ඉන්දීය රජය ජාත්‍යන්තර වාණිජ මගීන් ගුවන් සේවා සඳහා රට නැවත විවෘත කිරීමත් සමඟ 2022 මාර්තු මස 27 සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගීන්ට ඉන්දියාවේ සිට කොළඹට සහ ඉන් ඔබ්බට පියාසර කිරීමට හැකියාව ලැබී ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
COVID පැතිරීම වැළැක්වීම සඳහා ඉන්දියාව 2000 මාර්තු මාසයේ සිට ඉන්දියාවට සහ ඉන් පිටතට වාණිජ ගමන් සීමා කරන ලදී. ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල් අතර ගුවන් ගමන් ආරක්ෂිත බුබුලු ආකාරයෙන් සහ විවිධ සෞඛ්‍යාරක්ෂිත නියාමනයන්ට අනුකූලව සිදුවිය. මේ මස අවසානයේදී ඉන්දියාවේ ජාත්‍යන්තර වාණිජ ගුවන් සේවා යථා තත්ත්වයට පත්වීමත් සමඟ වසංගතයට පෙර මගීන් පුරුදුවී සිටි පහසු සහ නම්‍යශීලී ගුවන් ගමන් එලෙසින්ම අපේක්ෂා කළ හැකිය.
ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන් ගන්නා ගුවන් මගියකුට කොළඹ හරහා ඕනෑම ඉන්දියානු ගමනාන්තයකට ගමන් කිරීමේ පහසුකම සැලසෙනු ඇත. ඊට අමතරව ඉන්දියානු ගමනාන්ත හරහා ශ්‍රී ලංකන් ගුවන් ගමන් ජාලයේ ඕනෑම ජාත්‍යන්තර ගමනාන්තයකට යාමට මගීන්ට අවස්ථාව සැලසේ. තවද ලොව ඕනෑම තැනක සිට ගුවන් ප්‍රවේශ පත්‍රයක් වෙන්කරවා ගන්නා මගීන්ට කොළඹ හරහා ගුවන් සමාගම පියාසර කරන ඉන්දියානු නගර නවයකට පහසුවෙන් සම්බන්ධ විය හැකිය. ශ්‍රී ලංකන් දැනට දිල්ලි, මුම්බායි, හයිද්‍රාබාද්, ත්‍රිවාන්ද්‍රම්, කොචි, චෙන්නායි, ට්‍රිටි, මදුරෙයි සහ බැංගලෝර් යන ඉන්දියානු ගමනාන්ත වෙත සතිපතා ගුවන් ගමන් 55ක් සිදු කරයි.
කෙසේ වෙතත් එළඹෙන ගිම්හාන සමය සඳහා පූර්ව COVID මට්ටම්වලට ගැළපෙන පරිදි සතිපතා ගුවන් ගමන් 88ක් සමඟින් එහි මෙහෙයුම් දෙගුණ කිරීමට ගුවන් සමාගම සැලසුම් කර තිබේ. ඉන්දියානු ගුවන් ගමන් සීමා කිරීම් ඉවත් කිරීමත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් ගමන් වාර ගණන පුළුල් කිරීම හැකියාව ලැබී ඇති අතර එමගින් මගීන්ට පහසු සම්බන්ධතා ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ. තවද ශ්‍රී ලංකන් ගුවන් සේවය මගීන්ට වැඩිදියුණු කළ ගුවන් ගමන් විකල්ප හඳුන්වා දෙමින් ඉන්දියාව සහ මාලදිවයිනේ ගමනාන්ත සම්බන්ධතාව වැඩිදියුණු කරමින් මෙන්ම ඈත පෙරදිග, මැද පෙරදිග, යුරෝපය සහ ඕෂනියාව වෙත පහසු ගුවන් ගමන් විකල්ප ද ගුවන් සේවය හඳුන්වාදී තිබේ.
-සටහන- චමින්ද මුණසිංහ
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගීන්ට ඉන්දීය ගමනාන්ත විවෘත වෙයි