරුදුවිය යුතුයි. අපේ ජනතාව ළඟ නැත්තෙත් එයමයි.

:       146       2

janatha anura Wednesday, 18 September 2019 07:34 PM

රට වැනසූ පල් හොරුන් පන්නා දමමු.

:       0       23

janahitha Wednesday, 18 September 2019 07:40 PM

ලොව වටා යානා අපේ කාන්තාවන් අගය කළයුතු වෙනවා. ශ්‍රී ලංකන් අපේ ගුවන් සේවාව පිටරටකදී දකින එක ගැන අපිට ගැන ආඩම්බර වෙන්න පුළුවන්. තම රටේ ගුවන් සේවාවේ නොයන මුදල් ගැන හිතන පිරිසකුත් ඉන්නවා.

:       3       23

janahitha Wednesday, 18 September 2019 07:42 PM

මෙතන ඉන්න බොහොමයක් ම ගුවන් තොටුපළේ වැඩකරන කාලයේ 1986 දී පමණ වයස 19 , 20 ගැහැණු ළමුන් දිගටම අත නොහැර ශ්‍රී ලංකන් සේවයේ යෙදෙන ඔබලා අගය කරමි.

:       6       14

saman perera Saturday, 21 September 2019 12:29 PM

ගොඩක් ගුවන් සේවිකාවන් ලංකාවේ මැදපෙරදිග සේවය කරන අයව ගණන් ගන්නේ නැහැ. එයාලගේ ගණන් තමා බලන්න වෙන්නේ.

:       0       119

Kumar Saturday, 21 September 2019 03:03 PM

මම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන් කරලා නම් නැහැ. කටුනායකින් පිටත්වෙන සෑම අවස්ථාවකම ගුවන් තොටුපොළ ඇතුලේ සිටින එම ගුවන් සේවයේ නිළධාරීන් අපට බොහොම හොදට සැලකුවා. 1980 මගේ උසස් අධ්‍යාපනය අවසන් කර ලංකාවට පැමිණියේ එවකට තිබු එයාර් ලංකා ගුවන් සේවයෙන්.

:       8       0

Perera Sunday, 22 September 2019 08:28 AM

සම්මාන ලැබුණට ලාභ ලබාගන්න බැරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය දුවන්නේ මහා භාණ්ඩාගාරයේ රටේ මහාජනතාවගේ මුදල් වලින්නේ...

:       0       17

bandula Sunday, 22 September 2019 09:14 AM

සිංහලෙන් කතා කලොත් සැළකිල්ල බොරු

:       0       93

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site